තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි
රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී තලගොයන් මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මරා දමා තිබූ තලගොයන් අට දෙනකු ද එහිදී සොයා ගැනුණා.
නාඋල පුබ්බිලිය බඹරගහ වත්ත රක්ෂිතයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බිලිය, මාලගමුව, ගලේවෙල සහ මනන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.
ඇලහැර වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු නාඋල පුබ්බිලිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයේ ඉදිකොට ඇති විදුලි වැට පිළිබඳව නිරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රජයේ රක්ෂිතය තුළ ගින්නක දුමක් දැක ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී මෙලෙස පුද්ගලයන් පිරිසක් තලගොයන් මරා පුළුස්සමින් සිට ඇති බව අනාවරණය කරගෙන තිබුණා.
මෙම පුද්ගලයන් සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් සහ පිහි කිහිපයක් ද සොයා ගත් බව වනජීවි නිළධාරීන් සඳහන් කළා.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ දඩ මස් අලෙවි කිරීම සඳහා වනාන්තර වල සිටින තලගොයන් මරා පුළුස්සා මස් රැගෙන යන බවයි.
මෙම තලගොයි මස් විවිධ ප්‍රදේශවල සංචාරක හෝටල්වලට සහ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට අලෙවි කෙරෙන බවද අනාවරණය වී තිබෙනවා.
පොලොන්නරුව දිස්ත්‍රික්ක වනජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව් .එම්. කේ. එස්. චන්ද්‍රරත්නගේ උපදෙස් සහ ඇලහැර අඩවි ආරක්ෂක කේ .ආර් . පියදාසගේ උපදෙස් පරිදි වනසත්ත්ව නියාමක ජේ.එම්.ඒ.එස්. ජයසුන්දර, වනසත්ත්ව පුහුණු නියාමක ටි. දිල්ශාන්, සිවිල් ආරක්ෂක අයි.ජී. සෙනවිරත්නයන යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණා.
Neth
දඩමස් ලෙස අලෙවි කිරීමට පුළුස්සමින් සිටි තලගොයි සමග සැකකරුවන් කොටු