තර්ක ශාස්ත්‍රය

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    තර්ක ශාස්ත්‍රය

    දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය. නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
    ඇම්ඩම්: "ඔව් තියෙනවා"
    නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"
    ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"
    නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"
    ඇ: "හරි හරි ඒකත් හරි"
    නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"
    ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"
    නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"
    ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"
    නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"
    ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"
    නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"
    කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,
    ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"
    පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"
    ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"
    පි: "නෑ"
    ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"



    - උපුටා ගැනීමකි -



    :P:P:P:P :P:P:P:P :P:P:P:P :P:P:P:P