තරඟ පාවාදීම

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    bolai thatha kohamath amanaya

    මට උඹ ගැන ඇත්තටම දුකයි මචං..
    උඹ ගෙදර ඉන්න අර මනුස්සයට තාත්තා කියලා කතාකළාට,
    වෙන මිනිහෙක් ගැනනේ උඹට කැක්කුම තියෙන්නේ..
    පව්..

    වෙලාවක ඒ මිනිහා TV එකේ කතාකරනකොට අම්මට පෙන්නලා අහපං..
    "අම්මේ, අරූ නේද මගේ ඇත්ත තාත්තා..? ඌ නේද පැනලා ගිය පොර..?" කියලා..
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මට උඹ ගැන ඇත්තටම දුකයි මචං..
    උඹ ගෙදර ඉන්න අර මනුස්සයට තාත්තා කියලා කතාකළාට,
    වෙන මිනිහෙක් ගැනනේ උඹට කැක්කුම තියෙන්නේ..
    පව්..

    වෙලාවක ඒ මිනිහා TV එකේ කතාකරනකොට අම්මට පෙන්නලා අහපං..
    "අම්මේ, අරූ නේද මගේ ඇත්ත තාත්තා..? ඌ න්ඒද පැනලා ගිය පොර..?" කියලා..
    :lol::lol::lol::lol:
    අඩෝ මම හිතුවේ මේක මේ ක්‍රිකට් ගැන දාපු නුලක් කියල.
    බැලින්නම් අරුගේ උප්පැන්නේ හොයන්නේ මේක දාලා තියෙන්නේ.
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E

    අර්ජුණට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සන්ගා ෆයිනල් එක ඉවර වෙලා අන්තිමට ජනාධිපතිතුමාගෙ නමයි ඩොක්ටර් එලියන්තගෙ නමයි මතක් කරපු එක...

    සන්ගාගෙ ඉංග්‍රීසි දැනුම ගැනත් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවදත් මන්දා...
    අපරාදෙ අර්ජුණගෙ නමත් මතක් කරානම් සන්ගාට ඔය මුකුත් අහගන්න වෙන්නෙ නෑ....

    අර්ජුණ කරන්නෙ තමන්ට ඕනි දේ කරගන්න බැරි උනාම එයාට ගහපු හැමෝටම අනිත් පැත්තට ගහන එක...හේතුවක් ඇතුව හෝ නැතුව....

    ක්‍රිකට් පරිපාලනයෙන් වංචා දූෂණ වෙනවනම් ඒවා ගැන කතා කරන එක වෙනම දෙයක්...ඒත් ක්‍රීඩකයන්ට නොමනා විදියට ඇඟිල්ල දික් කරන එකනම් හරිම සවුත්තු වැඩක්...

    මම අහගෙන හිටියා අර්ජුණ අරවින්දටත් කින්ඩිය දැම්මා 1996 ෆයිනල් එකේදි හැමෝම දෙවෙනියට ගහමු කියද්දි, අරවින්ද විතරක් කිව්වා කියලා හැමදාම ෆයිනල් දිනන්නෙ මුලින් ගහපු ටීම් එකයි කියලා....

    මටනම් පේන විදියට ඔය කතා කරන කවුරුවත් කතා කරන්නේ ක්‍රිකට් වලට තියෙන ආදරයට නෙමෙයි, දේශපාලන වාසියක් අරන් ආණ්ඩුවට ගහන්න...ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ටත් කින්ඩි දාන්න මේ අය පසුබට වෙන්නෙ නෑ වගෙයි...

    අර්ජුණට මට මතක ඇති කාලෙක ඉඳන්ම ලංකාවෙ ක්‍රිකට් හොඳ තත්වෙක නැහැ...
    2007 වර්ල්ඩ් කප් එකේදි මොකද්ද කිව්වේ....

