තල්මසුන්

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    අසිරිමත් මහා සාගරය ජීවන විජිතය කොට ගනිමින් ජීවත්වන තල් මසුන්

    030c40ca-abcc-401a-9bc6-e92993d03f32.jpg


    තෙරක් නොපෙනෙන අසිරිමත් මහා සාගරය ජීවන විජිතය කොට ගනිමින් ජීවත්වන තල් මසුන් ලොව දැවැන්තම සත්වයෝය. මිනිසුන් මෙන්ම ඔවුන්ද කිරි උරා බී වැඩුණු බැවින් ක්ෂීරපායීහු වෙති. මිනිස් ලොව ජීවත්වන මිනිසුන් සේම තල්මසුන්ද වාතය ආස්වාස කරන්නේ යෑයි පවසතොත් ඒ පිළිබඳව ඔබ සැම විශ්මයට පත් වනු ඇත. තල්මසුන් මහ මුහුදේ කොපමණ ගැඹුරක ජීවත් වුවත් යථාර්ථය එයයි.

    3349b21a-4c85-4036-9742-6df286d93e05.jpg


    7595c943-e744-450e-8704-66d17ff1ea6e.jpg


    වාතය හුස්ම ගැනීම සඳහා යෝධ තල්මසුන්ට මහෝපකාරී වන්නේ ඔවුන්ගේ හිස මුදුනෙහි පිහිටා තිබෙන විශාල සිදුරු දෙකයි. වායු සිදුරු වශයෙන් හඳුන්වන ඒවායෙහි සාමාන්ය උස පමණක් අඩි විසිපහක් පමණ වන බව අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම තල්මසකුගේ බර පමණක් කොතෙක් දැයි ඔබට සිතිය හැකිද? එයද ඔබ තුළ විශ්මය දනවන කාරණයක් වනවාට සැක නැත. එනම් සාමාන්යයෙන් වැඩුණු තල්මසකුගේ බර ටොන් සියයක් පමණවේ. දිග අඩි අනූවක් තරම් වන ඔවුන්ගේ ශරීර ප්රමාණය ඊට බෙහෙවින් පෑහී තිබෙන්නාක් වැන්න.
    මෙතරම් සුවිශල් ඇඟ පතක් තිබෙන තල්මසුන්ගේ ආහාර ප්රමාණයෙහිද ඊට වැඩි වෙනසක් තිබෙන්නට බැරිය එය එසේමය. නිබඳ මහ සයුරු රළ පතර අතරේ කිමිඳෙන ඔවුහු වැඩිපුරම ආහාර වශයෙන් කෑමට ගන්නේ මුහුදු කූනිස්සෝය. තල් මසුන් ඔවුන් අල්ලා ගන්නා අයුරු අපූරුය. ඔවුන් එහිලා මුළින්ම කරන්නේ මහ බෝක්කු කටක් වැනි සිය මුඛය විවර කිරීමයි. ඉන් එහා කිසිවක් කරන්නට කිසිදු වෙහෙසක් නොගන්නා මේ තල් මසුන් මෙයින් පසුව වඩාත් නිසොල්මන්ය.
    කූනිස්සන් හා වෙනත් නොයෙක් මාළුන් තොගපිටින් මේ අතර මුහුදේ ඒ මේ අතර පීනා යන්නේ එකිනෙකා අතර පොරකමින්, තෙරෙපෙමින්ය. මෙසේ අර ඇරගෙන සිටින තල්මස් කට අතරින්ද මොවුන් ගමන් ගනිත්ම මහ තල්මසා එකරවම කට වසයි. එවිටම කට තුළ කොටුවන කූනිස්සන් සියල්ලෝම තල්මසාගේ ආහාරය නැත්නම් ගොදුර බවට පත්වේ. මෙලෙස එක තල්මසකු එක දවසකට ආහාරයට ගන්නා මුළු කූනිස්සන්ගේ ප්රමාණය ටොන් අටක් පමණය.

    f50672f1-b642-4f74-bcb4-d41db6896c60.jpg


    d649ad6e-130e-4421-8458-69931d06c0d3.jpg


    6631460b-2255-4a0d-8ed0-bdbfd10ab4a9.jpg


    ගැඹුරු මුහුදේ පමණක් නොව තවත් වරෙක නොගැඹුරු මුහුදටද පැමිණ ජීවිතය ආශ්වාද කරන ඇතැම් තල්මසුන් රෑන් රෑන් නැත්නම් රංචුපිටින් ජීවත් වන්නට කැමති නැත. නිල් තල්මසුන් විශේෂයෙන් මෙබඳු හුදෙකලා ජීවිතයක් ප්රියකරන්නෝය. මේ අනුව යම් හෙයකින් නිල් තල් මසෙකුට තවත් තල්මසකු හෝ දෙදෙනකු මුහුදේ අතරමගදී හමුවුණ හොත් ඌ වහාම කරන්නේ එක සැටියෙන් ගැඹුරු මුහුදු පතුළට කිමිදී යැමයි.

