තරුණ නාවිකයා සහ මහලු පියා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    තරුණ නාවිකයා සහ මහලු පියා

    තරුණ නාවිකයා සහ මහලු පියා

    old-man-scientists.jpg

    ගොඩක් වෙහෙස වෙලා හිටිය තරුණ නාවිකයාව හෙදිය ඇද අසලට රැගෙන ආවා.

    "මහත්මයා මෙන්න ඔබේ පුතා ආවා" ඇදෙහි වැතිර සිටි මහලු මිනිසාට හෙදිය මදක් උස් හඩින් කිව්වා. නමුත් මහලු මිනිසාගේ ඇස් දෙක විවෘත කරවා ගැනීමට ඇයට එය කීප වතාවක්ම පැවසීමට සිදු වුනා.

    වැලදුන දරුණු හෘදයාබාධය නිසා විශාල වශයෙන් බෙහෙත් ලබා දෙනු ලැබූ මහලු මිනිසාට බොද වූ ඡායාවක් ලෙස ඇද අසල සිටි තරුණ නාවික සෙබලාව පෙනුනා.මහලු මිනිසා ආයාසයෙන් තම අත නාවිකයාගේ අත දෙසට ගෙන ආවා. තරුණ නාවිකයා තම ශක්තිමත් ඇගිලි වලින් මහලු මිනිසාගේ අත මිරිකුවේ මහලු මිනිසාගේ ශක්තිය හා ධෛර්ය වර්ධණය කරන නියාවෙන්.

    මොහොතකින් පුටුවක් රැගෙන පැමිනි හෙදිය එය මහලු මිනිසාගේ ඇද අසල තබා වාඩි වෙන ලෙස නාවිකයාට සන් කලා. තරුණ නාවිකයා මහලු මිනිසාගේ අත අල්ලාගෙන ඔහුව ධෛර්යවත් කරන ආදරණීය වචන පවසමින් ඒ රාත්‍රිය පුරාම අවදියෙන් සිටියා.
    රැය පුරාම වරින් වර හෙදිය පැමිණ තරුණයාට විවේකයක් ගන්නා ලෙස පැවසුවත් ඇයට ඔහු කන් දුන්නේ නෑ.

    රාත්‍රිය පුරා වාට්ටුව තුලින් කුමන ශබ්දය ආවත් ඒ කිසිම දෙයකට කන් නොදුන් තරුණයා මරණ මංචකයේ සිටින තම පියාට ආදරණීය වචන පවසමින් ඔහුව ධෛර්යමත් කරන ආකාරය ඇය දුටුවා. මහලු පියා කිසිවක් කතා නොකල අතර තම තරුණ පුතා අසල ඔහු සැනසීමෙන් තම මරණය ලගා වන තෙක් සිටින ආකාරය පෙනුනා.

    පාන්දර යාමයේ මහලු පියා මිය ගියා. මහලු මිනිසාගේ ප්‍රාණය නිරුද්ධ වූ අත සිරුර මතින් තැබූ තරුණයා හෙදිය අසලට ගොස් මේ බව දැනුම් දුන්නා. මරණය සම්බන්ධයෙන් කල යුතු රාජකාරී කටයුතු අවසන් කල හෙදිය තරුණයා අසලට පැමින පියාගේ මරණය පිලිබදව ඇයගේ කණගාටුව පල කලා.

    මෙහිදී හෙදියට බාධා කල තරුණයා

    "ඒ මිනිසා කවුද?" කියා හෙදියගෙන් විමසුවා.

    විශ්මයට පත් වූ ඇය "ඒ ඔබගේ පියා" යැයි පැවසුවා.

    "නෑ ඒ මගේ පියා නෙවේ මම ඔහුව මීට පෙර කවදාවත් දැක නෑ" තරුණයා පැවසුවා.

    "එහෙනම් ඔබව ඔහුට හදුන්වා දුන් මොහොතේ ඇයි ඔබ ඒ බව ඔහුට නොකීවේ"
    ඇසුවේ විමතියෙන්.

    "මට ඒ මොහොතේම තේරුම් ගියා කුමක් හෝ ලොකු වැරදීමක් සිදු වී ඇති බව..ඒ සමගම මට පෙනුනා ඒ මහලු මිනිසාට ඒ මොහොතේ තමන් ගේ පුතාව තදින්ම අවශ්‍ය බව,නමුත් ඔහුගේ පුතා ඒ මොහොතේ අසලක නෑ,ඔහුගේ අසාධ්‍ය තත්වය මත මා ඔහුගේ පුතා නොවන බව ඔහුට හදුනා ගැනීමට නොහැකි නිසාත්,ඔහුට ඔහුගේ පුතාව තදින්ම අවශ්‍ය නිසාත් මම ඔහුගේ පුතා ලෙස පෙනී සිටියා"

    "මම අද මේ රෝහලට ආවේ විළියම් ග්‍රේ මහත්මයා හොයාගෙන..
    ඔහුගේ පුතා යුද්ධයේදී මිය ගියා..මාව එව්වේ ඔහුට ඒ බව දන්වන්න"තරුණයා නොනවත්වා කතා කලා.
    "මිය ගිය මිනිසාගේ නම මොකද්ද?" අවසානයේ ඔහු ඇසුවා.

    හෙදියගේ කදුළින් වැසී ගිය දෙනෙත් ඔහුගේ ප්‍රශ්ණයට උත්තර සැපයූවා.
    "ඔහුගේ නම විළියම් ග්‍රේ"

    ජීවිතයේ කාට හෝ ඔබව අවශ්‍යම මොහොතේ ඔහු අසලින්ම සිටින්න
    ජීවිතය තරගයක් නොව චාරිකාවක් බව පමනක් සිතට ගන්න.
    :):)

    SOURCE : කජුවත්ත එක්සත් Cricket සමාජය

    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath
    :):):):)
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ජිවිතේට වැදගත් දෙයක් ගන්න පුලුවන්..... බෙදා ගත්තාට ස්තූතියි. :):)
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Godak hoda kathawak. Eth mehema minissu ada kale hoyanna thamai amaru...:(:(:(:(