    ඒත් පහු ගිය අවුරුදු 5 ඇතුලත අපි කොච්චර නම් ජයග්‍රහණ ගෙනාවද..? අපේ ටීම් එක කොච්චර දියුණු උනාද...? ක්‍රිකට් ලෝලීන් විදියට අපි කොච්චර ආඩම්බරයෙන්ද අපෙ ටීම් එක ගැන, සන්ගා, මහේල, මාලින්ග, ඩිල්ෂාන් ල ගැන කතා කරන්නේ...

    ඒත් අර්ජුණට ඒ කිසි දෙයක් පේන්නෙ නෑ...අර්ජුණ හිතන්නෙ එයා හැමතිස්සෙම හරි කියලා හිතාගෙන....
    අර්ජුණට මාලින්ග ගෙ හෙයාර් ස්ටයිල් එක අල්ලන්නෙ නැති නිසා මාලින්ගව විවේචනය කරා...
    අපෙ අය IPL ගහද්දි කතා කිව්වා...

    දැන් ජනාධිපතිතුමාත් එක්ක තියෙන තරහා හින්දා දේශපාලනය හින්දා ක්‍රිකට් විනාස වෙනවා කියල කියනවා...
    ඔය කියන විදියට උනානම් ඉතින් ලංකාවෙ ක්‍රිකට් වල කෑලිවත් දැන් හොයාගන්න නෑ...
    ඒත් අද අපේ ක්‍රිකට් ගැන ලෝකෙම ඉහලින් කතා කරනවා...

    1996 ක්‍රිකට් ලෝක කුසලානය අපිට අරන් දීපු අර්ජුණ නෙමෙයි දැන් ඉන්නේ...
    තවත් එක් දේශපාලකයෙක් විතරයි...

    මම කිව්වේ මට හිතුන දේ...

    මන් ක්‍රීඩා ලෝලීන් විදියට ඔයගොල්ලොන්ගෙන් අහන්නෙ අවන්කවම ඔයගොල්ලො අද අපේ ක්‍රිකට් ගැන මං වගෙම සතුටු වෙනවද? නැත්තන් අර්ජුන කියන විදියටම අපේ ක්‍රිකට් විනාස වෙලාද තියෙන්නේ, ඉස්සරහට අනගතයක් නැද්ද..?

    අර්ජුන කිව්වෙ මෙ විදියට ගියොත් අපෙ ක්‍රිඩාව විනාස වෙනවා කියලා.එකෙන් අදහස් කරන්නෙ නැහැ ක්‍රිකට් නැත්තමට නැතිවෙනවා කියලා. අපිටත් අද බටහිර ඉන්දිය කොදෙව් කාණ්ඩායම වගෙ මට්ටමට පත්වෙවි කියලා තමා ඔහු කියන්නෙ.අද WI තරගාවලියක් දිනාගන්න බැරි මට්ටමකට පත්වෙලා. මාත් කියන්නෙ මහින්දගෙ අනවශ්‍ය දෙශපාලන ඇගිලි ගැසිම් නවත් වන්න ඔනෙ.අපි ඔය තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා හොදට දන්නවා.ඔතනට තාත්තලා පුතාලා එන්නෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම නෙමෙ. ඔතන සැහෙන මුදල් කන්දරාවක් ගැවසෙන නිසා.

    අනිත් රටවලත් ජනාධිපති වරු ක්‍රිකට් බලන්න ගියා කියලා ඔවුන්ගෙ නම් සදහන් කරනවා මම නම් අහලා නැහැ එ කණ්ඩායම් වල නායකවරු.අර්ජුන සංගා ජනාධිපතිවරයා ගැන අවසන් තරගයෙ සදහන් කරපු දෙ ගැන විවෙචනය කලෙ සංගා වගෙ විශිෂ්ට නායකයෙකට අද දෙශපාලන ගිරයට අහුවෙලා ඉන්නෙ කියලා පෙන්වන්න.

    අවසාන තරගයෙ තොරාගත් කණ්ඩායම ගැන සංගා තෘත්තිමත් උනෙ නැහැ කියලා තමා අපට නම් දැන ගන්න ලැබුනෙ.ක්‍රිකට් විස්තර විචාරකයන් පවා කිව්වෙ එසෙ තිදෙනෙකු(මැතුව්ස් සමග 4ක්) අවසාන තරගයෙන් ඉවත් කර වෙනත් සතර දෙනකු යෙදවිම පිලිගත හැකි කාරනයක් නෙමෙ කියලා.ඕක පිටු පස අදිසි හස්තයක් තියෙන්න පුලුවන්.

