මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාය හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත.
ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානවල පවතින වාහන තදබදය සඳහා විසඳුම් ලබා දීම පිණිස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී ස්ථානවල ගුවන් පාලම් 04ක් ඉදිකිරීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඡායාරූපය - රාජගිරිය ගුවන් පාලම