තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි
අනේ අපොයි
තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි
කන්ද උඩරට සිට කොළඹ දෙසට නුවර පාර ඔස්සේ ධාවනය වන වායු සමනය කළ පෞද්ගලික බස් රථයකි.
සියලු ආසන පිරී ඇති බසයේ පසුපසම අසුනේ හරි මැද්දෑවේ වාඩි වී සිටින්නේ දෙකන්හි ජංගම දුරකථන ඉයර් ෙµdaන් රැඳවූ තරුණ මහත්මයෙකි.
හිටි හැටියේ වට පිට බැලූ ඔහු දෙකන් තුළ සිර කොට තිබූ ඉයර්ෙµdaන් වයර් දඩි බිඩියේ හකුලා ගත්තේය.
අසුනින් නැගී සිටි තරුණ මහත්මයා බඩු රඳවන රාක්කයේ වූ තම බී්රµa කේසය අතින් ගෙන පියවරක් ඉදිරියට තැබුවා පමණි. සිදුවූයේ කවුරුත් නොපැතූ දෙයකි.
චටාස් හඬින් බී්රµa කේසයේ පියන දිගහැරී එහි වූ ඇඳුම් පැළඳුම් සියල්ලම මගීන්ගේ හිස්, උරහිස්, උකුළු තලා ආදිය මත විසිරී පැතිරී ගියේය.
ෂහ් වස වැරැද්දයි නේද සෑර්..... පාපුවරුව අසලම සිටි තැනැත්තකු කීවේය.
මෙන්න සර් ටූත් බ්රෂ් එක. හැබැයි ඒකෙ කෙඳි නම් පොඩ්ඩක් අප්සට්. මෙන්න ටූත් පේස්ට් එක. මේං ජෙල් පැකට් එකක් මොනවා කරන්නද සියල්ල මනුස්සයට වෙනව. මේන් තුවාය හැබැයි තෙතයි. "චීයා... අම්මි මේ..." ඒ ඇසෙන්නේ කාන්තා කටහඬකි. විලියෙන් ඇඹරුණු තරුණයා හඬ පැමිණි අසුන වෙත කරපොවන්නේ දෙගිඩියාවෙනි.
බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...
සිදු වූ දෙයින් විලියෙන් ඇඹරුණු තරුණයා බී්රµa කේසය මිටින් ගෙන බස්රථයේ දොර පාමුල පඩියට බැස්සේ විලියෙන් බර වූ මුහුණිනි.
රන්ජන් - වැලිගම