තවත් ගම් හයක් හුදකලා කරයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් අද 28 උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

    මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පොලිස් වසමේ වැල්ලවාය, වෙහෙර යාය, කොට්ටංබොක්ක යන ග්‍රාම නිලධාරි වසම් තුන, බුත්තල පොලිස් වසමේ රත්තනගම ග්‍රාම නිලධාරී වසම, අම්පාර දිස්ත්‍රික්කයේ උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසම සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල පොලිස් වසමේ අලුගොඩ ග්‍රාම සේවා වසම මෙසේ හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය

    ඒ අනුව මේ වන විට ග්‍රාම සේවා වසම් 18 ක් හුදකලා කර ඇත.



    (නිමන්ති රණසිංහ)

    lankadeepa.lk