තවත් එක් බොහීමියානුවෙක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    කවුද මේ බොහීමියානුවෙක් කියන්නේ

    තවත් එක් බොහීමියානුවෙක්


    මේ කෙටි සටහන දමන්නට සිතුනේ අපේ ප්‍රකට බ්ලොග්කරුවකු වන අජිත් පැරකුම් ජයසිංහයන් "කුඹියෝ " නාට්‍යය මාලාව ගැන දාපු ලිපියක් නිසා. ඒ ලිපිය මෙතනින් කියවන්න. කාටහරි බොහිමියානුවෙක් කියන්නේ ඇයි ? ඒ කොහොමද කියල ප්‍රශ්නෙකුත් කවුරු හරි අහල තිබුන. සෝවියට් දේශයේ සිටියදී හඳුනාගත් පසන් කොඩිකාර සහෝදරයා හුඟ දෙනෙක් හැඳින්වූයේ "බොහිමියානුවෙක් " විධිහට. එයට හේතුව වුනේ පසන් බීමට දැක්වූ අතිශය කැමැත්ත මත් නෙමෙයි. පසන් සාහිත්‍යට, කාව්‍යයට, දේශපාලන කතිකා වලට දැක්වූ කැමැත්තත්, තැනක් වෙලාවක් නොබලා රෑ එළිවෙනතුරු සංවාද කරමින් , ගී ගයමින්, එලෙසම මධ්‍යසාර පමණට භාවිතා කරමින් කල් ගත කල නිසා වගේම, සාමාන්‍ය සම්මතය ලෙස කසාදයක් බැඳ කුටුම්භ සංරක්ෂණයේ යෙදීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා වෙන්න ඕනේ.
    1200px-Czech_Rep._-_Bohemia%252C_Moravia_and_Silesia_III_%2528en%2529.png

    නව බොහිමියාව

    බොහිමියානු රාජ්‍යය තියෙන්නේ චෙක් රටේ. ඉස්සර චේකොස්ලාවකියාව කිව්වේ. දැන් දෙකට බෙදිලා චෙක් ජනරජය සහ ස්ලොවේකියාව වශයෙන්. මේ බොහිමියානු රාජ්‍යය චෙක් රාජ්‍යය කියලත් ඉංග්‍රීසින් හැඳින්වූවා. (විකිපෙඩියා). බොහිමියානු රාජ්‍යයට මොරෙවියව, සිලෙසියාව, ලුසාෂියාව සහ වත්මන් ජර්මනියට අයත් සැක්සනි, බ්‍රන්ඩෙන්බර්ග් හා බැවෙරියාවත් අයත්ව තිබුන. තරමක් විශාල රාජ්‍යයක්. එක්දාස් හාරසිය ගණන් වල හුසයිට් යුද්ධ කියල යුද්ධ වගයක් තිබ්බ. එකට බොහිමියන් යුද්ධ කියලත් කියනවා. හුසයිට් වරු බොහිමියන්. යුධ වලින් පස්සේ මේ බොහිමියාව ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යය යටතට ආව. රෝමානු අධිරාජ්‍යය බිඳ වැටුනම බොහිමියාව හබ්ස්බෙර්ග් ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට යටත් වුණා. ඊට පස්සේ ජර්මන් රාජ්‍ය භාෂාව වුණා. නමුත් බොහිමියාව කියන නම විතරක් නම් ඉතුරු වුණා ඒ ප්‍රදේශයට. එක්දාස් හයසිය ගණන් වල ඔස්ට්‍රියානු රජයට එරෙහිව කෙරුණු බොහිමියානු විප්ලවය මර්දනය කෙරුණා. ඔය බොහිමියාවේ ඉතා කුඩා පෙදෙසක් දැන් තියෙන චෙක් රජයේ තියනවා. ඔවුන් ජර්මන් සහ චෙක් භාෂා කතා කරන්නේ. බොහිමියානු රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෙම තියනවා.

    ඒ අතරම ඔය රෝමා හෙවත් දැඩි ලෙස පීඩනයට පත්වුණු දුඹුරු සම ඇති ජිප්සිවරු (අහිගුන්ඨක -ඔවුන් ඉන්දියාවෙන් යුරෝපයට ආව කියන්නේ රෝම හමුදා සමග) ඉන්නවනේ. ඔවුන් වැඩිපුරම හිටියේ චෙක් රටේ. වසර 1423 අප්‍රේල් 17 දා චෙක් රජු සහ රෝම අධිරාජයා සමග ගිවිසුමක් අත්සන් කරලා ඔය රෝමා ජිප්සී වරු බොහිමියා පෙදෙසේ පදිංචි කලා. ඔවුන් බොහෝ දෙනෙක් දෙවන ලෝක යුද්ධෙදි ඝාතනය වුණා. ඔය තමයි ඉතා කෙටියෙන් පසුබිම.
    conspiL.jpg

