තවත් අඳුරු යතාර්ථයක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
තවත් අඳුරු යතාර්ථයක්

තවත් අඳුරු යතාර්ථයක්

Warning!!!

එලකිරි පොරවල් ගැන පල කල ලිපියෙන් පස්සෙ අලුත් ලිපියක් ලියන්න හිතක් පහල වුනා කතා නොකෙරෙන මාතෘකාවක් ගැන. ඒ දැං දැකපු ත්‍රෙඩ් දෙකක් නිසා. මේක ටිකක් වෙනස් කතාවක්. මේ ගැන මීට වඩා සාධාරණ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කිරීමට ඒ සම්බන්ධ දැනුමක් ඇති අයට හැකියාවක් ඇති බව මගේ මතයයි. මා හට එවැන්නක් කිරීමට තරම් ඒ සම්බන්ධ දැනුම ප්‍රමාණවත් නොවන බැවින් මෙම කාරණය තුල මතුපිටට පෙනෙන යතාර්ථය ගැන මගේ අදහස මෙලෙස ලියා තබමි.

illus_2heads-media.gif

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි. මා උපුටා දක්වන thread දෙක හුදෙක් උදාහරණ සඳහා යොදාගන්නා අතර එම Thread පල කල අයට හෝ ඒවාට කමෙන්ට් කල අයට පෞද්ගලිකව මඩක් ගැසීමේ කිසිඳු යටි අරමුණක් නොමැති බව මුලින්ම අවධාරණය කරමි.

මෙය එලකිරියේ වැටෙන Thread හිට් වීමට බලපාන ප්‍රධාන සාධකයක් පිලිබඳව ඉඟි සපයයි. එම සාධක ඔබේ Thread සඳහාද යොදාගැනීම යහපත් ප්‍රතිඵල ලඟාකරගැනීමට මහෝපකාරී වේ. දැං අපි උක්ත කාරණාව දෙස බලමු.

පරීක්ෂණය

මේ ත්‍රෙඩ් දෙකම පහුගිය දවසක සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක් අලෙලා ගප්පියා නම් පුද්ගලයෙක් හාස්‍යෝත්පාදනය අරඹයා තැනූ වීඩියෝ ක්ලිපයක් පාදක කොට ගෙන පල කල ඒවායි. අපි පලමු thread එක බලමු.

http://www.elakiri.com/forum/showthread.php?t=1687611

මෙහිදී තත්වය සාමකාමීය. Thread එක පල කල වහා Rovin සොයුරා LOL smiley එකක් යොදා ඇති බව පෙනේ. ඉන් පසු එම thread එකේ කමෙන්ට් කල සියල්ලෝම පාහේ LOL smiles භාවිත කර ඇත. මෙහිදී රචකයාගේ අදහස අනුමත කල ආකාරයක් පිලිබිඹු වන බැවින් රචකයාගේ අභිප්‍රාය සඵල වී ඇත්තාක් පෙනේ.

දැන් අපි දෙවන Thread එක දෙස බලමු.

http://www.elakiri.com/forum/showthread.php?p=18682937

මුලින්ම තම අදහස පල කර ඇති agrmrs සොයුරා එම වීඩියෝ ක්ලිපය පිලිබඳ නොරිස්සුම් ස්වභාවයකින් අදහසක් පල කරයි. ඉන් පසු කමෙන්ට් කරන සියල්ලන්ම පාහේ ඒ සමාන අදහස් පල කරයි.

නිරීක්ෂණය

මෙය හාත්පසින්ම වෙනස් හැසිරීමකි. මුලින් සඳහන් කල Thread එකේදී හාස්‍යක් උත්පාදනය වූ කාරණාව දෙවන Thread එකේදී හාස්‍යක් උත්පාදනය වීමට සමත් වී නැත. මෙයට හේතුව කුමක්ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.

නිගමණය

එනම් මුල් කමෙන්ටු කීපයෙන් පසු වැටෙන කමෙන්ටු සඳහා යම් මනෝවිද්‍යාත්මක බලපෑමක් මුල් කමෙන්ටු සපයයි. ඒවා සුභ වාදී නම් ඒවා අනුකරණය කරමින් අන් සියලු දෙනාම සුභවාදී පුතිචාර thread එක පුරා පල කිරීමේ ප්‍රවණතාවයක් මෙහි පෙන්වයි.

මෙහිලා අදාල මුල් කමෙන්ටු පල කරන පුද්ගලයන්ද තීරණාත්මක යැයි මට සිතේ. ඔවුන් කොටු 11ක් පිරී ඇති එලකිරියේ හොඳ නමක් දිනා ඇති අයවලුන් වීම වැදගත්ය. කොටු නොමැති හෝ රතු කොටු ඇති සාමාජිකයින්ගේ අදහස් වලට ඇති වටිනාකම අඩු යැයි හැඟෙන නිසා පෙර සඳහන් කල ආකාරයේ තත්වයක් ඇති වීමට හැකියාව අඩුය යන්න මගේ මතයයි.

පසුවදන

තමන්ට හෘද සාක්ෂියට එකඟව ස්වාධීන අදහසක් පල කිරීමට ඔබත් උත්සුක වන්න. පැත්ත ගියත් ඇත්ත කියන්න. පුද්ගලයා උස් වුනත් මිටි උනත් ඔහු දරන යතාර්ථවාදී අදහස් වලට අදාල ගෞරවය දෙන්න.

ඔබට ජය!
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක ඔය විදිහටම මමත් හිතුව .. ඒත් ගොඩක් දුරට ඕක බලපාන්නේ මෙහෙමයි කියල පස්සේ හිතුන ..

    හිතන්න ත්‍රෙඩ් එක කියවන A නමැති පොරක් සහ B නමැති පොරක් ..

    A නමැති පොර ත්‍රෙඩ් එක කියවපු ගමන් මනසින් හිතා ගන්නවා "මූ මේ දාල තියෙන දේට මගේ reply එක මෙහෙමයි .. අනික් අයත් මොනාද දාල තියෙන්නේ කියල බලමු " කියල ! එතකොට ඌ දාන එක කලින් තීරණය කරගෙන තමයි යට පෝස්ට්ස් බලන්නේ ..

    B නමැති පොර ත්‍රෙඩ් එක කියවල හිතනවා .. "අහ්හ් මාර සීන් එක තමයි ... එකත් මරු වැඩේ .. සමහර විට ඕක මෙහෙම වෙන්න බැරිද ... ඕක මෙහෙම වුනත් අරහෙම වෙන්න තියෙන ඉඩකඩ අඩුයි" වගේ අවිනිශ්චිත දේවල් හෝ පොදු අදහස් වගේ දේවල් .. එතකොට ඌ යට පොස්ට්ස් බලුවම ඒවායේ තියෙන දේවල් අනුව ඌ ගේ අදහස වෙනස් වෙන්න තියෙන ඉඩකඩ වැඩී හෝ ඒ අදහස් වලට එකඟ වෙන්න තියෙන ඉඩකඩ වැඩි..

    අනේ මන්ද ඔය මම හිතාගත්ත විදිහ .. ඕකට ඔයිට වඩා හොඳ මනෝ විද්‍යාත්මක විග්‍රහයකුත් ඇති සමහරවිට :P
     
    Last edited:
    • Like
    Reactions: madusha.stranger

    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes::yes::yes:
    ඕක කොටන්න තේරෙන්නෙ නැතුව හිටියෙ..:rofl:
     
    මම අනන්තවත් ඔය වගේ සිද්ධි දැකලා තියනවා බං මේක ගොඩක්ම සරළ කාරණාවක් නිසා මේකෙන් පැහැදිලි අදහසක් ඔය ගැන ගන්න පුලුවන් කියලා හිතුනා. හාස්‍ය උත්පාදනය කියන්නෙ ගොඩක් ප්‍රාථමික දෙයකක් නෙ බං. ඒක හිත හිත තීරණය කරන්න ඕනෙ ඕනෙ දෙයක්ද? අනික් මිනිස්සු හිනාවෙනවා බලලා හිනා වෙන්න ඕනෙද? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුද්ගලයින්
    මේ දැන් නේහ් බං එකවුන්ට් එක හදල තියෙන්නෙ.. වෙල්කම් කිව්වා..:cool:
    උඹට අනිවා මීට කලින් එළකිරි එකවුන්ට් එකක් තිබිලා නෑ..:yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජොනී බට්ට;18685442 said:
    godak welawata ohoma thamai ban
    :yes:
    උඹ කියන කතාවෙ ඇත්තක් තියෙනවා.. :yes:
    :D
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.
    එකඟයි :yes:
    ඒ වගේ දේවල් වලට මතවාදී බලපෑමක් කරන්න පුලුවන් පිලිගත් පුද්ගලයෝ යොදාගෙන. හාස්‍ය කියන සරළ කාරණාවට ඕක අදාලද? :eek:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;18685457 said:
    එකඟයි :yes:
    ඒ වගේ දේවල් වලට මතවාදී බලපෑමක් කරන්න පුලුවන් පිලිගත් පුද්ගලයෝ යොදාගෙන. හාස්‍ය කියන සරළ කාරණාවට ඕක අදාලද? :eek:
    උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:
     
    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    මේ දැන් නේහ් බං එකවුන්ට් එක හදල තියෙන්නෙ.. වෙල්කම් කිව්වා..:cool:
    උඹට අනිවා මීට කලින් එළකිරි එකවුන්ට් එකක් තිබිලා නෑ..:yes:

    ඔව් මම මේ දැන් අකවුන්ට් එක හැදුවේ. තාම මේ සයිට් එක ගැන මුකුත්ම දන්නේ නෑ. බලමු. ටික වෙලාවක් යද්දි පුරුදු වෙයි :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:

    :yes::lol: ඒක නම් කැරිම කට් එක. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙම එකක් තියනව..
    මොකක් හරි දෙයක් දැම්මම විරුද්දව comment දාන උන් ඉන්නව..
    ඒකට එකග වෙලා comments දාන උන් ඉන්නව..

    දැන් කියමු මුල්ම comment එක ඒ දාල තියන දේට එකග වෙලා දාල තියෙන්නෙ කියල..
    එතකොට පහල comment කරන උනුත් අර මතේම තියන උන් තමයි comment කරන්නෙ..
    විරුද්ද මතේ තියන උන් දැකල comment කරන්නෙ නැතුව යනව...

    දැන් මුල් comments ටික බනින සීන් එකක් නම් තියෙන්නෙ ඒ මතේ තියන උන් ටික comment කරනව ඒ thread එකට..
    මොකද ගොඩක් උන් එක පැත්තක ඉන්න thread එකකට අනිත් මතේ තියන එකා තනියෙන් ඇවිත් වෙන මතයක් දාන්න කැමති
    නැහැ/දාපු එවුන් එක්ක තර්ක කර කර කන්න වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ..

    දැන් මේ thread එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1629808

    මුල් comments බලපාල නැහැ නෙ..
    ඇල් කේ එස් අන්තිමට ප්‍රෙග්නට් වෙලා තාත්ත කව්ද කියල හොයාගන්න බැරුව ගියානෙ රිස්පෙක්ට් එක උගුරෙ හිරවෙලා..
     
    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:

    එළකිරි එකට අලුත් වුනාට සයිබරයේ අත්දැකීම් වලින් මේ ගැන කතා කලොත්, කවුරු හරි මොකක් හරි පෝස්ට් එකක් දැම්මම කොච්චර සීරියස් එකක් වුනත් මුලින්ම කමෙන්ට් කරන අයට ඒ පෝස්ට් එක යටතේ හැදෙන සංවාදයට පාර කපන්න පුළුවන්. තමාට ඕන විදිහට. සමහර විට ඕක හිතලා කරන දෙයක්. බොහෝ වෙලාවට නොහිතා කරන දෙයක්. සංවාදයක් පටන් ගත්ත තැනම අල කරන්නත්, තේරුමක් ඇති හරවත් සංවාදයක් කරන්නත් පළමු කමෙන්ටු කිහිපය බලපානවා.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹ දැකල තියෙද සමහර ත්‍රේඩ් දාපු සැනින් කොමෙන්ට් කරනවා සමහර අය..
    ත්‍රේඩ් එක කියවන්න උපරිම විනාඩි පහක්වත් යනවා.. ඒත් ඌ දාපු සැනින් කොමෙන්ට් කරලා ඉවරයි..
    ගොඩක් අය ත්‍රේඩ් කියන්නෙ නෑ.. මුල් වචන දෙක තුන විතරයි කියවන්නෙ..
    වීඩියෝ බලන්නෙ නෑ..
    ඊළඟට කියවන්නෙ කොමෙන්ට්..
    වැඩියක්ම උන් හිනාවෙලා කොමෙන්ට් කරලා නම් ඌත් හිනාවෙනවා කොමෙන්ට් කරනවා..

    ඇත්තටම ගත්තොත් ඌ දන්නෙත් නෑ ඌ හිනා උනේ මොකටද කියලා.. වීඩියෝ එකේ තිබ්බෙ මොකක්දවත් කියලා..
    :lol:

    :rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මම මේ දැන් අකවුන්ට් එක හැදුවේ. තාම මේ සයිට් එක ගැන මුකුත්ම දන්නේ නෑ. බලමු. ටික වෙලාවක් යද්දි පුරුදු වෙයි :)
    මට හිතුනා ElaKiri A-Z Guide කියවනකොට..:D

    පැටියා;18685464 said:
    :yes::lol: ඒක නම් කැරිම කට් එක. :rofl:
    පෙලක් උන් එහෙම කරනවා බං..

    ඔය කොමෙන්ට් කොපි පේස්ට් කලාව නම් ගෙනාවෙ අපේ ගයියා..
    මුලින්ම කොමෙන්ට් කරපු එකාගෙ කොමෙන්ට් එක කොපි කරලා දෙවනි එකා දැම්මොත්.. තුන් වෙනි එක, හතර වෙනි එක වගේ දිගටම ඒකම කරනවා..:rofl: එතනදිත් ගොඩක් උන් ත්‍රේඩ් එක කියවන්නෑ..:confused:

    සමහර උන් ඉන්නවා ත්‍රේඩ් එක කියවන්න කලින් කොමෙන්ට් ටික කියවන..:rofl:

    විවිධාකාර මිනිස්සු ඕයි..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පුද්ගලයින් මතවාද ඉදිරිපත් කරද්දි/හදා ගද්දි ඔහු වටා ඉන්න අයගේ බලපෑම අනිවා‍‍ර්‍යෙන් වෙන දෙයක්. විශේෂයෙන් ඔවුන් වැදගත්කමක් දෙන පුද්ගලයින්ගේ අදහස් බලපෑමේ හැකියාව වැඩියි. මේ නිසයි ඡන්ද ව්‍යාපාර වලට කලාකරුවන්, සමාජයේ ප්‍රසිද්ධියට පත් චරිත, ගෞරවයට පාත්‍රවුන අයව යොදා ගන්නේ. ඒක මිනිස් ස්වභාවය.

    හරියට හරි ! :)

    පැටියා;18685455 said:
    මම අනන්තවත් ඔය වගේ සිද්ධි දැකලා තියනවා බං මේක ගොඩක්ම සරළ කාරණාවක් නිසා මේකෙන් පැහැදිලි අදහසක් ඔය ගැන ගන්න පුලුවන් කියලා හිතුනා. හාස්‍ය උත්පාදනය කියන්නෙ ගොඩක් ප්‍රාථමික දෙයකක් නෙ බං. ඒක හිත හිත තීරණය කරන්න ඕනෙ ඕනෙ දෙයක්ද? අනික් මිනිස්සු හිනාවෙනවා බලලා හිනා වෙන්න ඕනෙද? :P

    සමහර වෙලාවට මෙහෙමත් වෙනවනේ .. පට්ටෙට හිනා යන ත්‍රෙඩ් එකක් තියෙනවා .. එකට පට්ටේටම හිනා වෙනවා ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් නෑ .. එතකොට පලවෙනි එකා :lol: face එක දාල යනවා .. ඕක දකින ඊට පස්සේ එන උනුත් උන්ගේ අදහස ප්‍රකාශ වෙන නිසා :lol: face එකම දාගෙන යනවා ... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙහෙම එකක් තියනව..
    මොකක් හරි දෙයක් දැම්මම විරුද්දව comment දාන උන් ඉන්නව..
    ඒකට එකග වෙලා comments දාන උන් ඉන්නව..