    සංගා නායකත්වයෙන් ඉවත් වෙලා ඉට පසුව පවත්වපු ප්‍ර‍වෘත්ති සාගච්චාවෙදි කිව්වා එයා ක්‍රිකට් වල වැඩියෙන්ම ගරු කරන කෙනා අර්ජුන කියලා.අරජුන කියලා තිබුනා එයා නායකත්වය දරන අවදියෙ එයාට ස්වාධිනව තිරන ගැනිමෙ හැකියාව තිබුනා කියලා.අද සංගාට එහෙම කරන්න බැහැ කියලා.සංගා අර්ජුන ගැන කරපු එ අගය කිරිමෙන්ම අර්ජුන කරපු කතාව අනුමත කරා කියලා තමා මට හිතෙන්නෙ.

    අරවින්ද 1996 එහෙම කිව්වානම් එක අර්ජුන කිව්වා කියන එකෙන් මොකද වෙන වරද?එකෙන් කියන්නෙ අර්ජුන එඩිතර තිරනයක් ගත්තා කියලානෙ උපනායකයා සහ බහුතරය අනිත් පැත්තෙ ඉදිද්දිත්. එ වාගෙම 1996 අපි ලොක කුසලානය ලොකෙ මුල් වරට දෙවනුව බැට් කරලා දින්නනෙ.

    අර්ජුන වෙනස්වෙලා නැහැ,ඔහු ඒ කාලෙත් එඩිතරව කතා කලා.ඔහු අදත් එඩිතරව කතා කරනවා.මහින්ද රාජපක්ෂ වැනි උඩින් බන කිය කිය යටින් පලිගන්නා දුර්දාන්ත පාලකයෙකුට බිය නොවි ඔහු නිර්භිතව අදහස් ප්‍රකාශ කලා. අපි ඒක අගය කලයුතුයි.
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :yes::yes::yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Originally Posted by RLR

    අර්ජුණට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සන්ගා ෆයිනල් එක ඉවර වෙලා අන්තිමට ජනාධිපතිතුමාගෙ නමයි ඩොක්ටර් එලියන්තගෙ නමයි මතක් කරපු එක...

    එතකොට ඔය මහා ජීවක එලියන්තට ඇයි ඇන්ජලෝ මැතිව්ස් සනීප කරලා එදා තරඟයට දාන්න බැරි උනේ
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gms1

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අර්ජුන කිව්වෙ මෙ විදියට ගියොත් අපෙ ක්‍රිඩාව විනාස වෙනවා කියලා.එකෙන් අදහස් කරන්නෙ නැහැ ක්‍රිකට් නැත්තමට නැතිවෙනවා කියලා. අපිටත් අද බටහිර ඉන්දිය කොදෙව් කාණ්ඩායම වගෙ මට්ටමට පත්වෙවි කියලා තමා ඔහු කියන්නෙ.අද WI තරගාවලියක් දිනාගන්න බැරි මට්ටමකට පත්වෙලා. මාත් කියන්නෙ මහින්දගෙ අනවශ්‍ය දෙශපාලන ඇගිලි ගැසිම් නවත් වන්න ඔනෙ.අපි ඔය තාත්තලා මහප්පලා බාප්පලා පුතාලා හොදට දන්නවා.ඔතනට තාත්තලා පුතාලා එන්නෙ ක්‍රිකට් වලට තියෙන ආසාව නිසාම නෙමෙ. ඔතන සැහෙන මුදල් කන්දරාවක් ගැවසෙන නිසා.

