කොළඹ හතේ ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිය😒😒😒

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,103
    3,550
    113
    Pls wear a MASK
    murder-new-1200x600_copy_600x300.jpg


    කොළඹ 7 කී සැණින් කාටත් මතක් වන්නේ මහා ලොකු ධනවතුන්ය. ඒත් කොළඹ හතේ සමහර ධනවතුන්ට නම් ඒ ධනවත්කමත් අද ජීවිතවල සැනසීම නැති කරන්නට සමත්ව ඇත. ඒ සැනසීම උදුරා ගනු ලබන්නේ එකී ධනවතුන්ගේ මිලියන ගණන්, බිලියන ගණන් වටිනා සමහර ඉඩකඩම්වලට ජාවාරමුන් විසින් වංචාකාරී ලෙස හොර ඔප්පු හැදීමෙනි.

    බොහෝ විට මේ ධනස්කන්ධයක් පිරි පවුල්වල ඇතුළත ඇත්තේ බොහෝ දෙනෙක් නොදන්නා කතන්දරයයි. සල්ලි දේපොළ තිබුණට සමහරුන්ට දරුවන් නැත. සමහරුන්ගේ දරුවන් සිටියද ඔවුන් විදෙස් ගතවය. සමහර විට කාට හෝ මේ දේපොළ බලා කියා ගන්නැයි පවසා මුළු පවුලම විදේශයන්හි පදිංචියට ගොසිනි. වයස්ගතව මෙහෙකරුවන් ද තබාගෙන මේ නිවෙස්හි තනිව ජීවත් වෙන තවත් පිරිසකි. මේ කිසිෙවක් උසාවි පොලිසි ගාණේ යන්නට අකැමැත්තෝය. මේ බව දන්නා සංවිධානාත්මක කල්ලි උපක්‍රමශීලීව ඔප්පු තිරප්පුවල තොරතුරු හොයා ව්‍යාජ ඔප්පු සකසති. අනතුරුව ඒවායේ උරුමය හා බලෙන් පදිංචි වෙති. නැත්නම් තව කාට හෝ විකුණති. එසේත් නැත්නම් බැංකුවලින් ණය ලබා ගනිති. නිවෙස්හි හිමිකරුවන් සිටියදීම සංවිධාන්මක කල්ලි එසේ හොර ඔප්පු උරුමය හදාගෙන නිවෙස්වලට කඩා වදිති. එය සංවිධානාත්මක කල්ලි පමණක් නොව හිටපු කැබිනට් ඇමැතිවරු පවා බලෙන් ඇල්ලූ නිවෙස්වලට කඩා වැදුණු සිද්ධි විය. කොළඹ හතේ හෝර්ටන් පෙදෙසේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය අසල ඇති නිවසකට හිටපු කැබිනට් ඇමැතිවරයකුගේ ස්පා පෙම්වතියක් දමා අල්ලා ඇති නිවස එවැන්නකි.

    කෙසේ හෝ ජාවාරමුන් මෙසේ සංවිධානාත්මක ලෙස බලෙන් දේපොළ පැහැර ගනිද්දී සමහරෙක් නිහඬව සිටිති. සමහරෙක් නඩු කියමින් තම දේපොළ රැක ගන්නට ඔවුන් හා සටන් වදිති. අවසානයේ තම දේපොළ නිසාම ජීවිතයෙන් ඔවුනට වන්දි ගෙවන්නටත් සිදුවෙයි. කොළඹ හතේ විසූ කෝටිපතියකු වූ අසෝකා දසනායකට අත්වූයේත් ඒ ඉරණමයි.

    ඔහු අසෝකා දසනායකය. ගණකාධිකාරිවරයකු වූ අසෝකා රගර් ක්‍රීඩාවෙන් නම ඉහළට ගෙනගිය අයෙකි. ඔහුගේ පියා බ්‍රිතාන්‍ය සමයේ කොළඹ ගම් මුලාදෑනියෙකි. බිරිඳ ප්‍රමිලා ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක වූවාය. කොළඹ හතේ මෙන්ම කොල්ලුපිටිය, නිට්ටඹුව ඇතුළුව රට පුරා වටිනාම ඉඩකඩම් හා නිවාස ඔවුනට උරුමව තිබිණි. ඒවා පාරම්පරික උරුමයන්ය.

