තවත් උසාවියේ රස කථා 3ක්
නීතිඥ තැනට නඩුව මාරුවීම
කොළඹ අළුත්කඩේ පිහිටි මහේස්ත්රාත් අධිකරණ සංකීර්ණයේ උසාවි ශාලා හතකින් පමණ සමන්විත වන අතර මහේස්ත්රාත්වරැන් හත්දෙනෙකූ පමණ එක් එක් ශාලාවල නඩු ඇසීම කරනු ලබයි.මේ නිසා එක් එක් ශාලාවල විභාග වන නඩු භාරගන්නා නීතීඥ මහත්වරැන් එක් උසාවියෙන් අනෙක් උසාවියට මාරැ වෙමින් දුවමින් තමන් භාරගත් නඩුවලට පෙනී සිටී.ඒ අතරින් එවකට එම උසාවියේ වැඩිම නඩු ප්රමාණයකට පෙනී සිටින නීතීඥ මහත්මා කෙනෙකූට වූ අපූර්ව සිද්ධියකි මේ.
එදින උදේ තමන් වෙත පැමිණි සේවාදයකයන්ගේ නඩු පිළිබඳ විස්තර කොළයක සටහන් කරගත් ඒ නීතීඥ මහතා වෙනදා මෙන් සුපුරැදු ලෙස එක් උසාවියෙන් අනෙක් උසාවියට මාරැ වෙමින් නඩුවලට පෙනී සිටින ලදි.උසාවි ශාලා අංක 6 හි මෙකී නීතීඥ මහතාට ස්ත්රී දූෂණ නඩුවක් වූ අතර අනෙක් නඩුව පිහි ඇනුමක් සමිබන්ධව වූ චූදිතයන් දෙදෙනෙකු වෙනුවෙන් එකී නඩුවල සාක්ෂි විමසීමට තිබිණි.
මෙකී නීතීඥ මහතා උසාවි අංක 7 ශාලාවේ නඩුවකට පෙනී සිටින අතරවාරයේ අංක 6 ශාලාවේ නඩුව විභාගයට ගෙන පැමිණිල්ල වෙනුවෙන් කාන්තාවකගෙන් මූලික පුශ්ණ අසා අවසන් වී තිබූ අතර විත්තිය වෙනුවෙන් හරස් ප්රශ්ණ ඇසීමේ වාරය පැමිණ තිබිණි.ඒ අවස්ථාවේ වහා වහා පැමිණි නීතිඥ වරයා හරස් ප්රශ්ණ ඇසීමට පටන් ගත්තේය.
නීතීඥ :-තමුන්ට මේ චූදිත ඇන්නෙ කොහාටද?
සාක්ෂිකාරිය:- (සාක්ෂිකාරිය විලියෙන් ඇඹරෙයි)
(සිනා)
නීතීඥ :- (කේන්තියෙන් )තමුන්ගෙන් මම පාරක් ඇහුවනෙ ඇන්නෙ කොහාටද කියලා?
සාක්ෂිකාරිය :- (නැවත මූණ රතූ කරගනිමින් උත්තර නොදී සිටී)
නීතීඥ :- (නීතීඥ මහතා තව තවත් කෝපයෙන් අඩිය පොළොවේ හප්පමින්)
තමුන්ට කොහාටද තූවාල වුණේ ?
(සිනා)
මේ අවස්ථාවේ එම නීතීඥ මහතාගේ අනෙක් නඩුවේ සිටි කාන්තාවක් අධිකරණයේ ඉදිරියට පැමිණ ‘එයාට නෙමෙයි පෙරකදෝරැ මහත්තයෝ මටයි පිහියෙන් ඇන්නේ’ යැයි ‘පැවසීය.මේ අවස්ථාවේ සිදු වී ඇති දේ තේරුමිගත් නීතිඥ මහතා තමාට නඩු දෙක මාරැ වී ඇති බව වැටහී ගිය අතර විභාග වෙමින් පැවති ස්ත්රී දූෂණ නඩුවේ සාක්ෂිකාරියගෙන් හරස් ප්රශ්ණ අසා ඇත්තේ පිහි ඇනුමි නඩුවට අදාල හරස් ප්රශ්ණ බවයි.
