තරුණබව-රැකගන්න
තරුණ බව රැක ගන්න අපි කවුරුත් කැමතියි. ඒ පිලිබඳ සිතන ඔබට මේ දේවල් වැදගත් වෙයි
උපුටා ගැනීම. ඇට්ලංකා
තරුණ බව රැක ගන්න අපි කවුරුත් කැමතියි. ඒ පිලිබඳ සිතන ඔබට මේ දේවල් වැදගත් වෙයි
මේ සඳහා පහත සඳහන් දේ ගැන ඔබේ සිත යොමු කරන්න.- ඔබේ ශරීරයේ සාමාන්‍ය රූපය වෙනස් කිරීමට නොසිතන්න. උදාහරන ලෙස වයසල උසල ඇස්ල ශරීරයේ පැහැය මෙන්ම වෙනස් කල නොහැකි සියලුම දේ ඊට අන්තර්ගත වේ. එමෙන්ම එම වෙනස් කල නොහැකි සියලුම දේ ගැන පසුතැවිලි නොවී සිටීමද ඉතාමත්ම වැදගත්. ඔබේ ශරීරයේ වෙනස් කල නොහැකි කිසිවක් ඔබේ තරුණ බවට අදාල නොවන බව තරයේ මතක තබා ගන්න.
- අපි කවුරුත් යහළුවන් ආශ්‍රය කරනව නේ. හොඳ උද්යෝගීමත් යහළුවන් වැඩි වශයෙන් ආශ්‍රය කරන්න. එසේ නොවන අය ආශ්රයෙන් ඔබ කම්මැලි වන අතර මේ නිසා ඔබේ ශරීරයට මෙන්ම මනසද කම්මැලි වේ.
- හොඳින් ඉගෙන ගන්න. ඉපදුනුදා සිට මරනය වන දින තෙක් අපට ඉගෙනීමට ඇති දෑ බොහෝය. ඉගෙනීමෙන් ලැඛෙන දැනුම ප්‍රයෝජනයට ගන්නා විට දැනෙන සතුට වෙන කිසිවකින් ලබාගත නොහැක. ඔබේ මොලයට අලස වන්නට ඉඩ නොදෙන්න. අලස මනසක් යකාගේ කම්හල වැනිය. එහි යකාගේ නම ඇල්ෂයිමිර් රෝගය ලෙස නම්කල හැකිය.
- නිතර නිතර හයියෙන් හිනා වෙන්න. හුස්ම ගැනීමට අපහසු වනතෙක්ම හිනාවෙන්න. ආගිය කථා මතක් කරගෙන යහළුවන් හා හිනාවෙන්න අපි කවුරුත් දන්නව නේ. තරහෙන් පුප්පගෙන ඉන්න එක තරුණ කමට බාදාවක්.
- හොඳින් පිරිසිදු වාතය හුස්ම ගන්න. අද රටේ හොඳට හුස්ම ගන්න තැනක් තියෙනවද? හයියෙන් කට ඇරල නෑ කියන්නෙ නැතිව, තියන තැනකට ගිහින් හුස්ම ගන්න අතරෙ මෙහෙමත් හිතන්න, මමනම් මින්පසු වාතය දූෂණය වන වැඩ කරන්නෙ නෑ කියල.
- හිතට දුකක් දැනුනම, අන් අයට දොස් කීමෙන් වලකින්න. ඔබේ ජීවිතයේ ඔබත් සමඟ දිගටම සිටියේ ඔබ වග අමතක නොකරන්න. අන් අයට දොස් පැවරීමෙන් ඔබට කිසිවක් ලැඛෙන්නෙ නැති නිසා පුළුවන් තරම් ඉවසීම ප්‍රගුණ කරන්න. ඉවසීමෙන් සැනසීම ලැඛෙනවා සේ සැනසීමෙන් තරුණකම ලැඛෙන බව මතක තබාගන්න.
- ඔබේ වාසස්ථානය ඔබට අවැසි පරිදි සකසන්න. ඔබ අකමැති දේ නිතර නිතර දැකීමෙන් ඔබේ මනසට සහනයක් ගෙන නොදෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
- නිසි පරිදි ව්‍යායාම වල යෙදෙන්න. ඔබේ ශරීරයට ගැලපෙන ව්‍යායාම වට්ටෝරුවක් නිසි උපදේශකයෙකුගෙන් විමසා ලබාගන්න.
- ඔබේ ආහාර වේල ගෙදර සකසාගන්න. ඔබේ ශරීරයට ගැලපෙන ආහාර සකසාගැනීම එයින් පහසු වේ.
උපුටා ගැනීම. ඇට්ලංකා











ammeeee wedage hinawa