    " කුමන්ත්‍රණ කරුවන්" ජෝන් ස්ලෝන්

    අවුරුදු 96 කට කලින් ඒ කියන්නේ 1917 ජනවාරි 23 දා කලාකරුවන් කිහිප දෙනෙක් අමුතු වැඩක් කලා. ඒ අය තමයි කාව්‍ය රචකයෙකු වන ගර්ට්‍රුඩ් ඩික්, චිත්‍ර ශිල්පී ජෝන් ස්ලෝන් (ඉහත චිත්‍රය), මර්සෙල් දුෂාම්ප්, නළුවකු වන රසල් මෑන්, බෙටි ටර්නර් සහ චාර්ල්ස් එලිස්. ඔවුන් නිව්යෝර්ක් නුවර ග්‍රිනිච් කියන ගමේ ජිවත් වුනේ. එහි වොෂින්ටන් චතුරශ්‍රයේ තිබෙනවා උස කුළුණක්. (Washington Square Arch). ඔවුන් කළේ මේ කුලුනට නගින එක. ඔවුන්ව පසුව නම් කලේ "කුළුණු (හෝ ආරුක්කු) කුමන්ත්‍රණ කරුවන් ලෙස " (Arch conspirators). ඔවුන් කුළුණ උඩට නැගල (චිත්‍රය බලන්න) "නීතිමය ප්‍රකාශනයක්" කළා. එනම් එම කුලුන සහිත පෙදෙස "නිදහස් සහ ස්වාධින වොෂින්ටන් චතුරශ්‍ර ජනරජය " හෙවත් "නිදහස් සහ ස්වාධින බොහීමියානු රාජ්‍යය " ප්‍රකාශයට පත් කලා. ඔවුන් ඒ වනවිට කුළුණ උඩ හතරැස් කොටසට බ්ලැන්කට්, චීන ලන්තෑරුම් , තේ , වයින් සහ කැප් පිස්ටල් අරන් ගියා. රතු බැලුම් අරන් ගිහින් කුළුණ වටේ එල්ලුවා. කැප් පිස්ටල් කියන සෙල්ලම් පිස්තෝල ජාතියෙන් වෙඩි තිබ්බාම ලොකු සද්දයක් එක්ක දුමක් පිට වෙනවා.
    Cap_gun.jpg

    කැප් පිස්තෝලය

    ඉතින් මේගොල්ලෝ මොකද කළේ ? වයින් හා තේ බිබී කවි කියමින්, ගීත කියමින්, දේශපාලන වාද විවාද කරමින්, අර පිස්තෝල වලින් වෙඩි තබා ශබ්ද නගමින් එලි වෙනතුරු කල් ගත කලා. ඒ කියන්නේ උදේ පොලිසියෙන් ඇවිත් "නිදහස් සහ ස්වාධින බොහිමියානු ජනරජයේ" වැසියන් අල්ලා ඉවතට දමන තුරු.

    එදා ඉදන් බොහිමියන් කියල කියන්නේ කවුරු හරි කෙනෙක් සම්මත නොවූ ජිවිතයක් ගත කරනවා නම්, ආදරය සහ ලිංගිකත්වය එක අයෙකුට සීමා නොකරනවා නම්, ගිහි සම්බන්ධතා අඩු නම් (පවුල් පන්සල් නොවී) , සංගීතය, චිත්‍ර, සාහිත්‍ය ආදී දේ ගැන දැඩි උනන්දුවකින් ඉන්නවා නම් එවැනි අයටයි. ඔවුන් බොහෝ විට කාලයේ සීමාවක් නොමැතිව ඒ දේවලට යොමු වෙන නිදහස් ජිවිතයක් ගත කරන්නන්.

    කොයි එකේදිත් වගේ මෙතනදීත් ප්‍රංශ කාරයෝ මේ කතාවට විරුද්ධයි. ඔවුන් කියන්නේ බොහිමියන් නම ආවේ 19 සියවසේ ප්‍රංශයේ පැරිසියේ දී කියල. ඒ කියන්නේ ඔය මම ඉහතින් සඳහන් කල ජිප්සී රෝමා වරු එක පවුලකට නොබැඳුණු, තැනින් තැන යමින්, රාත්‍රියේ බිමත්ව ගීත ගයමින් නටමින් සිටින පිරිසක්. ඔවුන්ගේ දරුවන් රැහේ දරුවන්. ඔවුන් කලින් කීව වගේ හිටියේ බොහිමියාව මුලාශ්‍ර කරගෙන. පැරිසි වැසියන් සමුහයක් ඒ විධිහට නිදහස් ආදරය සමග ජිවත් වෙන්න පටන් ගත්තලු. බොහිමියන් නම ආවේ එහෙමලු.

    එංගලන්තයේ බොහිමියානුවෙක් කියන්නේ සාමාන්‍ය සම්මතයට පිටුපා නිදහස් ආදරය හා බැඳීම් රහිත ජිවිත ගත කරන කලා කරුවන්ට. ශේක්ස්පියර් ගේ වැනිටි ෆෙයාර් කියන නවකතාවේ සහ ජෝර්ජ් දු මොරියේ ගේ ට්‍රිල්බි කියන නවකතාවේ කියැවෙන්නේ එලෙසයි.

    හැබැයි බොහිමියානුවෙක් කියන්නේ කොමියුනිස්ට් විප්ලවවාදියෙක් නම් නෙමෙයි. බොහෝවිට බොහිමියානුවෙක් අරාජිකවාදියෙක් විය හැකියි.

    https://kolambagamaya.blogspot.com/2017/10/blog-post_24.html
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    සිංහලුන්ගේ ලඟම ජානමය නෑයෝ තමා රෝමානි. ඒ කියන්නේ ඔතන ඔය දුඹුරු සම ඇති රෝමාවරු.