විත්තියෙන් පැමිණිල්ල ඔප්පුකිරීම
මෙම නඩුව ගාල්ල දිස්තිරික්කයේ එක්තරා පොලිස් උසාවියක අසානිමකල එක්තරා රසවත් නඩුවකි. මෙම නඩුවේ චුදිතට එරෙහිව තිබු චෝදනාව වූයේ පැමිණිලිකරුගේ කණ සපා කා පැමිණිලිකරුට බරපතල තුවාල සිදුකිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්රහයේ 315 වගන්තිය යටතේ වරදක් කළබවයි.මෙම සිදුවීම රාත්රීයක සිදුව තිබු අතර කන සපකනවා කිසිවකු දැක තිබුනේ නැත.චුදිත සහ පැමිණිලිකරු අසල් වාසීන් විය. දෙපාර්පාර්ශවය අතර කාලයක පටන් ඉඩමක මායිම් අරවූලක්ද විය.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරුතුමාද නඩු පොත කියවා හෝදිසිකොට පැමිණිල්ලේ නඩුව දුර්වල නඩුවක් නිසාදෝ දෙපාර්ශවය අතර සමථයක් තිබේදැයි නීතීඥ මහත්වරු දෙපළගෙන් විමසීය. සමතයක් නොමැති බවට නීතීඥවරු ප්රකාශකළ හෙයින් පැමිණිල්ලේ සාක්ෂි කැඳවන ලෙස විනිසුරුතුමා නියෝග කිකුත්කළේය.
උදේ පාන්දර සිටම පැමිණ සිටි චුදිත වෙනුවෙන් ගාස්තුගෙවා නීතීඥ මහමයෙක්ද අල්ලා වරින්වර පැමිණ උපදෙස් ලබාදුන් චුදිත ඉස්තරම් වර්ගයේ පැණි බෝතලයක්ද පත්තර පිටුවක දවටා තමාගේ නීතීඥ මහතාට ලබා දුන්නේ තමාගේ නඩුවට ඉස්තරම්ම නීති තර්ක දමා නඩුව දිනවා ගැනීමටයි.
නඩුවේ විභාගය ආරම්භ කිරීමට පැමිණිලිකරු සාක්ෂියට කැඳවූ අතර චුදිතගේ තර්කයවුයේ කලක පටන් පවතින ඉඩම් නඩුව නිසා චුදිත පටලවා බොරු පැමිණිල්ලක් කර ඇති බවයි.එය නඩුව විභාග කරන විනිසුරුතුමාටද පිළිගැනීමට හේතුවක් වුයේ මීට පෙරද පැමිණිලිකරු චුදිතට එරෙහිව පැමිණිල්ලක්කොට තිබු නඩුවක චුදිත නිදහස් වූ නිසයි. පැමිණිලිකරුගෙන් පසු පැමිණිල්ල වෙනුවෙන් පැමිණිලිකරුගේ බිරිඳ සාක්ෂියට කැඳවීය.පැමිණිල්ලේ නීතිඥ මහතා සෑහෙන ප්රශ්ණ ප්රමාණයක් අසා මහත් පරිශ්රමයක් ගත්තේ මෙම සිද්ධිය දුටුබවට සාක්ෂ්යක් ලබා ගැනීමටයි.නමුත් එය සාර්ථක වූයේ නැත.
පැමිණිල්ලේ නීතීඥ :-තමා දැක්කද මේ චුදිත තමාගේ පුරුෂයාගේ කන සපකනවා ?
සාක්ෂිකාරිය :-නෑ ස්වාමීනි.
(පැමිණිල්ලේ ප්රශ්ණ අවසන් කල අතර චුදිතගේ නීතීඥ වෙත පැමිණිලිකරුගේ බිරිඳගෙන් හරස් ප්රශ්න ඇසීමට ගරු විනිසුරුතුමා අවසර ලබා දුන්නේය. චුදිතට හරස් ප්රශ්න ඇසීමේ අවස්ථාවෙන් සිදුවන්නේ පැමිණිල්ලේ වාසියට ලබාදුන් සාක්ෂි බිඳ හෙලීමයි.)
චුදිතගේ නීතීඥ මහතා කල්පනාකලේ තමන්ට ඇසියයුතු හරස් ප්රශ්න නොමැතිබවයි.එයට හේතුව සාක්ෂිකාරිය මෙම සිද්ධිය දැක නැති හෙයිනි. නමුත් චුදිත තමාගේ නීතීඥ මහතාගේ මුහුණ දෙස දෑස් දල්වා බලාගෙන සිටියේ තමා වෙනුවෙන් පැමිණිලිකරුගේ බිරිඳගෙන් තරුවීසිවෙන්න හරස් ප්රශ්න අසන අවස්ථාවයි. මේ නිසා එය තේරුම්ගත් නීතිඥ මහතා හරස් ප්රශ්න ඇසීමට පටන් ගත්තේය.
චුදිතගේ නීතිඥ :-තමා මේ නඩුවේ පැමිණිලිකරුගේ බිරිඳ නේද
සාක්ෂිකාරිය :-එහෙමයි
චුදිතගේ නීතිඥ :-මේ චුදිත තමාගේ ස්වමිපුරුෂයාගේ කණ සපාකනවා දැක්කද ?
