fb එකෙන් ගත්තේ.
තරිනි නැති වෙලා ඉවරයි. ඒ ගැන කතා නොකර ඉමු. මේකේ ගත යුත්තක් තියෙන හින්ද මේකේ දාන්නේ. මං translate කරේ. වැරදි තියනවනං ගණන් ගන්න එපා.
තරිනි නැති වෙලා ඉවරයි. ඒ ගැන කතා නොකර ඉමු. මේකේ ගත යුත්තක් තියෙන හින්ද මේකේ දාන්නේ. මං translate කරේ. වැරදි තියනවනං ගණන් ගන්න එපා.

මුලින්ම කියන්න ඕනේ මං තරිනිව දන්නේ නෑ. සමහරවිට මං faculty එකේදී එයාව දැකල ඇති. නමුත් මට වැඩිය ගානක් නෑ. ඒත් මට එයාව මුල්ම වතාවට සහ අවසාන වතාවට notice උනේ convocation එක දවසේදී.
මං graduate parade එක පටන් ගන්නකන් බලන් ඉන්නකොට මං දැක්ක ලස්සන ගෑනු ළමයෙක් මං ආස පාට සාරියක් ඇදගෙන හරිම confidence විදිහට, හරිම සතුටෙන් phone එකෙන් කතා කර කර යනවා. මං මගේ යාළුවොන්ටත් පෙන්නලා කිව්වා ඒ සාරියේ පාට ඒ කෙල්ලට කොච්චර ගැලපෙනවද කියලා. එච්චරයි.
මං දැනන් හිටියද ඒ ගෑනු ළමය සතියක් ඇතුලත ජීවිතේ නැති කරගනී කියල? නෑ.
එයා depressed වෙලා වගේ හිටියේ කියල පෙනුනද? අප්පෝ නෑ.
මං එදා එයා ගැන හිතුවද? නෑ.
මං දැන් එයා ගැන හිතනවද? ඔව්.
මොකද මං දන්නවා depressed ගතිය තියාගෙන job එකත්ගෙ හරියට කරගෙන ගෙදර අයත් එක්කත් හොදින් ඉන්න depression නෑ වගේ.
අපි හැමෝටම අපි සටන් කරන තමන්ගේම සටනක් තියනවා. ඒ සටන ජය ගන්න අපි සටන් කරන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. affair එකක් breakup උනාම ඒකෙන් ගොඩ එන ක්‍රමය උගන්නන්න බෑ. graduate කෙනෙක් උනා කියල depress වෙන්නේ නැති වෙන්නෙත් නෑ. ඒ හින්ද graduate කෙනෙක්ට suicide කරගන්න මොලයක් නැද්ද කියල අහන අයට මං මගේ වචන නාස්ති කරගන්න යන්නේ නෑ.
මං දැකල තියනවා සමහරු breakup අමතක කරලා දාන අය සහ එහෙම අමතක කරලා දාන්න බැරි අය. මටත් එහෙම වෙලා තියනවා. ඒක එක්කෙනා breakup එකකට react කරන විදිහ වෙනස්. සමහරු ඉක්මනින් proposal හොයාගෙන බදිනවා. සමහරු දවසක් දෙකක් යන්න කලින් වෙන කෙනෙක්ට ආදරේ කරන්න ගන්නවා. සමහරු distraction එකක් විදිහට ඇවිදින්න යනවා. සමහරු වෙන job එකකට යනවා. සමහරු යාලුකමුත් අතඅරිනවා. සමහරු සමාජෙන් වෙන්වෙලා ඉන්නවා. තවත් සමහරු ආයේ කවදාවත් ආදරේ කරන්නේ නැතුව ඉන්නවා. කවුරුත් තමන්ගේ ජීවිතේ නැති කරගත්තේ නැති උනාට මට හම්බෙලා තියනවා සමහරු breakup නිසා ජීවිතේ නැති කරගන්න තැනටම ගිහින් ආපහු හැරුණු අය.
මෙතන ඉන්න "සියදිවිනසාගැනීම පිළිබද විශේෂඥයන්ට" කියන්න තියෙන්නේ depression කියන දේ pregnant නැති උනත් හැදෙන්න පුළුවන්. මට හිතාගන්න බෑ සමහරු අයි හිතන්නේ campus ගිහින් ආදරේ කරාම සතියෙන් දෙකෙන් virginity එක නැති වෙනවා කියලා. මං කියන්නේ නෑ මෙහෙම වෙන්නේ නෑ කියලා. campus යන වේවා නොයන වේවා හැමෝම ආදරේ කරන්නේ රාගයට නෙමෙයි. So stop jumping into conclusions with your tiny brains.
හැමෝටම කියන්නේ. කාගෙහරි වෙනසක් තේරුනොත් හොයල බලන්න. කවුරුහරි දෙයක් හංගනවා වගේ තේරුනොත්, ප්‍රශ්නයක් නෑ වගේ හිනා වෙලා හිටියත් හොයල බලන්න. කාටවත් depression හංගන්න බෑ. කොයිම මොහොතක හරි එහෙම දෙයක ඉගි පේනවා.
සමහරවිට තරිනිට උදව් හම්බෙන්න ඇති. සමහරවිට එහෙම නැතිවෙන්න ඇති. සමහර වෙලාවට මොන දේ තිබ්බත් වැඩක් නැති වෙනවා අපි බලාපොරොත්තු වෙන ආදරේ නැති උනොත්. හිතේ ලොකු හිඩැසක් මතු වෙනවා ඒ වෙලාවට. ඒ වෙලාවට දෙමව්පියෝන්වත්, සහෝදර සහෝදරියෝවත්, යාලුවොවත් වැඩක් නෑ. ඒ වෙලාවේ ඒ කෙල්ලට දැනුන දේ ඔයාට දැනුනේ නෑනේ. ඒ නිසා මැරුණු කෙනාව දැන් විවේචනය කරන්න එපා.
Original Post https://www.facebook.com/erandathi.ekanayake.5/posts/1352757921479558?pnref=story