තවත් දාගැබක් වනසයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    තවත් දාගැබක් වනසයි

    526306_526517404026550_2022020819_n.jpg


    මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ.

    අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි. කැළණි මහ චේතිය වැනි වූ, මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ මෙසේ දෙබෑ වී තිබේ. අහෝ අපේ උරුමය ඇස් පනාපිටම වැනසෙන අයුරු ඉතාම ඛේදනීයය. මහ යුධ ගැටුම් මැද නිරුපද්‍රිතව වැඩසිටි චෛත්‍ය රජයාණෝ දෙපලුව ගොසිනි. සිහල දාබිඳු, කඳුලු, රුධිරය මත වසර ගණනක් තිස්සේ ගොඩනැගුනු බොදු උරුමය දිනකින් සුන්නද්දූලි වී ඇත.

    යුධ මැද, පෙදෙස් හැර ගිය සිහල දනන් නිසා මේ අසමසම උරුමය රැකුමට කිසිවෙකුත් එම ප්‍රදේශයේ නොමැති බැව් සමන් මහතා අප සමඟ පැවසීය. ත්‍රස්තයන් වනසා හෙළ විරුදරුවන් මේ පින්බිම බිම දිවිපුදා බේරගත්තේ මෙවන් නු-උහුලන අපරාධ සිදු නොවීමට බැව් සියල් සතහට අපි මතක් කරදෙමු.

    පුරාවිදු බලධරයනි, දිවයිනේ සිදුවන අවසන් ඩෝසර් වූ දාගැබ මෙය වීමට වගබලාගැනුම ඔබේ යුතුකමයි. වගකීමයි. පාලකයිනි, සිංහල අන්තවාදීන් වනසන අවසන් බොදු පුද බිම මේ වන බවට වගබලාගැනුම ඔබේ උරමත වැටුනු මහා වගකීමයි.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔවට හම්බ වෙන්නේ පොළී පිට පොළියත් එක්ක. එතකොට කියන්න තියෙන්නේ බැංතුවට වැරදිලාවත්ද කියල විතරයි
     
    • Like
    Reactions: siripaala