තරුණ වියේ දගකාරකම්
තරුණ වියේ දගකාරකම්
සිර ගතවුනි නුබෙ සල්ලාලකම් මැද
සිතුනි මට කවට කම් කර
සිනාසෙන්නට ඔබේ ලග දැවටෙමින්
තරහින් බලා මා දෙස
පියමැන්නා නුබ අන් හදවත් වෙත
සිනහවට කදුලක් පමණක් ඉතිරි කර
ගියා යන්නට දුර ඈතක
අදටත් මට සිතන්නට බැරි ලෙසක
ලෙඩ වුන කල මා නොහැකිනම් නුබට
වචනයකින්වත් මා සුවපත් කරන්නට
නුබ වෙනුවෙන් මා තවත් රැදී පල කිමද
යාන වාහන ඇති මුත්
නිවෙස ඉදිරිපස උජාරැවෙන්
සැනසුනද ඔබ ඒදෙස බැලුමෙන්
යන්නට නොහැකි නම් අපහට සතුටු සිතින්
කිම පලක් යාන වාහන තිබීමෙන්
මිල මුදල් තිබුනත් අතමිට
රසට කන්නට නැත ඇති තරමට
දනට පිනට දෙන්නට මව්පියන් හට සලකන්නට
ලස්සන ඇදුම් පලදින්නටනොහැකි නම් අප හට
කිම මා වෙහෙසෙන්නේ මිල මුදල් සොයන්නට
නැවතත් මව් පදවිය ලබන්නට
දොණිගෙ තනි කම මකන්නට
පුංචි දරැවෙකුගෙ රැව දකින්නට
සිතුනත් නිතර දරු පැටියෙක් පතන්නට
නොහැක මා හට මේ හැම තනිවම දරන්නට
දවසෙම වෙසෙහ වි යනවා යලි කැදැල්ලට
ගෙදර වැඩත් සිදුවෙයි මට තනිවම කරන්නට
පිනක් නැත පුංචිවත් සහයෝගයක් මා ලබන්නට
කල යුතු පින කිමද මා සැනසුම ලබන්නට
නිවසට එන්නේ මෝටර් වයර් කෑලි ගැන බලන්නට
නැත්නම් මැච් එක ඇත රෑ වෙනතුරැ බලන්නට
සිතුනත් සෙල්ලම් කරමින් ඔහු හා හුරතල් කතා කියන්නට
දෝණිට තේරෙයි ලං විය නොහැකි බව ඇගෙ තාත්තාට
මාවටා කැරකෙයි මා නිදහස් වන තුරු සෙනෙහස ලබන්නට
නිදිමත දැනෙනවා දිගටම අකුරෙහි රැදෙන්න
මට දැනෙනවා අසරණයි මා කුමක් කරන්නද
රැකියාවක් නොමැති නම් අපෙ ජීවිත ගෙවන්නට
බැරි බව නුඔට වැටහෙයි නිබදව මතු දවසක
පුංචි වුනත් මා දන්නව ඔය හිත ඇතුලේ
මාවෙනුවෙන් දුක හිරකරගෙන ඉන්නේ
නුඔ පමණයි මගේ මුලු දිවියම වනනේ
නුඔ නැතිනම් මා සසරින් එරෙතට යන්නේ
කල හොදක් නැත මතකයේ රැදිලා
සිනන්නේ උගතෙකු නැතයි ඔහුට වඩා
හොද නරකක් කියා දිය නොහැක සැමදා
හිස් වචන දොඩවයි ජය ගන්නට තර්ක බිද හෙලා
ආර්මාර්ථ කාමී ගති ගුණ මහ මෙරක් තරමට සිතෙහි පිරී
ලොභ කම වෛරය කාමය සිතම අසංවර වචනවලින් පිරී
සැනසීමක් නැතත් සැනසුම ලබන්නට වෙනසක් නැත කුරිරැකම්වලින් පිරී
මා සිත පන්සලක් කරගන්නේ කෙලෙසද ඔහු ඇත දෙව්දත් ගුණ වලින පිරී
ඇරයුම් ලැබුනත් අන් සෙනෙහස විදින්නට
මට බැහැ සසරට තව පව් එකතු කරන්නට
විදිනා දුක හොදයි යහපත් මව් පදවිය රකිනනට
නැත හිතන් මට තවත් වෙන හදකට බැදෙන්නට
පිනක් නැත මාහට සෙනෙහසක් විදින්නට
පිනක් නැත කරුණා බර වචනයක් අසන්නට
පිනක් නැත එකට එකතුව පිංකම් කරන්නට
පිනක් නැත සතුටින් එක වහලක රැදෙන්නට
නුඔ වැනි අයෙක් මතු සසරෙදි හමු වෙනු එපා
සසරක් එපා වන තරමට ඔබ සතෙක් වුණා
ගන්නට එක හොදක්වත් මට නැතිව ගියා
ඇයි දෙවියනේ මට මුණ ගැස්සුවෙ මේ අසත්පුරුෂයා
Written by දන්නා කෙනෙක්
