තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    තලගොයි_රෝස්ට් කරපු 6 දෙනෙක් අල්ලයි

    දඩමස් ලෙස අලෙවි කිරීමට පුළුස්සමින් සිටි තලගොයි සමග සැකකරුවන් කොටු

    Eru5Wpr.jpg


    රජයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී තලගොයන් මරා පුළුස්සමින් සිටි පුද්ගලයන් හයදෙනකු වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මරා දමා තිබූ තලගොයන් අට දෙනකු ද එහිදී සොයා ගැනුණා.

    නාඋල පුබ්බිලිය බඹරගහ වත්ත රක්ෂිතයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණා.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුබ්බිලිය, මාලගමුව, ගලේවෙල සහ මනන්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

    ඇලහැර වනජීවී කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු නාඋල පුබ්බිලිය ප්‍රදේශයේ රජයේ රක්ෂිතයේ ඉදිකොට ඇති විදුලි වැට පිළිබඳව නිරීක්ෂණයක් සිදු කරමින් සිටියදී රජයේ රක්ෂිතය තුළ ගින්නක දුමක් දැක ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී මෙලෙස පුද්ගලයන් පිරිසක් තලගොයන් මරා පුළුස්සමින් සිට ඇති බව අනාවරණය කරගෙන තිබුණා.

    මෙම පුද්ගලයන් සතුව තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ කිහිපයක් සහ පිහි කිහිපයක් ද සොයා ගත් බව වනජීවි නිළධාරීන් සඳහන් කළා.

    සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ දඩ මස් අලෙවි කිරීම සඳහා වනාන්තර වල සිටින තලගොයන් මරා පුළුස්සා මස් රැගෙන යන බවයි.

    මෙම තලගොයි මස් ‍විවිධ ප්‍රදේශවල සංචාරක හෝටල්වලට සහ ඇතැම් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට අලෙවි කෙරෙන බවද අනාවරණය වී තිබෙනවා.

    පොලොන්නරුව දිස්ත්‍රික්ක වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් .එම්. කේ. එස්. චන්ද්‍රරත්නගේ උපදෙස් සහ ඇලහැර අඩවි ආරක්ෂක කේ .ආර් . පියදාසගේ උපදෙස් පරිදි වනසත්ත්ව නියාමක ජේ.එම්.ඒ.එස්. ජයසුන්දර, වනසත්ත්ව පුහුණු නියාමක ටි. දිල්ශාන්, සිවිල් ආරක්ෂක අයි.ජී. සෙනවිරත්නයන යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබුණා.



    0aQJFUc.jpg


    Neth​
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තලගොයි දිව කෙසෙල් එක්ක කනවලු මතකය වැඩි කරගන්න
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    චීන්නු පරාදයිනෙ බලං ගියාම :baffled:

    චීන්නු ඔය හැම සතාම කන්න පුරුදු වුනේ උන්ගෙ රටේ තිබ්බ ලොකු නියඟයක් නිසා කෑම හිඟ වුන නිසානේ..ලංකාවෙ උන් නම් ඉතිං පෙරේතකමට තමා ඕකුන්ව කන්නෙ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    චීන්නු ඔය හැම සතාම කන්න පුරුදු වුනේ උන්ගෙ රටේ තිබ්බ ලොකු නියඟයක් නිසා කෑම හිඟ වුන නිසානේ..ලංකාවෙ උන් නම් ඉතිං පෙරේතකමට තමා ඕකුන්ව කන්නෙ..
    අඩෝව් එහෙම සීන් එකක්ද ඒත් මම බැලුවා චීන්නු අපේ වැද්දන්ට හපන්නේ කියලා,
    වැද්දොත් මස් පුච්චලනේ ඉස්සර කාලා තියෙන්නේ මුන් අමුවෙන්ම කනවා

    :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    අඩෝව් එහෙම සීන් එකක්ද ඒත් මම බැලුවා චීන්නු අපේ වැද්දන්ට හපන්නේ කියලා,
    වැද්දොත් මස් පුච්චලනේ ඉස්සර කාලා තියෙන්නේ මුන් අමුවෙන්ම කනවා

    :baffled:

    ඔව් මචං චීන්නු කියන්නෙ පට්ටම දුක් වින්ඳ කන්නත් නැතුව හිටපු ජාතියක්..පොඩ්ඩක් හොයල බලපං..ඒත් අවුරුදු 70ක් අැතුලත උන්ට අැමරිකාවෙ අාර්ථිකේට ලං වෙන්නම ඵන්න පුළුවන් උනා..2025 අැමරිකාවත් පාස් කරන්නනේ හිටියේ..දැන් උන්ට ප්‍රශ්න වැඩිත් ඒකමයි..;)