    අනිත් රටවලත් ජනාධිපති වරු ක්‍රිකට් බලන්න ගියා කියලා ඔවුන්ගෙ නම් සදහන් කරනවා මම නම් අහලා නැහැ එ කණ්ඩායම් වල නායකවරු.අර්ජුන සංගා ජනාධිපතිවරයා ගැන අවසන් තරගයෙ සදහන් කරපු දෙ ගැන විවෙචනය කලෙ සංගා වගෙ විශිෂ්ට නායකයෙකට අද දෙශපාලන ගිරයට අහුවෙලා ඉන්නෙ කියලා පෙන්වන්න.

    අවසාන තරගයෙ තොරාගත් කණ්ඩායම ගැන සංගා තෘත්තිමත් උනෙ නැහැ කියලා තමා අපට නම් දැන ගන්න ලැබුනෙ.ක්‍රිකට් විස්තර විචාරකයන් පවා කිව්වෙ එසෙ තිදෙනෙකු(මැතුව්ස් සමග 4ක්) අවසාන තරගයෙන් ඉවත් කර වෙනත් සතර දෙනකු යෙදවිම පිලිගත හැකි කාරනයක් නෙමෙ කියලා.ඕක පිටු පස අදිසි හස්තයක් තියෙන්න පුලුවන්.

    සංගා නායකත්වයෙන් ඉවත් වෙලා ඉට පසුව පවත්වපු ප්‍ර‍වෘත්ති සාගච්චාවෙදි කිව්වා එයා ක්‍රිකට් වල වැඩියෙන්ම ගරු කරන කෙනා අර්ජුන කියලා.අරජුන කියලා තිබුනා එයා නායකත්වය දරන අවදියෙ එයාට ස්වාධිනව තිරන ගැනිමෙ හැකියාව තිබුනා කියලා.අද සංගාට එහෙම කරන්න බැහැ කියලා.සංගා අර්ජුන ගැන කරපු එ අගය කිරිමෙන්ම අර්ජුන කරපු කතාව අනුමත කරා කියලා තමා මට හිතෙන්නෙ.

    අරවින්ද 1996 එහෙම කිව්වානම් එක අර්ජුන කිව්වා කියන එකෙන් මොකද වෙන වරද?එකෙන් කියන්නෙ අර්ජුන එඩිතර තිරනයක් ගත්තා කියලානෙ උපනායකයා සහ බහුතරය අනිත් පැත්තෙ ඉදිද්දිත්. එ වාගෙම 1996 අපි ලොක කුසලානය ලොකෙ මුල් වරට දෙවනුව බැට් කරලා දින්නනෙ.

    අර්ජුන වෙනස්වෙලා නැහැ,ඔහු ඒ කාලෙත් එඩිතරව කතා කලා.ඔහු අදත් එඩිතරව කතා කරනවා.මහින්ද රාජපක්ෂ වැනි උඩින් බන කිය කිය යටින් පලිගන්නා දුර්දාන්ත පාලකයෙකුට බිය නොවි ඔහු නිර්භිතව අදහස් ප්‍රකාශ කලා. අපි ඒක අගය කලයුතුයි.

    මටත් ඇති වෙච්චි ලොකුම ගැටළුවක් තමයි මැතිව්ස් ගේ Injury එක නිසා මැතිව්ස් Play කරන්නේ නැතිනම්,
    තවත් 3දෙනෙක් එක්කම මැතිව්ස්ව එළියට දාලා,
    වෙනත් 4 දෙනෙක් ඇතුලට ගත්ත එක..
    අනිත් දේ තමයි..
    තරඟාවලිය පුරාවටම දස්කම් දක්වපු අජන්ත මෙන්ඩිස්ව එළියට දාලා,
    සංචිතයේ 15 ඇතුලටවත් ආවේ නැති සුරාජ් රන්දිව්ව ඇතුලට ගත්ත එක..

    ඒ වගේම දිගු කාළීනව දස්කම් නොදක්වපු චාමර කපුගෙදරව අවසන් මහා තරඟයේදී නැවතත් කණ්ඩායම තුළට කැඳවූයේ කුමණ පදනමකින්ද කියන එක..??
     
