Copy - FB

පැරිස් ඔලිම්පික් උළෙල ආරම්භවීමට ඇත්තේ තවත් දින 36ක් පමණයි. එමෙන්ම මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩාවෙන් සුදුසුකම් ලබගැනීමට තවත් දින දහයක කාලයක් ඉතිරිව තිබෙනවා.
ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රමවේද තුනක් ඇති අතර මෙම කාලය ජූනි මස 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
මලල ක්‍රීඩාවේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ ක්‍රමවේද
1. පරිසාධන මට්ටම පසුකිරීම.
2. 2023 ජූලි පළමුවැනිදා සිට ලබන ජූනි 30 වැනි දා දක්වා වන වසර තුළ දක්වන දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඉදිරි ස්ථානයක ශ්‍රේණිගත වෙමින් සුදුසුකම් ලැබීම.
3. Universality places - යම් රටකින් කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ක්‍රීඩා ඉසව්වකට සුදුසුකම් ලබා ගැනීමට සමත් නොවුණහොත් ලැබෙන අතිරේක අවස්ථාව. (මෙම වසරේ මෙම කෝටාවට ඇතුළත්ව ඇත්තේ කාන්තා හා පිරිමි මීටර් 800, මැරතන් ඉසව් හා කාන්තා මීටර් 100 පමණයි.
මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් නදීශා දිල්හානී ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් තෝරාගන්නා 32 දෙදෙනා අතරින් 30 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව පසුවනවා.එහි සෘජු සුදුසුකම් ලබාගැනීමටනම් මීටර් 64ක දක්ෂතාවක් දැක්විය යුතුයි. එම දක්ෂතාව තවමත් දක්වා ඇත්තේ ක්‍රීඩීකාවන් 8දෙනෙක් පමණයි. එම දක්ෂතාව දැක්වීමට අපොහොසත් වන ක්‍රීඩිකාවන් ඔලිම්පික් වරම් දිනාගන්නේ ශ්‍රේණිගත කිරීමේ සටහනේ ඔවුන් පසුවන ස්ථානය අනුවයි.
පසුගියදා ස්පාඥ්ඥයේ දී මීටර් 600 ඉසව්වෙන් දැක්වූ දක්ෂතා අනුව තරුෂී කරුණාරත්න ද මීටර් 800 ඔලිම්පික් ඉසව්වට තෝරාගන්නා 48 දෙනා අතරින් 47 වැනි ස්ථානයේ ශ්‍රේණිගතව සිටිනවා. (ස්පාඤ්ඤ තරගාවලියට පෙර තරුෂි පසුවූයේ 65වන ස්ථානයේයි).
එම ඉසව්වේ සෘජුව සුදුසුකම් ලබාගැනීමට නම් විනාඩි 1:59.30 කාලයකට අඩු දක්ෂතාවක් දැක්විය යුතුයි. දැනටමත් එම දක්ෂතාව දැක්වූ ක්‍රීඩිකාවන් සිටින්නේ 25කටත් අඩු පිරිසක්. එමෙන්ම මීටර් 800 කාන්තා ඉසව්වේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් Universality places යටතේ අවස්ථාව හිමි කරගන්නවා. ඒ අනුව මීටර් 800 කාන්තා ඉසව්වට සුදුසුකම් ලබා තරගාවලියට එක්විය හැක්කේ 45දෙනෙක්ට පමණයි. ඉදිරියේ පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ විනාඩි 2:03.00කාලයක් වාර්තා කිරීමට තරුෂි සමත්වුවහොත් ඇයට මෙම ශ්‍රේණිගත කිරීමේ සටහනේ 39 වන හෝ 40වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ වන විට එලෙස ශ්‍රේණිගත වී සිටීම යනු 100% ක්ම ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමක් නොවන අතර ඉදිරි 10 ඇතුළත මෙම ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් සිදු වීමට ඉඩ පවතිනවා.
එමෙන්ම ඔලිම්පික් උළෙල සඳහා තෝරා ගන්නා පිරිස අතරට ශ්‍රේණිගතවීම ආසන්නයේම පසුවන අනෙක් ක්‍රීඩකයන් වන්නේ මීටර් 400 පිරිමි ඉසව්ව වෙනුවෙන් අරුණ දර්ශන - 53 වැනි ස්ථානය හා කාලිංග කුමාරගේ - 54 වැනි ස්ථානයයි (ඉසව්ව සඳහා තෝරාගන්නා සංඛ්‍යාව 48කි)
කෙසේ වෙතත් ජූනි 30 වැනිදායින් පසුව සහන කාලයක් ලැබෙන අතර ඒ වනවිට ඔලිම්පික් සුදුසුකම් ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම අභිමතය මත ඉන් ඉවත්වීමේ අවස්ථාව හිමිවනවා. ඉන් පසු ශ්‍රේණිගත කිරීම් සටහනේ ඉතිරි පිරිසෙන් ප්‍රමුඛතාව මත සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනවා.
එසේම ඉතිරි දින 10 තුළ ලොව පුරා තරගාවලි බොහෝමයක් පවත්වනු ලබන අතර එහිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව ඉහත ශ්‍රේණිගත කිරීම් වෙනස් විය හැක.
මෙරටදී ද ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ලබන 25, 26, 27 දින වලදී පැවැත්වෙන අතර, ඉන්දියාවේ අන්තර් ප්‍රාන්ත තරගාවලිය 27, 28, 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. එහි දී ලබාගන්නා ලකුණු ප්‍රමාණයන් මත මෙන්ම සෘජු පරිසාදන මට්ටම ඉක්මවීමට ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක සමත්වුව හොත් පමණක් ඔවුන්ට නිසැක වශයෙන්ම ඔලිම්පික් වරම් හිමිවනු ඇත.
මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගන්නා නාමලේඛනය නිලවශයෙන් ජූලි මස පලමු සතිය අවසානයේ නිකුත් කිරීමට නියමිතයි.
https://www.facebook.com/share/p/1DWhaiLSuXDCKHDk/?mibextid=xfxF2i