තයිරොයිඩ් ග්‍රන්ථිය ~
තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ අපගේ වර්ධනයට, පරිවෘත්තීය ක්‍රියාවන්ට, වැඩිවියට පත්වීමට උදව් වෙන ආදී වශයෙන් වන කාර්යයන් රාශියක් ඉටු කරන ඉතා වැදගත් ග්රන්ථයකි. එය අයත් වන්නේ අන්තරාසර්ග පද්ධතිය නොහොත් නිර්නාල ග්‍රන්ථි සමූහයටයි. අනෙකුත් සියළු නිර්නාල ග්‍රන්ථි මෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ද තමන් නිපදවන හෝර්මෝන ස්‍රාව කෙළින්ම රුධිර පද්ධතියට මුදා හරියි.
තයිරොයිඩ් ග්‍රන්ථිය මිලිග්‍රෑම් 60 ක් පමණ බර වූ අපගේ ගෙළෙහි ස්වරාලයට පහළට වන්නට පිහිටා ඇත. අප ගන්නා ආහාරවල අඩංගු අයඩීන් පෝෂකය උකහාගෙන එය තයිරොයික්සීන් :ඊ4- සහ අයඩොතයිරොනීන් :ඊ3- යන තයිරොක්සීන් හෝර්මෝන නිෂ්පාදනයට යොදා ගැනේ. අපගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා අතිවිශාල කාර්යභාරයක් ඉටු කරන මෙම ග්‍රන්ථිය විවිධ ගැටලු රාශියකට ද මුහුණ දෙයි. ඒවා අතර ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් මෙසේය,
~වායුගෙඩි :ගලගණ්ඩය- හෙවත් ගොයිටරය
මෙලෙසින් හඳුන්වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වීමය. රූපය අවලක්ෂණ කරන නිසා හෝ ගෙල ප්‍රදේශයේ ඇති අනෙකුත් අවයවවල ක්‍රියාකාරීත්වයට බාධා කරන නිසා විශේෂයෙන්ම ශ්වසනයට සහ ආහාර ගිලීමට බාධා කරන නිසා විශාල වූ තයිරොයිඩ් ග්‍රන්ථිය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමට පියවර ගැනේ.සමහර අවස්ථාවලදී තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීම ඇතුළතට පපුව තුළට වීම- වීම නිසාද ගැටලු ඇතිවෙයි.
~අති තයිරොයිඩතාව (Hyperthyroidism)
මෙම තත්ත්වයේදි ස්රාවය වන තයිරොයිඩ් හෝර්මෝන ප්‍රමාණය ඉහළ යැවෙයි. මූලික වශයෙන් ගත් කළ තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝර්මෝන හැඳින්වෙන්නේ තයිරොක්සීන් ලෙසයි. හද ගැස්මේ වේගය ඉහළ යාම, අධි ස්පන්දනය, බඩ බුරුලට යාම, ආමාශ - ආන්ත්රික චලතාව වෙනස්කම්, උණුසුම් බවක් දැනීම, උත්කෝපනය නොසන්සුන් බව, ශරීර බර අඩුවීම ආදී තත්ත්වයන් අත්දැකීමට අතිතයිරොයිඩතාව සහිත රෝගීන්ට සිදු වෙයි.
අති තයිරොයිඩතාව සහිත රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් විකිරණශීලි අයඩීන් සහ ඖෂධ ලබාදීම මෙන්ම ශල්‍යකර්මයන්ට ලක් කිරීම ද සිදු කරයි.
~මන්ද තයිරොයිඩතාව (Hypothyroidism)
මෙම තත්ත්වයේදී තයිරොයිඩ් ග්‍රන්ථිය නිපදවන හෝර්මෝන ප්‍රමාණය අඩු වීමක් දැකිය හැකිය. මෙහිදී රෝගියා අකර්මන්‍ය, සෙමෙන් වැඩ කරන, අමතක වීම සුලබ, ශරීර බර වැඩිවීම, ඇඟට සීතල දැනීම, මානසිකව ඇද වැටීම, මල බද්ධය, බඩ වේලීම සහ කෙස් වැටීම වැනි තත්ත්වයන්ට මුහුණ දෙයි. තවද තයිරොයිඩතාව ගර්භණීභාවය සමඟ ද පැවතිය හැකිය.
