තරම දැන නොබිව්වොත් ආයුෂ කොටයි

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    තරම දැන නොබිව්වොත් ආයුෂ කොටයි

    ලොව පුරා විදිදී ඇති විවිධ සම්ප්‍රදායන් හා සංස්කෘතීන් සොයා යද්දී බීම සංස්කෘතිය (drinking culture) සුවිශේෂී වේ. ලෝකයේ විවිධ රටවල මිනිසුන් විවිධ අවස්ථාවන් සහ විවිධ හේතු හේතුවෙන් ඇල්කොහොල් පානයන් සඳහා යොමුව ඇත.

    චීනයේ මිනිසුන් සම්ප්‍රදායක් ලෙස අලුත් අවුරුදු උදාවට සති දෙකක කාලයකට පෙරාතුව සිට මත්පැන් පානය කරන අතර ඒ සඳහා විශේශිත වූ මත් පානයක් නැත. එමෙන්ම නව වසර සැමරීමේ කොටසක් ලෙස ඔවුන් පවුලේ සියළු දෙනා හා එක්ව විවධ වූ තෑගි බෝග හුවමාරු කර ගන්නා බවද සඳහන්වේ.

    චීනය එසේ වෙද්දී ප්‍රංශයේ රාත්‍රී ආහාරය සමග රතු වයින් පානය කිරීමට සිරිත වේ. එමෙන්ම ප්‍රංශය සතුව සුවිහේසී වූ වයින් සංස්කෘතියක්ද ඇත. ඔවුන්ගේ විශ්වාසයනම් ආහාර වේලක් සමග වයින් පානය කිරීමෙන් හදවතේ ස්පන්දනය ඉතාමත් සෞඛ්‍යාසම්පන්න වන බවයි. එමෙන්ම සුදු වයින් ද ප්‍රංශයේ ජනප්‍රිය පානයක් වන අතර,බොහෝ විට සුදු පැහැති මස් සමග සුදු වයින් පානය කිරීම සිරිත වේ. ප්‍රංශ සම්ප්‍රධායට අනුව සුදු පැහැති මස් වර්ග සමග සුදු වයින්ද, වියළි වූ රතු පැහැති මස් සමග රතු වයින් පානය කරයි. ජපානයේ ඇත්තේ සුප්‍රසිද්ධ සකේ සංස්කෘතියකි, සකේ නැමති ජපානයටම සුවිශේෂ මත්පැන් වර්ගය ලොවපුරා ප්‍රචලිතව ඇත. සකේ පානය ජපන් සම්ප්‍රදාය සමග ඉතා ලඟ සබඳතාවක් පවත්වයි.

    යුරෝපීය රටවල ලොකු තැනක් හිමිව ඇත්තේ බිර සඳහාය. විශේෂයෙන්ම මෙම බීර පානය විශේෂයෙන්ම තරුණ පරපුර වැඩි වී තිබේ. ඊට හේතුව ලෙස අනෙකුත් පානයන්ගේ මිල අධික කමත් ඊට සාපේක්ෂව අඩු මුදලක් බීර සඳහා වැය වන බවත් හේතුකොට ගෙන මෙම ප්‍රවනතාවය හේතු වී ඇති බව පර්යේෂණයක් මගින් තහවුරු වී ඇත.

    බීර පානයට වෙලාවක් දිනයක් හේතුවක් අවශය නැති බවත් යුරෝපයේ බොහෝ තරුණයින් සූර් වෙන තුරුම බීර පානය කරන බවද එම පර්යේෂණය මගින් තහවුරු වී ඇත. බීර නිෂ්පාදනද විවිධ ආකාරයට වර්ග කෙරෙන අතර සැර සාන්ද්‍ර අඩු වර්ගයේ බීම සඳහා යුරෝපය තුල වැඩි නැඹුරුවක් වර්තමානයේ නිර්මාණයවී ඇත.

    රුසියාව තුළ ජනප්‍රියම පානය නම් වෙඩ්කාය. රුසියාව තුළ වොඩ්කා පන්ති බේදයකින් තොරව පානය කරන අතර අධික ශීත කාලගුණ තත්ත්වය නිසාත් ජනතාව උණුසුම් වීම සඳහා වොඩ්කා පානය කරන බවත් සඳහන්ය. දවසේ ඕනෑම අවස්ථාවක වොඩ්කා පානය කරනු බවයි. විශේෂයෙන්ම රුසියාවේ වොඩ්කා ලොව පුරා රටවල් බොහෝ රටවල ජනප්‍රිය බීමක් වී ඇත.

    පසුගියදා එක්සත් රාජධානියේ මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්ෂයක් යොදා ගනිමින් කරන ලද පර්යේසණයකින් තහවුරු වූයේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අඩුවීමට හේතුවක් වන බවයි.

    එම පර්යේෂණයට අනුව සතියකට පස් වතාවක සිට දහ වතාවක් වන දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී ඇත.

    මත්පැන් පානය කිරීම තුළින් හෘද රෝග වැළදීමේ අවදානම වැඩි වන අතර, නිර්දේශි කර ඇති ප්‍රමාණයට වඩා පානය කරන සෑම ඒකක 12.5 කින්ම, අංශභාගය රෝගයට ගොදුරු වීමේ අවදානම 14% කින් ද,අධි රුධිර පීඩනයට ගොදුරු වීම 24% කින් ද, හෘදයාබාධ වැළඳීම 9% කින් ද, මහා ධමනිය ඉදිමීමෙන් වැළදෙන රෝගී තත්වයන්ට ගොදුරු වීම 15% කින් ද වැඩි කෙරෙනු ඇත.

    රට රටවල විවිධ බීම සංස්කෘති තිබුණද විශේෂ ලක්ෂණද තිබුණද ලංකාවේ බොහෝ දෙනෙක් මෙම බීම සංස්කෘතිය අමතක කර තිබහට මත්වතුර පානය කිරීම නිසාම එය කලාවක් කොට ගෙන ඇත.

    උපුටා ගැනීම - www.her.lk
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,691
    113
    ගල් කාල එක හුස්මට ගහන අපේ බයියලාට මොන ඩ්‍රින්කින් කල්චර්ද? අනේ අසරණ ගෑනියි ළමයි ටිකයි.