    අසෝකා හා ප්‍රමිලා දෙදෙනාට සිටි එකම පුතු අසෝක ක්‍රිස්ටෝපර් දසනායක හදිසි රිය අනතුරකින් මියැදෙන්නේ 2006දීය. ඒ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරද්දීමය. පුතුගේ මරණයත් සමග අසෝකා හා ප්‍රමිලා ඇමරිකාවට යන්නේ ඒ වියෝව දරාගත නොහැකිවය.

    මේ වනවිටත් අසෝකා දිසානායකගේ මව ෆීලිස් පෙරේරා නිට්ටඹුව වලව්ව හා කොල්ලුපිටියේ වූ අංක හයේ නිවස බලා කියාගෙන ඒවායේ පදිංචිව සිටියාය. ඇගේ සැමියා ලූක් පෙරේරා බ්‍රිතාන්‍ය සමයේ නිට්ටඹුවේ ගම්මුලාදෑනියාය.

    කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිට්ටඹුවේ පිහිටි අක්කර දෙසීයකට වැඩි ප්‍රමාණයක් වූ පොල්ගහආගරවත්ත තුළ පිහිටි වලව්වේ ෆීල්ස් පෙරේරා නිතර රැඳී සිටියාය. ඇයගේ දරුවන්ට හිමි ඉඩකඩම්වල වූ ඔප්පු තිරප්පු තිබුණෙත් එම වලව්වේමය. පොල්ගහආගරවත්තේ වූ අක්කර දෙසීයක් පමණ පුද්ගලික ආයතන කිහිපයකට විකුණද්දී සියලු ඔප්පු තිරප්පු අතපත ගෑවේ වත්ත බලාගත් කොන්දොස්තර වූ ධනසිරිය.

    නිට්ටඹුවේ වලව්වත් සමග තවත් අක්කර 32ක් අසෝකා දසනායකට ඔප්පුවලින් උරුම වී තිබුණි. මේ ඉඩමේ අද වටිනාකම රුපියල් බිලියන 2.4කි. මේ ඉඩමට හිටි හැටියේ වත්තේ ගරාජයේ නැවතී සිටි කොන්දොස්තර අයිතිය කියාගෙන ආවේය. ඒ 2008 වසරේදී ඉඩම අසෝකාගේ මව තෑගි ඔප්පුවකින් ඔහුට දුන් බව කියමිනි.

    සිදුවී ඇති දෙය ඉඩම් හිමිකරුවන්ට අනාවරණය කරගත හැකි වන්නේ ඉන්පසුවය. ෆීලිස් පෙරේරා නිට්ටඹුව වත්තෙන් අක්කර දෙසීයක් විකුණන අවස්ථාවේ වලව්වේ තිබූ ඔප්පු තිරප්පු අතගෑ කොන්දොස්තර විසින් ඔප්පු පන්නා තිබුණි. එම ඔප්පුවලට හොර ඔප්පු හදන මෙහෙයුම පසුපස සිට තිබුණේ දේශපාලන පාතාලය හා කෝටිපති ව්‍යාපාරිකයන් පිරිසකි.

    එවන් ප්‍රශ්න මධ්‍යයේ තම ඉඩකඩම් බලාගන්නට නොහැකි වූ තැන කුරුණෑගල කටුපිටිය වත්ත විකුණන්නට අසෝකාගේ මව කටයුතු කළාය. ඒ වනවිට ප්‍රමිලාත්, අසෝකාත් ඇමරිකාවේ තාවකාලිකව පදිංචියට ගිය නිසා එම ඉඩම රුපියල් මිලියන 15කට ඇය විකුණා දැමුවාය. එම ඉඩම විකුණාගත් මුදල් කොල්ලුපිටිය, අංක 06 පිහිටි අසෝකාට අයත් නිවසට රැගෙන ආ දිනයේම රහස් පොලිසියෙන් කියා ආයුධ රැගෙන ආ කල්ලියක් කොල්ලකාගෙන ගොස් තිබුණි. මේ කටුපිටිය ඉඩම විකුණන්නට බ්‍රෝකර්වරු සොයා දී තිබුණේ නිට්ටඹුව වත්තේ කොන්දොස්තර වූ ධනසිරිය.

    එම සිද්ධියෙන් සතියකට පසු අසෝකා සහ ප්‍රමිලා යුවළ ලංකාවට පැමිණෙන්නේ තම දේපොළ රැකගැනීමේ සටනටය. ඒ වනවිටත් වත්තේ කොන්දොස්තර මාර්ගයෙන් නිට්ටඹුව වලව්වේ තිබූ ඔවුන්ගේ සියලු ඉඩකඩම්වල ඔප්පු පිටපත් පිටතට ගොස් තිබුණේය.