සාක්ෂිකාරිය :-නැහැ
චුදිතගේ නීතිඥ :-එහෙනම් තමුන් මොකක්ද දැක්කේ ?
සාක්ෂිකාරිය :-මම යනකොට මේ චුදීත මගේ ස්වමිපුරුෂයාගේ සපාකාපු කණේ කෑල්ලක් තූ ගාල කටින් විසිකරනවා දැක්කා ස්වාමිණී.
චුදිතගේ නීතිඥ තැනට තරු වීසිවිය. විනිසුරුතුමාටද මද සිනහවක් පහල වූ අතර පැමිණිල්ලේ නීතිඥ මහතා චුදිතගේ නීතීඥ තැනට ස්තුතිය පලකලේ තමාකලයුතු කාර්ය චුදිතගේ නීතිඥ තැන කලනිසාය. නඩුව අවසානයේ චුදිත වැරදිකරු වුයේ විත්තිය විසින් පැමිණිල්ලේ නඩුව ඔප්පු කල නිසාය.
ලෝ සහ ෆලෝ
ලෝ සහ ෆලෝ
කොළඹ මහාධිකරණය අසලම ත්රීරෝද රථගාලක් ඇත.නඩු පිළිබඳ එතරමි අවබෝධයක් නොමැති අයෙක් පැමිණියහොත් නිකමට වාගේ තමන්ගේ නඩුවට කථාකිරීමට දක්ෂ පෙරකදෝරැ මහතෙක් සොයා ගැනීමට ත්රීරෝද රථගාලේ ත්රීරෝද රියදුරෙකුගේ සහාය ලබා ගන්නා අවස්ථා ඇත.එවැනි අවස්ථාවක ත්රීරෝද රියදුරාට ඒ දවසේ හයර් දුවනවාට වඩා ලොකු මුදලක් අල්ලාදුන් නීතීඥ මහතාගෙන් ලැබේ.
දිනක් පුද්ගලයෙක් එකී ත්රීරෝද රථ ගාලේ ත්රීරෝද රථ රියදුරෙකුගෙන් හෙරොයින් කුඩු විකිණීම සමිබන්ධව බන්ධනාගාරගතව සිටින සිය පුතාට ඇප ලබා ගැනීමට නීතීඥ මහතෙකුගේ රෙකමදාරැවක් ලබා ගත්තේය. ත්රීරෝද රථ රියදුරා නඩුව භාරගෙන නීතීඥ මහතෙකු හමුවීමට ගිය අතර ඒ වෙනුවෙන් ත්රීරෝද රථ රියදුරා පෙර කී පුද්ගලයාගෙන් මුදලක්ද ලබා ගත්තේය. නීතීඥ මහතා හමුවු ත්රීරෝද රථ රියදුරා පෙරකී පුද්ගලයාගේ ආර්ථික අඟහිඟකමි කියූ අතර අඟහිඟකමි සලකා බැලූ එකී නීතිඥ මහතා බන්ධනාගාරගතව සිටින අය මහාධිකරණයෙන් ඇප ලබා ගැනීමේ නඩුව කථාකොට ඇප ලබා දීමට රැපියල් පන්දහසකට එකඟ විය.එසේ එකඟ වී දින ගණනාවක් අධිකරණයේ කරැණු ඉදිරිපත්කර මහත් පරිශූමයක් දරා ඇප ලබාගත්තේය.
ඇප ලබාදුන් දිනයේ පෙර කී පුද්ගලයා සමග කථා බස්කළ නීතීඥ තැන නඩුවට ගොඩක් මහන්සි වූ නිසා තවත් රැපියල් 2000 ක් වත් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මේ අවස්ථාවේ පෙර කී පුද්ගලයා කියා සිටියේ නීතිඥ ගාස්තු වශයෙන් රැපියල් පහළොස් දහසක් ත්රීරෝද රථ රියදුරා නීතීඥ මහතාට ලබා දීමට තමන්ගෙන් ලබාගත් බවයි.ත්රීරෝද රථ රියදුරා කෙරෙහි ඉහවහා ගිය කේන්තිගත් නීතීඥ මහතා වහාම ත්රීරෝද රථ ගාලේ සිටි රියදුරා හමුවී මේ සමිබන්ධ විමසීය.
සිද්ධිය පිළිබඳ ලජ්ජාවට පත් නීතීඥ මහතා ත්රී රෝද රථ රියදුරාට බැණ වදිමින් යකෝ අපි ලෝ කරනවට පන්දාහයි උඹලා ෆලෝ කරනවට දහදාහයි යැයි කියමින් උසාවිය පැත්තට ගියේය.