තලෙයිබාන් ක්‍රමයට මැච් බලමු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
තලෙයිබාන් ක්‍රමයට මැච් බලමු

ලෝක කුසලානය නැරඹීමේදී සුදු වතින් සැරසී පිරිත් පොතක් රැගෙන එන මෙන් පොලීසිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි !!

Posted by epuwath on February 19th, 2011
ශ‍්‍රි ලංකාවේ පොලීසිය පුදුමාකාර පොලීසියකි. සුපේෂල ශික්‍ෂාකාමීත්වය ඉතිරි පැතිරී යන පොලීසියකි. ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ හසල බුද්ධිම මහිමයකි. එය පෝෂණය කොට ඇත්තේ 2500කට වඩා ඉතිහාසයක් ඇති බෞද්ධාගමික ඇදහීම් මතිනි. ශ‍්‍රී ලංකාවේ පොලිස්පති තැන්පත් මහින්ද බාලසූරිය පින්වතානෝ මේ හසල බුද්ධිය හා සුපේෂල ශික්‍ෂාකාමීත්වය මෙරට පමණක් නො අවට ලෝකයේ රටවල්වලද චිරප‍්‍රසිද්ධ කිරීම් වස් මෙවර ලෝක කුසලාන තරගාවලිය උපයෝගී කොට ගෙන ඇත. මේ සදහා සැකසූ ශික්‍ෂාකාමී දැහැමි ක‍්‍රියාමාර්ගයන් මාලාවක් පසුගිය දා මාධ්‍ය ඔස්සේ වදාරණ ලදී. මේ අනුව ක‍්‍රිඩාගාරයන්ට පැමිණෙන පේ‍්‍රක්‍ෂකයන් සුදුවතින් සැරසී දෙඅතේ මල් ඇතිව පැමිණිය යුතු අතර නච්චගීතවාදිත විසූකදස්සනා යන ශික්‍ෂා පදය ආරක්‍ෂා කිරීමට ක‍්‍රිඩාලෝලින්ට උපදෙස් දී ඇති අතර මහින්ද චින්තනයේ ආනුභාවයෙන් සුරාමේරය ශික්‍ෂාපදය ආරක්‍ෂා වන අතරම එයද මෙහිදී රැුකිය යුතුබවද දක්වා ඇත. මේ අනුව මෙවර ලෝක කුසලාන තරඟාවලියේදී කිසියම් රටක් විසින් පන්දුවට පහර දී 4 ක් හෝ 6 ක් ලැබෙන්නේ නම් ක‍්‍රීඩාගාරවල සිටින පේ‍්‍රක්‍ෂකයන් සාධුකාර දී රැුගෙන ආ පිරිත් පොතේ පිරිත් කියා මල් දෝතක් පිටිය ආසන්නයට හෙළිය යුතුය මේ අනුව මෙවර ලෝක කුසලානය සමග ශ‍්‍රි ලංකාද්වීපය ලෝකයේ ධර්මභාණ්ඩාගාරය බවට පත්කිරීමේ මෙකී පුණ්‍යකාර්මයට දායක වෙන ලෙස මහින්ද බාලසූරිය සැදැහැවතාණෝ හා රාජ රාජ මහාමාත්‍යාදීන්ද ගෝඨය නැමැති උපාසක තෙමේද හුදී ජනයාගෙන් ඉල්ලා සිටී.

 
  • Like
Reactions: Mr Dilshan

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේවා දැකල පන පලයන් ලබන පෙරෙයිදා
    000203DF.gif
    000203DF.gif
    000203DF.gif
    000203DF.gif
    000203DF.gif