තරුණයෙක් පොල් කඩා වහලයට දමයි

kudalla

Member
Oct 31, 2006
810
23
0
තරුණයෙක් පොල් කඩා වහලයට දමයි

ඌරුමස් ගෙනත් නොදුන්නැයි තම පියා සමග ආරවුලක් ඇතිකරගත් පුතෙකු අඩි 50 ක් උස පොල් ගසකට නැග ගෙඩි කඩා අසල්වැසි ගෙවල් වල වහලයට දමමින් සිදු කළ කලබලය අද අළුයම අවසන් කළ බව පොලීසිය කියයි.

බේරුවල් ඩෝසර්වත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන මොහු පෙර දින සවස 6 ට පමණ පොල් ගසට නැග පැය අටක් තිස්සේ මෙසේ කලබල කර ඇත.

අද අළුයම දෙකට පමණ අහසට වෙඩි තබා තරුණයා බිමට ගත් බව පොලීසිය කියයි.

පියා කියනුයේ මාස තුනක පමණ සිට ඔහුගේ වෙනසක් දුටු බවයි.


Source : lankadeepa