තරග පාවා දුන් හිටපු නායකයා ?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    තරග පාවා දුන් හිටපු නායකයා ?

    තිලංගගේ කීමට තරග පාවා දුන් හිටපු නායකයා ? 96 කණ්ඩායමේ ප්‍රමෝද්‍ය මාධ්‍යයට ඇවිත් සියල්ල හෙළි කරයි .!

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලය පුරා ලැබූ පරාජයන් නිරීක්ෂණයේ දී අසාමාන්‍ය, අස්වාභාවික සිද්ධීන් රැසක් දක්නට ලැබෙන බව 1996ලෝක කුසලානය දිනු කණ්ඩායමේ වේගපන්දු යවන්නෙකු වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටිනවා.සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගයකදී වූ සිද්ධියක් මෙන්ම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ප්‍රතිපල ලැබෙන තරගයකට මුහුණ දුන් අවස්ථාවක වූ සිද්ධියක් ද ඔහු මෙහිදී සිහිපත් කළා. කණ්ඩායම් රැස්වීමට පිටස්තර පුද්ගලයෙකු පැමිණීමේ අවස්ථාවක් හා දඹුල්ලේ ක්‍රීඩා කළ කණ්ඩායමක් කොළඹින් තෝරා යැවූ අවස්ථාවක් ගැනත් හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු ද වූ ප්‍රමෝදය වික්‍රමසිංහ කියා සිටියා.
    651872432.jpg

    වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රමෝද්‍ය ‍රසිකයන්ට හොර රහසේ සිදුවූ වංචාව මෙලෙස හෙළිදරව් කළා

    “සිම්බාබ්වේ තරගාවලියේ එක්තරා ටීම් මීටිං එකකට පිටස්තර පුද්ගලයෙක් ටීම් මීටිං එකකට ගෙනල්ලා තියෙනවා,
    හම්බන්තොට තරගයක අපේ හොද පාර්ට්නර්ශිප් එකක් යනවා ලකුණු දෙසීයක විතර (සිවුවෙනි එක්දින තරගයේ ආරම්භක කඩුල්ලේ සබදතාවය)
    එතකොට එක්තරා අදිසි හස්තයක් ක්‍රීඩාගාරයෙන් පිටත කණ්ඩායමේ ක්‍රීඩකයෙක් එක්ක සාකච්ඡා කරනවා, ඊට පස්සේ ඒ පුද්ගලයා ඇවිල්ලා පෑඩ්ස් දාගෙන පන්දුවට පහාර දෙන්න ගිහිල්ලා තියෙනවා, කණ්ඩායමේ පුහුණුකරු හෝ කළමණාකරු මේ පිළිබදව දන්නේ නෑ. ඊට පස්සේ බැලුවහම ලකුණු 350ක් ගහන්න තිබුනු එක කණ්ඩායමේ රේට් එක අඩු වෙනවා.

    angelomathewsreuters.jpg


    (පන්දු වාර 35ක් තුල පළමු කඩුල්ල බිද වැටි යන විට පිටියට එන්නේ නායක මැතිවුස් ය. අවසානයේ පන්දුවාර පනහ තුල අපි ලබා ගන්නේ ලකුණු 300ක් පමණි)
    ඊළගට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට තිබුනු තරගයක පන්දුවාර ගණන අඩු කරනවා,
    අපේ නොම්මර එකේ පන්දු යවන්නට පන්දුවාර තුනක් ඉතිරි වෙලා තියෙනවා, තරගය ඕවර් අටෙන් අපි පරදිනවා”

    ප්‍රමෝද්‍ය විස්තර කළ සම්පූර්ණ වීඩීයෝව පහතින්

    https://www.facebook.com/PageCricketLK/videos/672703239601012/
    http://cricketlk.com/archives/1305
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Oya moda post daala thawa rate inna cricketerslage manasikathwaya kanna epa oi..owa paw wada...
    Bokke cricket fan kenek..