මන්ද තයිරොයිඩතාවයේදී ප්‍රතිකාර වශයෙන් කෘත්‍රිමව තයිරොක්සීන් ලබා දීම සිදු කෙරේ. සම්මත මාත්‍රාවෙන් ලබාගත හොත් මෙම ඖෂධ දීර්ඝකාලීන වශයෙන් ගැනීමෙන් පවා හානියක් සිදු නොවේ.
~තයිරොයිඩ් ප්‍රද්‍රහය
තයිරොයිඩ් ග්‍රන්ථියට බලපාන ප්රද්රහමය තත්ත්වයක් වන මෙහිදී උණ, වේදනාව මෙන්ම මන්ද අති තයිරොයිඩතාව ලක්ෂණ ද යම් ප්‍රමාණයකට පැවතිය හැකිය.
~තයිරොයිඩ් පිළිකාව
උගුර බැරැන්ඩිය, ගෙළ ප්‍රදේශයේ වේදනාව, වසා ග්‍රන්ථි ඉදිමීම වැනි ලක්ෂණ සමහර තයිරොයිඩ් පිළිකා තත්ත්වයන්දැකිය හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටිති ඇති වීම මෙහි ප්‍රධාන ලක්ෂණයක් විය හැකිය. නමුදු බොහෝ ගැටිති පිළිකාමය නොවන අහිංසක තත්ත්වයන්ය. මෙහෙයින් තයිරොයිඩ් ගැටිති බයොප්සි පරීක්ෂණයකට ලක් කර ඇත්තේ පිළිකාවක් ද නැත්ද යන්න සොයා බැලීම වැදගත්ය.
මෙයට අමතරව ඔසප් චක්‍රයේ වෙනස්කම් ඇතිවීම, අවධානය යොමු කළ නොහැකි වීම, ශරීරයේ තැන තැන වේදනා හා කැක්කුම් දැනීම, තරල රැස් වීම නිසා ඇඟ මහත්වීම, බර වැඩිවීම හා දුර්වලතාව, අතපය ගැසීම ආදිය ද තයිරොයිඩ් ආබාධ හේතුකොට මතුවිය හැකි අනෙකුත් ලක්ෂණයි.
තයිරොයිඩ් පිළිකාවේදී උපද්‍රවයට පත් කොටස් හා අනෙක් අවට කොටස් ඉවත් කිරීම හා පිළිකාව සඳහා වන වෙනත් ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ නොසලකා හැරියහොත් දීර්ඝකාලීනව ගැටලු ඇතිවෙයි. කෙස් වැටීම, මනෝභාවය බිඳ වැටීම, හෘද රෝග, නොසන්සුන් බව ඇතිවීම එයට උදාහරණයි
~තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇතිවීම
ගලගණ්ඩකාරක ආහාර ලෙස සැලකෙන ගෝවා මල්, ගෝවා, සෝයා, ඉස්සෝ හා කකුළුවන් වැනි ආහාර ගැනීම තදින්ම සීමා කළ යුතුයි.රෝගියාගේ බර හා රෝග තත්ත්වය සලකා බලා ප්‍රෝටීන් බහුල මේදය අඩු ආහාර වේලක් ගැනීමට යොමු කළ හැකිය.
තයිරොයිඩ් ආබාධ සහිත රෝගීන්ගේ බර අඩු වැඩි වීම් සිදුවන නිසා කායික ව්‍යායාම සිදු කිරීම ද අවශ්‍යය අතර මිනිත්තු 45 ක් පමණ ව්‍යායාම සඳහා දෛනිකව වැය කළ හැකිනම් යහපත්ය. එසේම යෝග ව්‍යායාම හා භාවනාවන් හි යෙදීම ද මෙහිදී සුදුසුය.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ඇති වීම වැළැක්වීමට නම් ආහාරවේල තුළට අයඩීන් ලුණු මිශ්‍ර කිරීම වැදගත්ය. නිරාහාරව හෝ ර්උපවාස ආහාර” ගැනීම සිදු නොකළ යුතුය. ගෙල ප්‍රදේශය අනවශ්‍ය ලෙස එන්නත් කරණයට ලක් කිරීම ද නොකළ යුතුය.
තයිරොයිඩ් ඖෂධ නොයෙකුත් අතුරු ආබාධ ඇති කළ හැකි නිසා ඒවා වෛද්‍ය උපදෙස් මත නිසි ප්‍රමාණයෙන් ගත යුතු අතරම නොකඩවා භාවිතය ද ඉතා වැදගත්ය.
උපුටා ගන්නා ලදී~