තරග 4යි කඩුලූ 8යි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    තරග 4යි කඩුලූ 8යි

    තරග 4යි කඩුලූ 8යි
    ---වාස්‌ හඬ නඟා (තේරීම් කමිටුවට) කියයි

    p20-1.jpg
    ඉදිරි මස බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන තෙවැනි පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට නම් කරන ලද ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පළපුරුදු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්‌ගේ නම ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර නොගත්තද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිටින (අයි. පී. එල්.) ආන්දොaලනාත්මක පන්දු යවන්නා බවට පත්වීමට හෙතෙම දැන් සමත්ව සිටියි.

    මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග 4 කට සහභාගි වෙමින් කඩුලු 8 ක්‌ දවාගෙන සිටින වාස්‌, තමා තවමත් සිය දක්‍ෂතාවල උපරිම තලයේ පසුවන පන්දු යවන්නකු යෑයි ඔප්පු කිරීමට සමත්ව සිටියි. වාස්‌ගේ මෙම දක්‍ෂතාව මත අයි. පී. එල්. තරගාවලියේ වැඩිම කඩුලු දවා ගනිමින් පෙරමුණේ පසුවන ක්‍රීඩකයා සඳහා පිරිනමනු ලබන "දම් හිස්‌වැසුම"ද තමා සතු කර ගැනීමට සමත්ව සිටියි. කඩුල්ලක්‌ දවා ලකුණු 11 කට ආසන්න සංඛ්‍යාවක්‌ රඳවා තබාගෙන සිටින වාස්‌ගේ අයි. පී. එල් තරගාවලිය තුළදී හොඳම පන්දු යෑවීම වශයෙන් චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 21 කට කඩුලු 3 හැඳින්විය හැක.

    අයි. පී. එල්. තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12 දෙනකු සහභාගි වනු ලැබූ අතර එහිදී වාස්‌ට අමතරව කැපී පෙනෙන දස්‌කම් දැක්‌වීමට මුත්තයියා මුරලිදරන් (තරග 4 කදී කඩුලු 6 ක්‌) සහ ඇන්ජලෝ මැතිව්ස්‌ (තරග 4 කදී කඩුලු 5 ක්‌ සහ පන්දුවට පහර දීමේදී ඉනිම තුනකදී ලකුණු 71 ක්‌) සමත්වී සිටියි.

    තරගයේ යවනු ලබන පළමු පන්දු වාරයේදීම කඩුලු දවා ගැනීමේ හැකියාව ඉතාම විශිෂ්ඨ මට්‌ටමක පවත්වාගෙන යැමට විශේෂ දක්‌ෂතාවක්‌ චමින්ද වාස්‌ සතු බැවින් අදාළ දක්‍ෂතාව පිළිබඳ මේ වන විට ජාත්‍යන්තර විස්‌තර විචාරකයන්ගේද විශේෂ අවධානය වාස්‌ වෙත යොමුවී තිබේ.

    නව පන්දුවේ ඔපයෙන් උපරිම ප්‍රයෝජන ගෙන දොaලනය කිරීම සුවිශේෂී දක්‍ෂතාව ඇති වාස්‌, ලෝක කුසලාන සංචිතයට නම් නොකර තිබීම පිළිබඳව එම විචාරකයෝ විමතිය පළ කරති.

    වාස්‌ නියෝජනය කරනු ලබන ඩෙකෑන් චාජර්ස්‌ සහ කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ කණ්‌ඩායම අතර තරගයෙන් තරගාවලිය අරඹමින් පැවැති තරගයේදී වාස්‌ පළමු පන්දු වාරයේදීම කඩුලු 2 ක්‌ දවා ගැනීමට සමත්වීය. එහිදී මනෝඡ් තිවාරිව සහ හිටපු ඉන්දීය නායක සව්රව් ගංගුලිව ලකුණු ලබා ගැනීමට පෙරම ආපසු හරවා යැවීමට වාස්‌ සමත්විය.