තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද&#3530

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද&#3530

    තම මතය තහවුරු කිරිමට බැක්ටිරියා බිව් වෛද්‍යවරයා.

    වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව සිදුකරපු පුදුමාකර පරික්ෂණ ගැන මිට පෙරත් කතා කලානේ. මෙවර කතා කරන්න යන්නේ එවැනි තවත් පුදුමාකර පරික්ෂණයක් ගැන.


    A1KWqMA.jpg

    ග්‍රැස්ට්‍රයිටිස් ගැන නොදන්න කෙනෙක් නැනේ. ඒ වගේම ඔයාලා අහලා ඇති ආමාශයික තුවාල
    ( stomach ulcer/peptic ulcer) ගැනත්. මෙම තුවාල ඉතා වේදනාකාරියි. මෙම තුවාල (Ulcer) පිලිකා තත්ත්ව ඇතිකිරිමට පවා දායක වනවා.

    1980 දශකයේ මුල්ම කාලයේදි, ඔස්ට්‍රේලියානු ජාතික වෛද්‍ය බැරි මාර්ෂල් මහතා, වෛද්‍ රොබින් වොරන් සමග එක්ව ගැස්ට්‍රයිටිස් හා ulcer සම්බන්දව පරික්ෂණ මාලාවක් සිදුකරනවා. මෙහිදි ඔවුන් ආමාශයික තුවාල ඇති රෝගින්ගෙන් සාම්පල ගෙන පරික්ෂා කරනවා. එහිදි ඔවුන්ට අවබෝධ වන්නේ, එම සැම රෝගියකුගේ ආමාශයේම යම් බැක්ටිරියාවක් වර්ධනය වි ඇති බවයි. එම බැක්ටිරියාව වෛද්‍ය මර්ෂල් විසින් Helicobacter pylori ( H.pylori) ලෙස නම් කරනවා. ආමාශයික තුවාල මෙන්ම පිලිකා ඇතිකිරිමටද H.pylori බැක්ටිරියාවේ සහසම්බන්දයක් ඔවුන් සොයාගන්නවා. මෙම තුවාල ප්‍රතිජිවක මගින් සුවකල හැකි බවත් ඔවුන් තවදුරටත් කියා සිටිනවා.

    වෛද්‍ය මාශල්
    nwsaswj.jpg



    වෛද්‍ය රොබින්
    SxIBTsB.jpg

    නමුදු මෙම සොයාගැනිම පිලිගැනිමට එවකට වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් මැලිකමක් දැක්වූවා. ආමාශයේ ඇති අධික ආම්ලික තත්ත්ව යටතේ බැක්ටිරියා වර්ධනය විය නොහැකි බව ඔවුන්ගේ මතය වූවා. වෛද්‍ය මර්ෂල්ගේ සමීපතමයින් පවා මෙම පරික්ෂණය අත්හරින ලෙස කියාසිටියේ,කාලය අපතේ යැවිමක් බව පවසමිනි.

    H.pylori
    soT3Yh2.jpg

    වෛද්‍ය මර්ෂල් හා වොරන් මුහුණ දුන් තත්ත්වයට සමාන තත්ත්වකට මුහුන දීමට ග්‍රීක ජාතික වෛද්‍ය ජෝන් ලයිකොවුඩිස් හටත් සිදුවුනා. 1950 දශකයේ අගභාගයේ සිටම, වෛද්‍ය ලයිකොවුඩිස් ආමාශයික තුවාල සදහා ප්‍රතිකාර කිරිමට ප්‍රතිජිවක බාවිතා කලා. නමුත් එරට සෞඛ්‍ය අංශ සමග ඇතිවු අර්බුද නිසා ලයිකොවුඩිස්, ආමාශයික රෝග සදහා ප්‍රතිකාර කිරිම අත්හැර දැමුවා.

    වෛද්‍ය මර්ෂල් විසින් ඌරන් හා මී්‍යන් යොදාගෙන පරික්ෂණ කිහිපයක් සිදුකලත් ඒවායේ ධනාත්මක ප්‍රතිපල පෙන්වූයේ නැ.කෙසේ වෙතත් තම පරික්ෂණය අපතේ යැවිමට අකමැති වූ ඔහු, තමා විසින්ම පරික්ෂනයට බදුන් විමට තිරණය කලා.

    ඒ අනුව 1984 වසරේ දිනකදි, වෛද්‍ය මර්ෂල් විසින් H.pylori බැක්ටිරියාව අඩංගු ද්‍රාවණයක් පානය කලා. එම ද්‍රාවණය පානය කිරිමෙන් දින කිහිපයකට පසුව ඔහුගේ ආමාශයේ ulcer ඇතිව තිබෙනවා. පසුව සිදුකල එන්ඩස්කොපි පරික්ෂණ වලදි H.pylori බැක්ටිරියා කොලණි ආමාශය තුල ඇතිව ඇති ආකාරය නිරික්ෂණය කිරිමට සමත් වූවා. දින 14 කට පසුව වෛද්‍ය මර්ෂල් විසින් ප්‍රතිජිවක භාවිතය ආම්භ කල අතර, ඔහු එම ප්‍රතිකර වලින් පූර්ණ සුවය ලැබුවා.

    මෙම පරික්ෂණයෙන් පසුව, වෛද්‍ය මර්ෂල් H.pylori පිලිබද අනාවරණය කරගත් තොරතුරු පිලිබදව ලෝ පුරා වෛද්‍ය විද්වතුන්ගේ දෑස් යොමුවුනා. ඒ අනුව අද වන විට H.pylori බැක්ටිරියාව පිලිබදව ලොවම දැනුවත්.

    නොබෙල් ත්‍යාගය දිනාගත් අවස්ථාව
    NFuV4nH.jpg


    මෙම වැදගත් සොයාගැනිම වෙනුවෙන් වෛද්‍ය බැරි මර්ෂල් හා වෛද්‍ය රොබින් වොරන් හට 2005 වෛද්‍ය විද්‍යාව නොබෙල් ත්‍යාගය ද පිරිනමනු ලබනවා.

    "everyone was against me, but I knew I was right."


    - රොෂින් ප්‍රනාන්දු

    ජනේලය බ්ලොග් අඩවිය
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    You must spread some Reputation around before giving it to Dr.Rosheen again.