    නිල් තල්මසුන් මෙන්ම මහ මුහුදේ ජීවත් වන වෙනත් බොහෝ තල් මසුන්ද බිත්තර දමන්නේ නැත. ඔවුහු තම වර්ගයා බෝකරන්නේ පැටවුන් හැටියටයි. තල්මසකුගේ ගැහැණු සතකු තල්මස් පැටවකු බිහි කරන්නේ අවුරුදු දෙක තුනකට වරක්ය. එවැනි එක පැටියකු උපදින විට මීටර් හතක් පමණ දිග ප්රමාණයකින් යුක්තය. විවිධ වර්ගවලින් තල්මස් ලෝකයේ අලංකාරම තල්මසා වන්නේ මාරක තල්මසාය. සැබවින්ම උගේ මේ අලංකෘත බවට වඩාත් තුඩු දී තිබෙන්නේ ඌගේ ශරීර වර්ණයයි. එම වර්ණ කළු හා සුදු යන දෙකින් සමන්විත වී තිබේ. ඒවා සුවිශාල පුල්ලි ලෙස ඔවුන් සිරුරෙහි පිහිටා තිබෙන අයුරු චමත්කාර ජනකය.


    95ea97c3-c03d-4dfb-8300-f86cda8d7991.jpg


    27953685-d575-4cd4-97ae-e309628bcf70.jpg


    මාරක පිරිමි තල්මසකුගේ බර ටොන් අටක් පමණය. ඔවුන්ගේ ශරීරය අඩි විස්සක පමණ දිගකින් යුක්තවේ. මුහුද මතු පිට සිටින විට ත්රිකෝණාකාර පෘෂ්ඨීය වරල හොඳින් දිස් වී පෙනෙන්නේ නම් ඔබ නිසැකයෙන්ම මුහුදේදී මේ දකින්නේ මාරක තල්මසෙකි. නිල් තල් මසුන් මෙන් නොව රංචු ගැසී මුහුදු ජීවිතය ගත කිරීමට ඉමහත් කැමැත්තක් දක්වන මොවුන්ගේ කට ඇතුළතට ගිය කවර කුඩා මුහුදු ජීවියකු වුවද ආයෙත් එළියට නම් එන්නේ නැත. කැස්බෑවන්, දාර කැස්බෑවන් පමණක් නොව, පෙන්ගුවීන් නම් මුහුදු බඩ ජීවත්වන පක්ෂීන්ද, මුහුදු කුරුල්ලන්ද මහත් ආශාවකින් කන්නෝද මෙම මාරක තල්මස්හුමය.

    9c38096e-682f-48a4-8d27-c7e1bc3e1e9a.jpg


    c91c4824-e0ec-4054-8435-08b8943aed50.jpg


    හොට උල් තල් මසුන් මහ මුහුදේ ජීවත් වන තවත් තල්මසුන් විශේෂයකි. මෙම ස්වරූපයට අයත් තල්මසුන් වර්ග දහඅටක් පමණ ලෝකය පුරාවෙහි සාගරයෙහි තැනින් තැන ජීවත්වෙති. මොවුන්ගේ ජීවිත කාලය අවුරුදු තිස් පහක් තරම්ය. මොවුහු මුහුදේ සුවිශාල ගැඹුරක කිමිදීමෙහිලා අතිශය ශූරයෝය. එපමණක්ද නොව එසේ කිමිදෙන මොවුහු විනාඩි තිහක් පමණ එම ගැඹුරු සයුරු පතුළේම රැඳී සිටින්නටද සමත්වෙති.