තරුණ වියේ දගකාරකම්
සිර ගතවුනි නුබෙ සල්ලාලකම් මැද
සිතුනි මට කවට කම් කර
සිනාසෙන්නට ඔබේ ලග දැවටෙමින්
තරහින් බලා මා දෙස
පියමැන්නා නුබ අන් හදවත් වෙත
සිනහවට කදුලක් පමණක් ඉතිරි කර
ගියා යන්නට දුර ඈතක
අදටත් මට සිතන්නට බැරි ලෙසක
ලෙඩ වුන කල මා නොහැකිනම් නුබට
වචනයකින්වත් මා සුවපත් කරන්නට
නුබ වෙනුවෙන් මා තවත් රැදී පල කිමද
යාන වාහන ඇති මුත්
නිවෙස ඉදිරිපස උජාරැවෙන්
සැනසුනද ඔබ ඒදෙස බැලුමෙන්
යන්නට නොහැකි නම් අපහට සතුටු සිතින්
කිම පලක් යාන වාහන තිබීමෙන්
මිල මුදල් තිබුනත් අතමිට
රසට කන්නට නැත ඇති තරමට
දනට පිනට දෙන්නට මව්පියන් හට සලකන්නට
ලස්සන ඇදුම් පලදින්නටනොහැකි නම් අප හට
කිම මා වෙහෙසෙන්නේ මිල මුදල් සොයන්නට
නැවතත් මව් පදවිය ලබන්නට
දොණිගෙ තනි කම මකන්නට
පුංචි දරැවෙකුගෙ රැව දකින්නට
සිතුනත් නිතර දරු පැටියෙක් පතන්නට
නොහැක මා හට මේ හැම තනිවම දරන්නට
දවසෙම වෙසෙහ වි යනවා යලි කැදැල්ලට
ගෙදර වැඩත් සිදුවෙයි මට තනිවම කරන්නට
පිනක් නැත පුංචිවත් සහයෝගයක් මා ලබන්නට
කල යුතු පින කිමද මා සැනසුම ලබන්නට
නිවසට එන්නේ මෝටර් වයර් කෑලි ගැන බලන්නට
නැත්නම් මැච් එක ඇත රෑ වෙනතුරැ බලන්නට
සිතුනත් සෙල්ලම් කරමින් ඔහු හා හුරතල් කතා කියන්නට
දෝණිට තේරෙයි ලං විය නොහැකි බව ඇගෙ තාත්තාට
මාවටා කැරකෙයි මා නිදහස් වන තුරු සෙනෙහස ලබන්නට
නිදිමත දැනෙනවා දිගටම අකුරෙහි රැදෙන්න
මට දැනෙනවා අසරණයි මා කුමක් කරන්නද
රැකියාවක් නොමැති නම් අපෙ ජීවිත ගෙවන්නට
බැරි බව නුඔට වැටහෙයි නිබදව මතු දවසක
පුංචි වුනත් මා දන්නව ඔය හිත ඇතුලේ
මාවෙනුවෙන් දුක හිරකරගෙන ඉන්නේ
නුඔ පමණයි මගේ මුලු දිවියම වනනේ
නුඔ නැතිනම් මා සසරින් එරෙතට යන්නේ
කල හොදක් නැත මතකයේ රැදිලා
සිනන්නේ උගතෙකු නැතයි ඔහුට වඩා
හොද නරකක් කියා දිය නොහැක සැමදා
හිස් වචන දොඩවයි ජය ගන්නට තර්ක බිද හෙලා
ආර්මාර්ථ කාමී ගති ගුණ මහ මෙරක් තරමට සිතෙහි පිරී
ලොභ කම වෛරය කාමය සිතම අසංවර වචනවලින් පිරී
සැනසීමක් නැතත් සැනසුම ලබන්නට වෙනසක් නැත කුරිරැකම්වලින් පිරී
මා සිත පන්සලක් කරගන්නේ කෙලෙසද ඔහු ඇත දෙව්දත් ගුණ වලින පිරී
ඇරයුම් ලැබුනත් අන් සෙනෙහස විදින්නට
මට බැහැ සසරට තව පව් එකතු කරන්නට
විදිනා දුක හොදයි යහපත් මව් පදවිය රකිනනට
නැත හිතන් මට තවත් වෙන හදකට බැදෙන්නට
පිනක් නැත මාහට සෙනෙහසක් විදින්නට
පිනක් නැත කරුණා බර වචනයක් අසන්නට
පිනක් නැත එකට එකතුව පිංකම් කරන්නට
පිනක් නැත සතුටින් එක වහලක රැදෙන්නට
නුඔ වැනි අයෙක් මතු සසරෙදි හමු වෙනු එපා
සසරක් එපා වන තරමට ඔබ සතෙක් වුණා
ගන්නට එක හොදක්වත් මට නැතිව ගියා
ඇයි දෙවියනේ මට මුණ ගැස්සුවෙ මේ අසත්පුරුෂයා
Written by දන්නා කෙනෙක්
