නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති විය.
(06) දින උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍යය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරිම් කටයුතු නතර කිරිමට පියවර ගැණින.
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම් මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගැණින.
නාවලපිටිය පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිළධාරීතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිළධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම් වලට අවසර දීමට පෙර හොඳින් විමර්ශනය කරන ලෙසත්, එසේ නොවුනහොත් ප්‍රදේශවාසීන් හා ඉදිකිරිම් කටයුතු සිදු කරන පාර්ශව අතර ගැටුමක් දක්වා තත්වය වර්ධනය විය හැකි බවත්, කරදගොල්ලේ පියරතන හිමියන් නාවලපිටිය පොලිය හමුවේ අවධාරණය කර සිටියහ.

