තවත් චෛතියක් ඩෝසර් කලා
පිරිත් සජ්ජායනා කරමින් පැවැත්වූ විරෝධතාවක් පිළිබඳව මීට පෙර අප ලිපියකින් ගෙන ආවේ ක්‍රි. පූ. 3 හා 1 සියවස් වල මහානාග යුවරජු පටන්, ඝෝඨාභය, සද්ධාතිස්ස යන රජුන් කාලය දක්වා පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීමට විරෝධය දැක්වීමකි.
අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ප්‍රදේශයේ පිහිටි දැන් තිබූ තැනක් වත් සොයාගැමීමට අපහසු ලෙසට එම චෛත්‍යය ඩෝසර් කර දමා තිබුනේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.
අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප්‍රදේශයේ වූ තවත් චෛත්‍යයක් පෙරේදා බැකෝ යන්ත්‍රයක් යොදාගන ඩෝසර් කර තිබෙනවා.
සාගම මොට්ටයාගලට ආසන්නයේ ඌරක නම් ප්‍රදේශයේ කුඹුරු යායක් මැද තිබූ ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම චෛත්‍යය දින තුනක් පුරා අඩි 25ක් පමණ ගැඹුරට ඩෝසර් කර තිබෙන්නේ 7 දෙනෙකුගෙන් යුත් පිරිසකි. පසුව පොලීසිය විසින් එම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ගඩොල් ඩෝසර් කිරීමෙන් පසුව මතුවූ ගලින් හා මැටියෙන් නිර්මාණය කරන ලද භාජන කිහිපයක්ද පොලීසිය විසින් සොයාගන තිබෙන අතර ඒවායේ පුරාවස්තු තැන්පත් කර තිබෙන්නට ඇති බවටයි පොලීසිය විශ්වාස කරන්නේ. මෙම ඉඩමේ හිමිකරුද අත් අඩංගුවට ගෙන තිබේ.
එතැනට වැඩම කළ කිරිඳිවැල සෝමරත්නන හිමියන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා කරන්නේ අඩුම තරමින් මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු භූමියක් බව සඳහන් වන පුවරුවක් වත් සවි කර තිබුනා නම් මෙවැනි විනාශයක් වලක්වා ගැනීමට ඉඩ තිබූ බවයි.
ඩෝසර් කල එම ස්ථානයේ ජායාරූප එකතුවක් පහතින්.
පසුගිය සැප්තැම්බර් මාසයේ, අක්කරපත්තුව ආලයඩි වෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොට්ටයාගල ප්‍රදේශයේ කුඹුරුයායක් මැද පිහිටි, දැන් තිබූ තැනක් වත් සොයාගැමීමට අපහසු ලෙසට ඩෝසර් කර දැමූ චෛත්‍යය පිහිටි ස්ථානයේ ජායාරූප පහතින්.