තරුණබව-රැකගන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තරුණබව-රැකගන්න

    තරුණ බව රැක ගන්න අපි කවුරුත් කැමතියි. ඒ පිලිබඳ සිතන ඔබට මේ දේවල් වැදගත් වෙයි

    මේ සඳහා පහත සඳහන් දේ ගැන ඔබේ සිත යොමු කරන්න.

    • ඔබේ ශරීරයේ සාමාන්‍ය රූපය වෙනස් කිරීමට නොසිතන්න. උදාහරන ලෙස වයසල උසල ඇස්ල ශරීරයේ පැහැය මෙන්ම වෙනස් කල නොහැකි සියලුම දේ ඊට අන්තර්ගත වේ. එමෙන්ම එම වෙනස් කල නොහැකි සියලුම දේ ගැන පසුතැවිලි නොවී සිටීමද ඉතාමත්ම වැදගත්. ඔබේ ශරීරයේ වෙනස් කල නොහැකි කිසිවක් ඔබේ තරුණ බවට අදාල නොවන බව තරයේ මතක තබා ගන්න.


    • අපි කවුරුත් යහළුවන් ආශ්‍රය කරනව නේ. හොඳ උද්යෝගීමත් යහළුවන් වැඩි වශයෙන් ආශ්‍රය කරන්න. එසේ නොවන අය ආශ්‍රයෙන් ඔබ කම්මැලි වන අතර මේ නිසා ඔබේ ශරීරයට මෙන්ම මනසද කම්මැලි වේ.


    • හොඳින් ඉගෙන ගන්න. ඉපදුනුදා සිට මරනය වන දින තෙක් අපට ඉගෙනීමට ඇති දෑ බොහෝය. ඉගෙනීමෙන් ලැඛෙන දැනුම ප්‍රයෝජනයට ගන්නා විට දැනෙන සතුට වෙන කිසිවකින් ලබාගත නොහැක. ඔබේ මොලයට අලස වන්නට ඉඩ නොදෙන්න. අලස මනසක් යකාගේ කම්හල වැනිය. එහි යකාගේ නම ඇල්ෂයිමිර් රෝගය ලෙස නම්කල හැකිය.


    • නිතර නිතර හයියෙන් හිනා වෙන්න. හුස්ම ගැනීමට අපහසු වනතෙක්ම හිනාවෙන්න. ආගිය කථා මතක් කරගෙන යහළුවන් හා හිනාවෙන්න අපි කවුරුත් දන්නව නේ. තරහෙන් පුප්පගෙන ඉන්න එක තරුණ කමට බාදාවක්.


    • හොඳින් පිරිසිදු වාතය හුස්ම ගන්න. අද රටේ හොඳට හුස්ම ගන්න තැනක් තියෙනවද? හයියෙන් කට ඇරල නෑ කියන්නෙ නැතිව, තියන තැනකට ගිහින් හුස්ම ගන්න අතරෙ මෙහෙමත් හිතන්න, මමනම් මින්පසු වාතය දූෂණය වන වැඩ කරන්නෙ නෑ කියල.


    • හිතට දුකක් දැනුනම, අන් අයට දොස් කීමෙන් වලකින්න. ඔබේ ජීවිතයේ ඔබත් සමඟ දිගටම සිටියේ ඔබ වග අමතක නොකරන්න. අන් අයට දොස් පැවරීමෙන් ඔබට කිසිවක් ලැඛෙන්නෙ නැති නිසා පුළුවන් තරම් ඉවසීම ප්‍රගුණ කරන්න. ඉවසීමෙන් සැනසීම ලැඛෙනවා සේ සැනසීමෙන් තරුණකම ලැඛෙන බව මතක තබාගන්න.


    • ඔබේ වාසස්ථානය ඔබට අවැසි පරිදි සකසන්න. ඔබ අකමැති දේ නිතර නිතර දැකීමෙන් ඔබේ මනසට සහනයක් ගෙන නොදෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.


    • නිසි පරිදි ව්‍යායාම වල යෙදෙන්න. ඔබේ ශරීරයට ගැලපෙන ව්‍යායාම වට්ටෝරුවක් නිසි උපදේශකයෙකුගෙන් විමසා ලබාගන්න.


    • ඔබේ ආහාර වේල ගෙදර සකසාගන්න. ඔබේ ශරීරයට ගැලපෙන ආහාර සකසාගැනීම එයින් පහසු වේ.
    තරුන කම රැක ගන්න කියලා ලෝකෙ තියන විච්චූරන ඇඟේ ගාගෙන දඟලනවට වැඩිය මේ වැඩ කරන එක වැදගත් බව තේරෙනව නේ. ‍


    උපුටා ගැනීම. ඇට්ලංකා
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වතිලයාට වයස අවුරුදු 20යි.ඒ වුනාට මූට තියෙන්නේ අවුරුදු 40ක විතර පෙනුමක්.යකෝ උඹ තරුණ කාලෙත් තරුණ නැතිව මොකද අනිත් අයව තිරිහන් කරන්න යන්නේ.
    :P:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිලයාට වයස අවුරුදු 20යි.ඒ වුනාට මූට තියෙන්නේ අවුරුදු 40ක විතර පෙනුමක්.යකෝ උඹ තරුණ කාලෙත් තරුණ නැතිව මොකද අනිත් අයව තිරිහන් කරන්න යන්නේ.
    :P:P:P

    අනේ ගොබ්බයෝ.... මට අවුරුදු 35 ක් මම උඹට පොටෝ එකක් පීඑම් කරන්නම්... බලපන් හැඩ....:rolleyes::rolleyes:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මට අවුරුදු 35 ක් මම උඹට පොටෝ එකක් පීඑම් කරන්නම්...
    ලැජ්ජාවට වයස වැඩි කරලා කියනවා. අනිත් එක මූව දැක්කම නියම වයස කවුරුවත් පිලිගන්නේ නෑ. 35 නෙවෙයි බං 40ක පෙනුමක් තියෙන්නේ.:lol::lol:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඒ මචන් මම මේ උඹට පහර ගහන්න අහනවා එහෙම නෙමෙයි,මිස් අන්ඩස්ටෑන්ඩ් කරගන්න එපා...

    :eek::eek:ඈයි බන් උඹට ගොඩක් එවුන් කොන්ඩම් වෙදා කියලා කියන්නේ.
    :eek:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒ මචන් මම මේ උඹට පහර ගහන්න අහනවා එහෙම නෙමෙයි,මිස් අන්ඩස්ටෑන්ඩ් කරගන්න එපා...

    :eek::eek:ඈයි බන් උඹට ගොඩක් එවුන් කොන්ඩම් වෙදා කියලා කියන්නේ.
    :eek:
    :angry::angry::angry:උඹට මම කීවයි කියල හිතා ගනින් ගස් ගෙම්බ.............:oo::oo: