තවත් අඳුරු යතාර්ථයක්
තවත් අඳුරු යතාර්ථයක්
Warning!!!
එලකිරි පොරවල් ගැන පල කල ලිපියෙන් පස්සෙ අලුත් ලිපියක් ලියන්න හිතක් පහල වුනා කතා නොකෙරෙන මාතෘකාවක් ගැන. ඒ දැං දැකපු ත්‍රෙඩ් දෙකක් නිසා. මේක ටිකක් වෙනස් කතාවක්. මේ ගැන මීට වඩා සාධාරණ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කිරීමට ඒ සම්බන්ධ දැනුමක් ඇති අයට හැකියාවක් ඇති බව මගේ මතයයි. මා හට එවැන්නක් කිරීමට තරම් ඒ සම්බන්ධ දැනුම ප්‍රමාණවත් නොවන බැවින් මෙම කාරණය තුල මතුපිටට පෙනෙන යතාර්ථය ගැන මගේ අදහස මෙලෙස ලියා තබමි.
මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි. මා උපුටා දක්වන thread දෙක හුදෙක් උදාහරණ සඳහා යොදාගන්නා අතර එම Thread පල කල අයට හෝ ඒවාට කමෙන්ට් කල අයට පෞද්ගලිකව මඩක් ගැසීමේ කිසිඳු යටි අරමුණක් නොමැති බව මුලින්ම අවධාරණය කරමි.
මෙය එලකිරියේ වැටෙන Thread හිට් වීමට බලපාන ප්‍රධාන සාධකයක් පිලිබඳව ඉඟි සපයයි. එම සාධක ඔබේ Thread සඳහාද යොදාගැනීම යහපත් ප්‍රතිඵල ලඟාකරගැනීමට මහෝපකාරී වේ. දැං අපි උක්ත කාරණාව දෙස බලමු.
පරීක්ෂණය
මේ ත්‍රෙඩ් දෙකම පහුගිය දවසක සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධියක් අලෙලා ගප්පියා නම් පුද්ගලයෙක් හාස්යෝත්පාදනය අරඹයා තැනූ වීඩියෝ ක්ලිපයක් පාදක කොට ගෙන පල කල ඒවායි. අපි පලමු thread එක බලමු.
http://www.elakiri.com/forum/showthread.php?t=1687611
මෙහිදී තත්වය සාමකාමීය. Thread එක පල කල වහා Rovin සොයුරා LOL smiley එකක් යොදා ඇති බව පෙනේ. ඉන් පසු එම thread එකේ කමෙන්ට් කල සියල්ලෝම පාහේ LOL smiles භාවිත කර ඇත. මෙහිදී රචකයාගේ අදහස අනුමත කල ආකාරයක් පිලිබිඹු වන බැවින් රචකයාගේ අභිප්‍රාය සඵල වී ඇත්තාක් පෙනේ.
දැන් අපි දෙවන Thread එක දෙස බලමු.
http://www.elakiri.com/forum/showthread.php?p=18682937
මුලින්ම තම අදහස පල කර ඇති agrmrs සොයුරා එම වීඩියෝ ක්ලිපය පිලිබඳ නොරිස්සුම් ස්වභාවයකින් අදහසක් පල කරයි. ඉන් පසු කමෙන්ට් කරන සියල්ලන්ම පාහේ ඒ සමාන අදහස් පල කරයි.
නිරීක්ෂණය
මෙය හාත්පසින්ම වෙනස් හැසිරීමකි. මුලින් සඳහන් කල Thread එකේදී හාස්‍යක් උත්පාදනය වූ කාරණාව දෙවන Thread එකේදී හාස්‍යක් උත්පාදනය වීමට සමත් වී නැත. මෙයට හේතුව කුමක්ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත.
නිගමණය
එනම් මුල් කමෙන්ටු කීපයෙන් පසු වැටෙන කමෙන්ටු සඳහා යම් මනෝවිද්‍යාත්මක බලපෑමක් මුල් කමෙන්ටු සපයයි. ඒවා සුභ වාදී නම් ඒවා අනුකරණය කරමින් අන් සියලු දෙනාම සුභවාදී පුතිචාර thread එක පුරා පල කිරීමේ ප්‍රවණතාවයක් මෙහි පෙන්වයි.
මෙහිලා අදාල මුල් කමෙන්ටු පල කරන පුද්ගලයන්ද තීරණාත්මක යැයි මට සිතේ. ඔවුන් කොටු 11ක් පිරී ඇති එලකිරියේ හොඳ නමක් දිනා ඇති අයවලුන් වීම වැදගත්ය. කොටු නොමැති හෝ රතු කොටු ඇති සාමාජිකයින්ගේ අදහස් වලට ඇති වටිනාකම අඩු යැයි හැඟෙන නිසා පෙර සඳහන් කල ආකාරයේ තත්වයක් ඇති වීමට හැකියාව අඩුය යන්න මගේ මතයයි.
පසුවදන
තමන්ට හෘද සාක්ෂියට එකඟව ස්වාධීන අදහසක් පල කිරීමට ඔබත් උත්සුක වන්න. පැත්ත ගියත් ඇත්ත කියන්න. පුද්ගලයා උස් වුනත් මිටි උනත් ඔහු දරන යතාර්ථවාදී අදහස් වලට අදාල ගෞරවය දෙන්න.
ඔබට ජය!