තරුණිය මර නින්දේ, ගැටපොළඟා ළැම තුරුලේ...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තරුණිය මර නින්දේ, ගැටපොළඟා ළැම තුරුලේ...

    Cobra+G1.jpg

    මාරාන්තික විෂ සහිත අඩි එක හමාරක් දිගැති ගැට පොළඟකු රැයක් එළිවෙන තුරු තරුණිය‍කගේ උණුසුමට තුරුළු වී සිටි පුවතක් ගලෙන්බිඳුණුවැව ගොවි ගම්මානයකින් අප වෙත වාර්තා වෙනවා.

    වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

    ගොවි ගම්මානයේ නිවසක මවත් පියාත් සමඟ දරුවන් තිදෙනෙකි. 20 හැවිරිදි තරුණිය තම කාමර‍ය ඉතා පිරිසුදුව තබාගෙන සිටී. එදින රැයේද ඇය සුපුරුදු පරිදි නිදා ගත්තාය.

    අලුයම් වේලේ නින්දෙන් අවදි වු ඇයට තම ළමැදට අමුතු උණුසුමක් දැනෙනු දැනී අතගා බලද්දී අතට
    හසුවී ඇත්තේ සර්පයෙකි. ඉන් බියට පත් ඇය විලාප තබමින් ඇ‍ඳෙන් බිමට පැන තිබේ. දියණියගේ විලාපයෙන් වහා ඇගේ කාමරයට දිව ආ මව විදුලි බල්බය දල්වා බැලුවිට ඇය දුටුවේ පොළොං තඩියෙකි.

    රැයක් එළිවෙනතුරා දියණියගේ උණුසුමට තුරුළු වී සිටියත් ඇයට කිසිදු හිරිහැරයක් නොකළ ගැට පොළඟා තරුණියගේ පියා එල්ල කළ එඬරු පොලු පහරින් මැරී වැටිණ.

    සිද්ධිය සැලවීමෙන් ගමේ තරුණයන් ඇය දුටුවිට නංගි අපිට වඩා පොළඟා වාසනාවන්ත වුනා නේද? යැයි පවසයි.
     
    • Like
    Reactions: BlueBat

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG


    ඇයට කිසිදු හිරිහැරයක් නොකළ ගැට පොළඟා තරුණියගේ පියා එල්ල කළ එඬරු පොලු පහරින් මැරී වැටිණ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    පොළඟා කකුල් දෙකෙන් හිටගෙන ද ඉඳල තියෙන්නෙ?