තවත් දරුවෙක් මරුවා ගෙනගිහින්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තවත් දරුවෙක් මරුවා ගෙනගිහින්

    කොටකෙතනේ මව දරකපන්න ගිය අතරේ දරුවා මරුවා ගෙනගිහින්​


    කහවත්ත කොටකෙතන අබිරහස් ලෙස කාන්තාවන් රැසක් කුරිරු ලෙස මරා දැමුණු ගම්මානයකි. අපරාධකරුවන් කවුදැයි හරිහැටි මෙතෙක් අනාවරණය වී ඇත්තේද නැත. ඒ නිසාම මෙය අදෘශ්‍යමාන බලවේගයකින් සිදුවන්නැකැයි පැවසුණු අවස්ථාද විය. ඒ කෙසේ වෙතත් කොටකෙතන ගම්මානයේ බිළිඳෙකු ඇළකට වැටී මියගිය පුවතක් වාර්තාවනවා.

    මෙසේ මියගෙස් ඇත්තේ අවුරුදු 1 1/2 දරුවකි. ඊයේ (24) උදේ මව දර කැපීමට ගිය අතර දරුවා ඇළට වැටී ඇතැයි පොලිසිය පවසනවා.

    දරුවා තම නිවසට යාබදව පිහිටි කොටකෙතන ඇළට පැමිණ ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ඔහු ඇළ දෙසට යනු කිසිවකු දැක නැති අතර දරුවා අතුරුදන් වීම ගැන සොයා බලද්දි ඔහුගේ සිරුර නිවස ආසන්නයේ සිට මීටර් 50ක් දුරින් තිබියදී හමුවිය.

    මියගිය දරුවා අසල්වාසී නිවෙසක වෙනත් ළමයකු ළඟ තබා මව දරා කැඩීමට ගොස් තිබූ බවයි කහවත්ත මූලික රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ.



    0119.jpg


    මෙනවද බන් මේ අමමල කියන ගෑනු කරන්නේ ..මේ වෙච්ච හැම දේම වලක්වා ගන්න තිබ්බ දරුවොන්ගේ ආරක්ෂාව මව්පියෝ සැලසුවසනම් :angry: :angry: :angry: :angry: :angry:

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඒ ඝාතන පිටිපස්සේ ඉන්නේ කවුද කියලා රත්නපුරේම දන්නවා.කුඩු තමයි මුල
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙනවද බන් මේ අමමල කියන ගෑනු කරන්නේ ..මේ වෙච්ච හැම දේම වලක්වා ගන්න තිබ්බ දරුවොන්ගේ ආරක්ෂාව මව්පියෝ සැලසුවසනම් :angry: :angry: :angry: :angry: :angry:

    ජීවත් වෙන්න මොනවහරි කරන්න ඕනෙනෙ බන්... දුප්පත්කම තමයි ඉතින්