    2014 වසරේදී එක්වරම අසෝකාට අයත් කොළඹ හතේ වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට යාබද ඉඩමට හොර ඔප්පුවකින් අයිතිය කියන්නට තවත් චරිතයක් කරලියට ආවේය. ඔහු කියන්නේ තමන් අසෝකා දසනායකගේ බිරිඳගේ පෙම්වතා බවය. ඇය තමන්ට මේ දේපොළ තෑගි ඔප්පුවකින් දුන් බවත්. තෑගි ඔප්පුවට අත්සන් කළේ ඩර්ඩන්ස් රෝහලේ රථගාලේදී තමන්ගේ ත්‍රිරෝද රථයට නැග බවත් ඔහු කියා සිටියේය.

    කිලෝග්‍රෑම් 140ක් පමණ බරැති තරබාරු අයකු වූ ප්‍රමිලා දසනායකට ත්‍රිරෝද රථයකට නැග ගන්නට තබා ඇඳෙන් නැගිටගන්නවත් බැරි තරම් අසනීප වී සිටියදී තෑගි ඔප්පුවකට අත්සන් කළ බව කියමින් මතුවූ පුද්ගලයාට එරෙහිව නීති මගට බසින්නට දසනායක යුවළට සිදුවිය. 2014දී දසනායක පවුලේ අය කොළඹ හතේ නිවස තුළ සිටියදී බලහත්කාරයෙන් තිදෙනකු පැමිණ උඩුමහලේ පදිංචි වූහ. පාටි දමමින් නිවසට අරක්ගත් පිරිසේ තෑගි ඔප්පුවක් ගැන කියූ අනුරද විය.

    දරුවන් මියගිය නිසා දසනායක පවුලට උරුමක්කාරයකු නොමැති බව මෙම කණ්ඩායම් සිතුවා විය හැකිය. නමුත් තම පවුලේ දේපොළ පිටස්තරයන්ට යන්නට නොදී රැක ගන්නට ඔවුන් ඒවා කෙනකුට පවරා තිබුණි. එසේ දේපොළ පැවරුවේ ඇන්ඩෲ සමරකෝන්ටය. ඔහු ගුවන් නියමුවෙකි. ඇන්ඩෲව එම පවුලේ ඥාති උරුමය වෙනුවෙන් සටන් කරන්නට මෙරටට ගෙන්වා ගත්තේ අසෝකාමය. අසෝකා දසනායකගේ පියා සහ ඇන්ඩෲගේ අත්තම්මා එකම පවුලේ සොහොයුරන්ය. ඒ අයුරින් පවුලේ උරුමය රකින්නට ඇන්ඩෲට සියලු දේපොළ අසෝකා විසින් ලිඛිතව පවරා දී ඇත්තේ රහසිගතවය. එය හොර ඔප්පු හැදූ ජාවාරමුන් නොදැන සිටි කරුණක් විය. ජාවාරමුන් අසෝකාගේ නිවසේ බලෙන් පදිංචි වූයේද ඒ බැව් නොදැනය. 2014 දී කොළඹ හතේ නිවසට පැමිණ බලෙන් පදිංචි වූ පිරිස එළවා දමන්නට විදේශයක සිටි ඇන්ඩෲ වහාම ලංකාවට ආවේය. ඔහු කුරුඳුවත්ත පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කළ පසුව උරුමය කියන්නට ආ තිදෙනා මාස තුනක් මහඋළු ගෙයි රැඳවෙන්නේ බලහත්කාරයෙන් නිවසක පදිංචි වීමේ වරදටය. මේ අතරේ දසනායක පවුලට අයත් මීරිගම, මැදිකැලේ වත්ත ඉඩම් අක්කර දාහතකට ව්‍යාජ ඔප්පුවක් සකසා බැංකුවකින් මිලියන 280ක ණයක් ගැනීමට යද්දී එයද හසුවුණේය. අනුන්ගේ ඉඩමකට හොර ඔප්පු ලියූ නීතිඥයාට අන්තිමට නවතින්නට වූයේ මහඋළු ගෙදරය.

    අපරාධකරුවන්ගේ මේ සියලු ජාවාරම් කුමන්ත්‍රණ ගැනත් අසෝක දසනායකගේ ඝාතනය ගැනත් හොඳින් දන්නේ ගුවන් නියමු ඇන්ඩෲය.

