Lankawe ali gahanaya wedi kiyanne aththeda?
අලි විතරක් නෙවෙයිනේ බං. අලිනම් දාස් ගනන්උ වලින්ප වැඩිවෙලා ඇති .
අලින් පවු කිව්වම ගැහැනියෙක්ට, දත්ටික බඩට යන්න ගහනවා කියලා තිබ්බ.

අලි ප්‍රශ්න/ මරණ වැඩිවෙන්න හේතු...
රජයන් වලට තියන ලොකුම ප්‍රශ්නේ ඊලග මැතිවරණය සහ උදවු කරපු උන්ට ගසකන්න ප්‍රතිපත්ති හදන එක . උන්ට ප්‍රතිපත්ති තිබ්බනම්, ජනගහනය යම් සීමාවක තියාගන්න උත්සහයක් කරන්න තිබ්බ. (ආගම් නාමයෙන් ඉන්න උන් එක්කත් ලේසි නෑ ). නමුත් මිනිස්සු දැනුවත් කිරීම සහ පහසුකම් සැපයිමෙන් ඕක සාර්ථක කරන්න පුළුවන්.

අලි විතරක් නෙවේ...
මුගටියෙක් වත් ඉතුරු වෙන්නේ නෑ. දැන් වල් හාවෝ එහෙමත් පෙන්න නෑ.ඉස්සර අක්කරේ ඉඩම දැන් අඩුම වශයෙන් 4ට කැඩිලා.

පොඩි සතෙක්ට හැංගෙන්න පදුරක් නෑ

ලේනෙක්ට මාරුවෙන්න ගහක් නෑ.

ගෙට නැවෙනවා කියලා පොල් ගැස් ඔක්කොම කපන්න වෙනවා.

මුල් යනවා කියල අනිත් ඔක්කොම ගස් කපනවා.

කුණකටුවෙක් නෙවේ කටකලුවෙක් අහු උනත් මරනවා. ඇයි විසිකරන්න තැනක් නෑ.
සමාජය unbalanced!!

අනාගතය....
ඉස්සරහට වගාකරල කන්න තියන ඉඩම් වලයි, වගා නොකරන එවගෙයි ඔක්කොගෙම ජනාවාස තියෙයි. නිෂ්පාදන නෑ. ඉතින් කන්න රටින් ගෙන්න ඩොලර් හොයාගන්න තමයි වෙන්නේ