තම මවට මරණ තර්ජන සිදු කර බරපතළ ලිංගික අපයෝජනය කළේ යැයි තරුණයෙකු ඊයේ (මාර්. 6) අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 20ක් වන කළුතර උතුර, ඇළමෝදර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මාර්තු 4 වන දා රාත්රියේ සැකකරු විසින් 59 හැවිරිදි වියේ පසුවූ මවට බරපතළ ලිංගික අපයෝජනය කරනු ලැබ ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
මෙම කාන්තාව අසනීප තත්ත්වයක් හේතුවෙන් හොරණ දිස්ත්රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත රෝහල විසින් පොලිසියට කරන ලද දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාවගේ සැමියා මිය ගොස් ඇති අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ මෙම කාන්තාවගේ වැඩිමහල් පුත්රයා නිවසේ සිට තිබේ.
කෙසේ වෙතත්, ඔහු මානසික අබාධයකින් පෙළෙන බැවින් ඊට අදාළ ඖෂධ පානය කර නින්දට ගොස් සිට ඇත.
ඇයට තව දියණියක ද සිටින අතර ඇය යාබද නිවසකට පාඩම් කිරීමට ගොස් සිට ඇති බව පොලිසිය පැවසීය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු කලකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිව සිට ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් මතකයේ නොමැති බවට ප්රකාශයක් ලබා දී ඇති බව ත් ය.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.