    දැන් කියමු මුල්ම comment එක ඒ දාල තියන දේට එකග වෙලා දාල තියෙන්නෙ කියල..
    එතකොට පහල comment කරන උනුත් අර මතේම තියන උන් තමයි comment කරන්නෙ..
    විරුද්ද මතේ තියන උන් දැකල comment කරන්නෙ නැතුව යනව...

    දැන් මුල් comments ටික බනින සීන් එකක් නම් තියෙන්නෙ ඒ මතේ තියන උන් ටික comment කරනව ඒ thread එකට..
    මොකද ගොඩක් උන් එක පැත්තක ඉන්න thread එකකට අනිත් මතේ තියන එකා තනියෙන් ඇවිත් වෙන මතයක් දාන්න කැමති
    නැහැ/දාපු එවුන් එක්ක තර්ක කර කර කන්න වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ..

    දැන් මේ thread එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1629808

    මුල් comments බලපාල නැහැ නෙ..
    ඇල් කේ එස් අන්තිමට ප්‍රෙග්නට් වෙලා තාත්ත කව්ද කියල හොයාගන්න බැරුව ගියානෙ රිස්පෙක්ට් එක උගුරෙ හිරවෙලා..

    ඔය කතාවෙ ඇත්තක් තියනවා. ඒත් බං අඩුම ගානෙ Divergentsලා දෙතුන් දෙනෙක් වත් ඉන්න එපැයි නේද? :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙම එකක් තියනව..
    මොකක් හරි දෙයක් දැම්මම විරුද්දව comment දාන උන් ඉන්නව..
    ඒකට එකග වෙලා comments දාන උන් ඉන්නව..

    දැන් කියමු මුල්ම comment එක ඒ දාල තියන දේට එකග වෙලා දාල තියෙන්නෙ කියල..
    එතකොට පහල comment කරන උනුත් අර මතේම තියන උන් තමයි comment කරන්නෙ..
    විරුද්ද මතේ තියන උන් දැකල comment කරන්නෙ නැතුව යනව...

    දැන් මුල් comments ටික බනින සීන් එකක් නම් තියෙන්නෙ ඒ මතේ තියන උන් ටික comment කරනව ඒ thread එකට..
    මොකද ගොඩක් උන් එක පැත්තක ඉන්න thread එකකට අනිත් මතේ තියන එකා තනියෙන් ඇවිත් වෙන මතයක් දාන්න කැමති
    නැහැ/දාපු එවුන් එක්ක තර්ක කර කර කන්න වෙලාවක් නැති නිසා වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ඕක වෙන්නෙ..

    දැන් මේ thread එක බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1629808

    මුල් comments බලපාල නැහැ නෙ..
    ඇල් කේ එස් අන්තිමට ප්‍රෙග්නට් වෙලා තාත්ත කව්ද කියල හොයාගන්න බැරුව ගියානෙ රිස්පෙක්ට් එක උගුරෙ හිරවෙලා..
    :yes::yes::yes:

    එළකිරි එකට අලුත් වුනාට සයිබරයේ අත්දැකීම් වලින් මේ ගැන කතා කලොත්, කවුරු හරි මොකක් හරි පෝස්ට් එකක් දැම්මම කොච්චර සීරියස් එකක් වුනත් මුලින්ම කමෙන්ට් කරන අයට ඒ පෝස්ට් එක යටතේ හැදෙන සංවාදයට පාර කපන්න පුළුවන්. තමාට ඕන විදිහට. සමහර විට ඕක හිතලා කරන දෙයක්. බොහෝ වෙලාවට නොහිතා කරන දෙයක්. සංවාදයක් පටන් ගත්ත තැනම අල කරන්නත්, තේරුමක් ඇති හරවත් සංවාදයක් කරන්නත් පළමු කමෙන්ටු කිහිපය බලපානවා.
    ඔව් ඒක ඇත්ත..

    ජොනී බට්ට;18685469 said:
    :D