    eae5bdec-57aa-4802-8af1-bc4a1fe56faf.jpg


    d914cc90-3255-4ef3-bbd6-0b7414692fa0.jpg


    තල්මසුන්ගේ ලොව තුළ තවත් විශ්මිත වූ තොරතුරු රාශියක් තිබෙන්නේ "මන්දා" නම් තල්මසුන්ගේ ජීවන ලෝකයෙහිය. මන්දා තල්මසකුගේ ශරීරයෙන් අඩකටත් වඩා තිබෙන්නේ ඔළුවයි. අලංකාර පෙට්ටගමක් වැනි එවැනි හිසකට උරුමකම් කියන ඔවුන් ගේ පැටවකු පමණක් ටොන් එකක් පමණ බරකින් සමන්විත වේ. මුහුදේ ගැඹුරටම කිමිදෙන තල්මසුන් මොවුන්ය. එම ගැඹුරු අඩි තුන් දහසක් තරම්ය එනම් මීටර් දහසකි. එපමණක්ද නොවේ. එවැනි යටක කිමිදුණු පසු පැයක් හමාරක් යන තෙක් එක සැටියෙන් ඒ මහ ගැඹුරෙහි රැඳී සිටින්නටත් මන්දා නම් තල් මසුන්ට පිළිවන.

    මොවුන්ගේ ස්පර්මසිටි නම් ග්රන්ථියෙන් නිපදවෙන මන්දා තෙල් නම් තෙල් වර්ගය මොවුන්ගේ ජීවිතයට විශාල තර්ජනයක් ගෙන දී තිබේ. මේවා විශාල මිලකින් යුක්තය. එසේම දැල්ලන් ආහාරයට ගැනීමට මන්දා තල් මස්සු දැඩි කැමැත්තක් දක්වති. එයම ඔවුන්ට පාරා වළල්ලක් වන අයුරු දෛව්ය විසින් ඔවුන්ට උරුම කර දී තිබෙන පුදුම සහගත සිදුවීමක් වැන්න.

    ඒ කෙසේදැයි පවසතොත් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමෙහිලා ගන්නා "ඇම්බර්" නම් ද්රව්යය මේ දැල්ලන්ගේ ශරීරයන්හි ගහනය මන්දා තල්මසුන් මෙම දැල්ලන් ගොදුරුකරගත් පසු ඔවුන් ජීර්ණය වූ පසු ඇම්බර් මන්දා තල්මස්වල ගබඩා වේ ඇම්බර් කිලෝ සිය දහස් ගණන් ලබා ගැනීම සඳහා මන්දා තල්මසුන් මරා දමති. සිසිර තරණයද මන්දා තල්මසුන්ගේ ජීවිත හා බැඳී තිබෙන සුවිශේෂ සිදුවීමකි. එනම් මුහුදේ සීතල හැඩි දැඩි වන විට මොවුහු ඈත උණුසුම් මුහුදු වෙත වේගයෙන් පීනා යති. ඒ ඈත මුහුදේ සැතපුම් දහස් ගණන් දුරටය.

    මන්දා තල්මසුන්ගේ ලෝකය මෙන්ම මොල්ලි තල්මසුන්ගේ ජීවන ලෝකයද අසිරිමත්ය. ඔළුව මතුපිට තිබෙන ගැට නිසා මොවුන්ගේ ස්වරූපය කිඹුලකුගේ වැන්න සුදුපාට අවල ඇති මොවුන්ගේ දිග මීටර් 15 ක් පමණය. කටෙහි දත් නැත. දත් වෙනුවට තිබෙන්නේ මුඛ පෙරණය. ඒවායෙහි හැටි හරියට තලන ලද පොල්ලෙලි වැන්න. මුළු කටෙහිම මේවා 400 ක් පමණ දැක ගැනීමට පිළිවෙන උඩ පැනීමටද මොල්ලි තල්මසුන් හපන්නුය. පැයට කිලෝමීටර් හයත් දොළහත් අතර වේ. වේගයෙන්න් මුහුදේ පීනා යාමටද මොවුහු එක සේ දක්ෂයෝය. මොල්ලි තල්මුසුන්ගේ කෑ ගැසීමේ හඬ මිහිරිය ගීතවත්ය. සිත ඇලේ. මේ නාදය ඇත්තටම ඇහෙන්නේ ඇතුන්ගේ කුංචනාදයක් ලෙසින්ය.


    99e130c5-558f-48c8-a264-3e43fce2310c.jpg


    aaecbdc5-173c-4dae-86c9-0dc33920ac53.jpg


    319a913b-95a6-4f1e-82f1-500485da7fc9.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    පට්ට මචන් ජපන මුන්ව මරනව නේද.... tfs මචන්