තරුන ජීවිත විනාශ කරන අයිස් 😢

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    විනාශයේ සෙවනැලි
    ලොව අංක එකේ මත්ද්‍රව්‍ය😵😵

    ක්‍රිස්ටල් මෙත් (Crystal meth)

    හැමෝම දන්න නාමය
    #අයිස්....😵😵

    මිදුනු අයිස් වල පෙනුම එන්න ආපු නිසයි අයිස් කියලා ප්‍රසිද්ධ උනේ.. ඒත් දැන්නම් වෙනස් ස්වරූප වලිනුත් එනවා

    ගොඩක් අය දන්නවා අයිස් කොහොමද ජනතාව අතර ප්‍රසිද්ද උනේ කියලා ඔයාලා බලලා ඇති ලෝකයේ ජනප්‍රියම ටෙලි සීරීස් එකක් වෙච්ච Breaking Bad කියන කතාවත් ආදරනීය වෝල්ටර් වයිට් කියන චරිතය .

    හැබැයි බහුතරයක් දෙනා ක්‍රිස්ටල් මෙත් ගැන දැනගත්තෙ වෝල්ටර්ගෙන් උනාට මේ ටෙලි සීරියස් එකේදී..

    ඒ උනාට ඔයාලා විස්වාස කරනවද මේ මත්ද්‍රව්‍යයේ ඉතිහාසය 1800 ගණන් දක්වා විහිදෙනවා කියලා කීවොත්..

    1893 දි හොයාගනු ලැබූ මේ මෙත්ඇම්ෆෙටමීන් කියන දේ දෙවැනි ලෝක යුද්ධ කාලවලදී සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කරන උත්තේජකයක් හැටියටත් පාවිච්චි කරල තියනවා.

    (#Credit_for_හිට්ලර් 👆💪)

    ඉතින් ක්‍රිස්ටල් මෙත් බිහි වීමේ දෙවෙනි ලෝක යුද්දටට බොහෝම ලෙන්ගතුයි..හිට්ලර් කෙසේ හෝ යුද්ධය ජයග්‍රහණය පිනිස මෙය සොල්දාදුවන්ට ලබා දී ඇත.(අවසන හිට්ලර්ද පැරදුනි)

    අද වෙනකොට ඇමරිකා රුසියා වගේ රටවල් වල මේකට කාන්තාවන් ඇබ්බැහි වෙලා ඉන්න තරම ගොඩාක් වැඩී..

    මිල අතිනුත් ගොඩක් වැඩී ගොඩාක් ජනතාව අතර ප්‍රචලිත නොවීමට ඒක හේතුවක් උනත් අනිත් මත්ද්‍රව්‍ය එක්ක බලපුවාම හොද ඉල්ලුමක් හදාගන්න ක්‍රිස්ටල් මෙත් සමත් වෙලා තියනවා....

    ක්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධමත් හැඟීමක් ඇති වෙන බවට තමයි දැනගන්නට ලැබෙන්නෙ....

    හැබැයි මේ තාවකාලික මායාවට මුවාවෙලා මිනිස් ශරීරෙට විශාල හානියක් කරන්න මේ භයානක මත්ද්‍රව්‍යයට පුලුවන්.. නින්ද නැත්තටම නැති කරලා දාන්න කිසි දෙයක් කන්න බැරි තත්වෙට අපිරියාවක් ඇති වීම නිතරම වමනය යාමට ඒම වගේ ලෙඩ ඇති කරගෙන.....

    දැන් ඒ ටික කියවලා හිතුවා නේද මේ මොන භයානක ලෙඩද කියලා. නෑ තාම කියන්න ගත්තේ නෑ.....

    ඒ පොඩි පොඩි පොයින්ට් වලින් පටන් අරගෙන ඉතා කුඩාම කුඩා කාලෙකදි දත් වැටෙන්න ගන්න එකත් එක්ක ඔය ඇගේ තියන්නේ පටක කියලා ඒවා .... ඒ පටක විනාශවෙලා යනවා ගොඩක් ඉක්මනට ඊට පස්සේ මනස විකෘති වෙනවා තමන්ට තමන් අමතක වෙන සීමාව පනින තාක්.(සිරගෙවල් වල ඔබට දැක ගැනීමට පුලුවන් මෙවැනි පුද්ගලයන්).. හෘදයාබාද කියන එක හැදෙන එක වලක්වන්න ක්‍රමයක් ඇතිවෙන්නේ නෑ කොහොමත්....

    අයිස් බිංදුවේ අවසාන ඉලක්කය මොළය පටක ලේ හැම දෙයක්ම විනාශ කරගෙන යන ගමනේ අවසානය වෙන්නේ මොළය.. මොළයට තද හානි කරලා අවසානයට මරණය ගේන එක නවත්තන්න සර්වබලධාරී දෙවියන් වහන්සේවත් අවසානයේදී ඉදිරිපත් වෙන්නේ නෑ මොකද ඒ වෙනකොට ක්‍රිස්ටල්මෙත් දෙවියන්වහන්සේත් අභිබවා ශරීරය ඇතුලේ ගමන් කරලා ඉවරයි...

    විශේෂයෙන් පළවෙනි පන්තියේ මාරක මත්ද්‍රව්‍යක්...

    ☣☣☣☣☣☣..

    හුරුවීම විදවීමක් වෙනවා කියලා මතක තියාගෙන අතේ දුරින් තියහන් හැමදෙයක්ම....

    අපිට ඉන්න පුලුවන් රැදෙන්න පුලුවන් සීමාව අපි දැනගෙන හිටපන් හැම තැනකදිම....

    උබේ ඔය විදින්න තියෙන ජීවිතේ විදවනවට කැමති නෑ මචන් මමත් උබ වගේම ලස්සනට ජීවත් වෙන එකෙක්..... උබේ ජීවිතේ විනාශ කරගන්නවට මම කැමති නැති නිසයි තේරෙන භාශාවෙන්ම කිව්වේ ...

    ( උපුටා ගැනීමකි)
    778B278B-A123-4173-B593-ADC16DBFDCDB.jpeg
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මේක නම් සිරාම කතාවක් මොකද අයිස් ගන්න එකෙක් මම දැකල තියනව .ඌව නිකන් විකුර්ති වෙලා තියෙන්නෙ මුලු ඇගම
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    අයිස් ගහලා ඒකෙක් ගෙනාව සිහිය විකල් වෙලා, දවස් 4-5 පිස්සු කෙලලා පවු බන් උගේ ගෙදර උන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඉස්සර ඉස්කෝලෙ ඉවර උනාම අපි හැමදාම අයිස් කනවා. දෙකේ අයිස් පහේ අයිස් හොදට සල්ලි තිබුන දවසට දහයේ අයිස්.. දිවුල් අයිස් කිරි අයිස් චොක්ලට් අයිස් හම්මේ ඉතින්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඕවා ගහන උන් හොඳටම දන්නවා නේ තාවකාලික සතුටට වඩා ඕකෙන් ලොකු විනාශයක් වෙනවා කියලා. තමන්ටම දැනෙනවා ඇතිනේ ඕකෙන් වෙන හානිය මිනිස් බුද්ධිය හොඳටම ප්‍රමාණවත් ඔය ටික තේරුම් ගන්න... ඒත් කතාවක් තියනවානේ පවට පින දෙන්න බෑ කියලා..... 🙄අව්ල ඒක නෙවෙයි ඕකෙන් විඳවන අනිත් අය දරුවෝ, දෙමව්පියෝ, බිරිඳ, වගේ පවුලේ අනිත් අය.... 😒