තරගෙට රට වැනසූ UNP + JVP

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
තරගෙට රට වැනසූ UNP + JVP

1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

RajivGandhiassaulted1987.jpg


ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

11913981_1615663852027190_3299889187409272069_n.jpg


ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

10418508_1432400390353538_7469600210367437968_n.jpg


තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

10300670_1432429853683925_6421104576340144162_n.jpg


ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

10424272_1437609719832605_46353536837358320_n.jpg


එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

10522659_1442582769335300_4850830303450444666_n.jpg


ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

10500565_1442257206034523_5372833439880484427_n.jpg


11828788_1614192958840946_5045258307155108580_n.jpg


ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

10257448_1432402340353343_1095147575415137706_n.jpg


ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

10382144_1432399913686919_2984519395463472203_n.jpg


රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

10346636_1432706646989579_8252572505824360070_n.jpg


මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

11146108_1597695900490652_8311407533072121137_n.jpg


පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

11252589_1597696363823939_8412981087663131100_n.jpg


ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

10154909_1597698603823715_3555804847114268954_n.jpg


ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

10338875_1432400767020167_832808612173710478_n.jpg


ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

prra-victim-dec-1988.jpg

1530324_1432402893686621_7196848448243172625_n.jpg


මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

1897934_1597694760490766_2664008821331362736_n.jpg


එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

10441343_1432402537019990_8004338653872263999_n.jpg


මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" අතින් සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

10343520_1432402757019968_4893908457983254768_n.jpg


එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
...[/ATTACH]​

කාටුන් එක අන්දපු එකාගේ මොලේ තරම පේනවා. පොඩ්ඩක් ඔයාල බලපන් 71දී රජයෙන් ඔහොම දේවල් කෙරෙව්වද කියල. එක මාස 3ක් තිබ්බ කැරැල්ලක් විතරයි. අහු වෙච්ච අය මැරුවේ නෑ. වෙඩි තියාගෙන පොලීසි අල්ලන්න ආපු ය තමයි මරුනේ.

මනම්පෙරිව මැරුවේ 88දී වගේ ඇමතිලා කියල නෙවෙයි. එක කරපු අයට දඬුවම් දුන්නා.
 

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද රතු පස්වල,කටුනායක, ලසන්ත, ප්‍රදීප් මිනීමැරුවා වෙන්න පුලුවන්, හොරකන් කලා වෙන්න පුලුවන්, ඒත් රනිල්,ජේවීපි කල විනාසෙන් 1%ක්වත් කරල නෑ. තව අවස්තාවක් දෙනව නම් වඩාත් සුදුසුකම් තියෙන්නෙ මහින්දට විතරයි.

    මිනී 60000ක් පරපු ජේවීපීද, යූඇන්පීද? එහෙම නැත්නම් මිනී 10-15ක් මරපු මහින්දද?ඔය එකෙක්වත් සුදනො නෙමේ ඒත්, වඩා අඩු නරක ඇත්තෙ කාටද?..:D
     
    • Like
    Reactions: mayson baas

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද රතු පස්වල,කටුනායක, ලසන්ත, ප්‍රදීප් මිනීමැරුවා වෙන්න පුලුවන්, හොරකන් කලා වෙන්න පුලුවන්, ඒත් රනිල්,ජේවීපි කල විනාසෙන් 1%ක්වත් කරල නෑ. තව අවස්තාවක් දෙනව නම් වඩාත් සුදුසුකම් තියෙන්නෙ මහින්දට විතරයි.

    මිනී 60000ක් පරපු ජේවීපීද, යූඇන්පීද? එහෙම නැත්නම් මිනී 10-15ක් මරපු මහින්දද?ඔය එකෙක්වත් සුදනො නෙමේ ඒත්, වඩා අඩු නරක ඇත්තෙ කාටද?..:D





    මාත් කියන්නේ ඕකමයි මචන්.ඒ උනාට මේකේ ඉන්න ප්‍රබාකරන්ගේ ශුක්‍රානු වලින් ජාතක උන සෙට් එක ඒවා පිළිගන්නේ නෑ.ඒත් ඇත්ත ඒකයි.