තලවාකැලේ නගරාධිපති ඇතුලු 04ක් රක්ෂිත බන්ධŞ
ළමයෙකු විකිණිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, නාගරික මන්ත්රි ඉෂාර අනුරුද්ධ මංචනායක, ජයන්ත පිරිස් සහ එච්.ඒ තිලකරත්න යන සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය දිසා විනිසුරු චමෝද් ජයසේකර මහතා ඊයේ (04) නියෝග කර තිබේ.
මෙම පිරිස පසුගිය 03 වැනිදා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පැහැරගැනීම හා මිනිස් ජාවාරම යන චෝදනාවලට යටත්වය.
සැකකරුවන් අතරින් එක් පුද්ගලයෙකුට විකුණුවා යැයි කියන දැරියගේ මව දුෂණයට ලක්කළ බවටද සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් සභාපතිවරයා පැවති නගර සභාවේ සන්ධානය නියෝජනය කළ සභාපතිවරයා වන අතර 2018 පළාත් පාලන මැතිවරණයේදී ඔහුට මහින්ද පිලෙන් ඉඩ නොලැබීම මත ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී ජයග්රහණය කළ පසු නැවත මහින්ද පිල සමග එක්ව ඇති අයෙකි. නාගරික මන්ත්රි ඉෂාර අනුරුද්ධ මංචනායක නැමැත්තාද මහින්ද පිල නියෝජනය කළ මන්ත්රීවරයෙකි.