    • Like
    Reactions: elakiri119

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    මට හිතෙන විදියට දැන් මේ ගැන කථා කරන එකෙන් වෙන්නේ මේකෙ ඉන්න අය මරා ගන්න එකයි, උන දේ උනා මචන්ලා. ඒ ගැන දැන් වාද කරලා පලක් නැ. අනික කවුරු හරි අවසාන තරගයට අත දැම්මනම් එක ඉදිරියටත් වෙන එක නවත්තන්න මෙතන ඉන්න කාටවත් බැහැ. ඒකයි ඇත්ත. අනික අපි ඇත්ත දන්නෙ නැහැ. දැන් විවේචනයට වඩා ගොඩක් උචිත අපේ කණ්ඩායමට සහයෝගය දෙන එක ඉදිරියට එන තරග වලට හොද මානසිකත්වයෙන් මුහුණ දෙන්න :D:D:D:D:D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හැබැයි මේක ලෝක කුසලාන අවසාන තරඟයට අදාල නැහැ කියලා හෂාන් පැහැදිලිවම කිව්වා..

    අවසන් තරගෙට සම්බන්දකමක් තිබ්බත් කියන්නේ නෑනේ.. එහෙම උනොත් මිනිස්සු ගහනවා.. ඒත් මොකක් හරිඅවුලක් නම් තියනවා.. මේ රටේ කාලකන්නි දේශපාලනේ තමා මේ ඔක්කොටම මුල!!! අපිට ලෝකේ නම තියන්න පුළුවන් ඕකෙන් විතරයි.. ඒකත් කනවා.. :growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ...ප්‍රශ්නයක් තියෙනවා.....තියෙන්නේ අපට.....දේශපාලන ඇගිලි ගැහීමක් උණා නම් ඇයි කෙළින් ම ඒක කියන්නේ නැත්තේ....?????? ඇයි අභූත චෝදනා හැම පැත්තට ම , හැම කෙනාටම එල්ල කරන්නේ....?? කෙලින් ම කියන්නෙ නැත්තෙ ඇයි මහින්දයා (දෙන්නම-රාජපක්ෂයි-අළුත්ගමගේයි) වැඩේට බලපෑම් කළා කියලා....??නැකිනම් වෙන කෙනෙක් ඒ දේ කරා කියලා..?? වහෙන් ඔරෝ ඕක කියන්න උවමනාවක් නැහැ. කියනවනම් සාක්ෂි සාධක සහිතව ඔප්පු කරල පෙන්නන්න ඕන. නැතුව අරයට මෙයාට ඇගිල්ල දික්කරන එකවත්, මං පොර වෙන්න පොර ටෝක් ඉෂූ කරන එකවත් නෙවෙයි කරන්න ඕන. මේකෙන් වෙන්නෙ අපේ ක්‍රීඩයො තවත් අධෛර්යය වෙන එක-කළකිරෙන එක. අපට ලෝකෙ ඉස්සරහ ඔළුව උස්සං ඉන්න තියන හේතු දෙක තුනෙන් එකක් හරි නැති වෙන එක. අපි තවත් බෙදෙන එක. අපිව බෙදන්න බලං ඉන්න එවුන්ට තවත් චාන්ස් හම්බවෙන එක. අපි කෙළ ගන්නවා - උන් හුරේ දානවා. ඔය අල්ලපනල්ලේ නෙවෙයි ද බෑන් කී මෟනා අර වාර්තාව එළියට දැම්මෙත්. දැන් දන්නවා උන් අපි බෙදිලා කියල ඉන්නේ. මේව රට පාවලා දෙන එකාලගේ කුමන්ත්‍රණ!!!!
     
    මහින්ද රාජපක්ෂ ට විරුද්ධ් කිසිම දෙයක් කියන්න ඉඩදෙන්නෙ නැහැ.විද්යුත් සහ මුද්‍රෘත මාධ්‍ය වලදි මහින්ද රාජපක්ෂට එරෙහිව කිසිම දෙයක් පල කරන්න එපා කියලා තියෙන්නෙ.අඩුම තරමෙ 'සහොදර සමාගම' කියන වචන දෙක පල කරන්නෙත් නැහැ,