    ‘‘අපිට කොළඹ ගෙවල් හතක් තියෙනවා. මගේ කොල්ලුපිටියේ අංක 30/2 නිවසටත් හොර ඔප්පු ගහලා. බැංකු මැනේජර් කෙනෙක් අල්ලාගෙන මිලියන පහක (ලක්ෂ පනහක) ලෝන් එකකුත් පාස් කරගෙන. හැබැයි ලෝන් එක ගත්ත මනුස්සයා සත පහක්වත් වාරික ගෙවලා තිබ්බෙ නැහැ.’’

    කොල්ලුපිටියේ නිවස වෙන්දේසි කරන්නට කියා බැංකු නිලධාරීන් පැමිණි විට ඇන්ඩෲගේ පවුලේ අයට දෙලෝ රත්විය. ඒ තමන් පදිංචි නිවසට හැදූ හොර ඔප්පුවට බැංකුව ණයකුත් දී තිබූ නිසාය. මෙවර මහ මැතිවරණයටත් පෙනී සිටින එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙම හොර ඔප්පු චෝදනාව නැගුණේය. ඔහු වෙනුවට උසාවියේදී බැංකුව සමග නඩු කියන්නට සිදුවන්නේ ඇන්ඩෲ‍ග් පවුලේ අයටය. නඩුව යද්දී හොර ඔප්පුවට ණයක් දුන් බැංකු කළමනාකරුත් අතුරුදන් විය.

    තම මව උසාවි ගණනේ රැගෙන යා නොහැකි නිසා බැංකුවට තමන් සතු ලක්ෂ පනහක් ගෙවා නඩුව අහවර කරගැනීමට ඇන්ඩෲගේ පවුලට සිදුවිය. තම ඉඩමට හැදූ හොර ඔප්පුවට වගකිව යුත්තන් පසෙක සිටියදී ඇන්ඩෲට බැංකුවේ වරද නිවරදි කරන්න වූයේ ඒ ලෙසින්ය.

    ‘‘හොර ඔප්පුවක් හදලා රෙජිස්ට්‍රාර් කරලා කාගෙන් හරි ඉඩමට ඇඩ්වාන්ස් එකක් ගන්නවා. ඊට පස්සේ අයිතිකාරයෝ බිය වද්දනවා. එක්කෝ බය කරලා අඩුවට ඉඩම ගන්නවා. අපේ නිට්ටඹුවේ ඉඩමටත් මේකමයි කරන්න ආවේ. කම්පැනිකාරයෝ ඉඩම ඉල්ලනනවා. බොරු ඔප්පු හදපු කොන්දොස්තරව එයාලා අයින් කරගන්නම්ලු. මේක එකතුවෙලා කරන මාෆියාවක්. මේ කොළඹ 07 ගෙදර මිලදී ගන්න මේ රටේ ප්‍රබල ක්‍රිකට් තරුවක් ඇවිත් තියෙනවා. ඔය හොර ඔප්පු කල්ලිය ඒ ක්‍රිකට් තරුවෙන් කෝටි එකහමාරක අත්තිකාරම් මුදලකුත් ගත් බව කියනවා.’’

    එපමණක් නොව ප්‍රමිලා සහ අසෝකා දෙදෙනාම ජීවත්ව සිටි මේ කාලයේ ආර්යාවක් යැයි කියාගත් ප්‍රභූ තැනැත්තියක්ද හොර ඔප්පු කල්ලියේ තොරතුරු මත මෙය මිලට ගන්නට විත් ප්‍රමිලා ඇයට බැණ වැදී ද ඇත.

    ‘‘ආන්ටි ප්‍රමිලාගේ නමට තියෙන ඉඩම්වලටත් මෙයාලා මේකම කළා. ආන්ටි ප්‍රමිලා 2017දී නැතිවුණා. එයා ඊට කලින් උසාවියට ඇම්බියුලන්ස් එකකින් ගෙනිහින් ඇඳේ ඉඳන්. ස්ටේට්මන්ට් එකක් දුන්නා. ඇඳෙන් නැගිටගන්න බැරි කෙනා අනුර කියන කෙනාට තෑගි ඔප්පු දුන් කතාව බොරුවක් කියලා සාක්කියක් උසාවියට දුන්නා. හොර ඔප්පුවේ තියෙන්නේ බොරු අත්සනක් කියලත් රිපෝට් එකක් ආවා. ඒ එක්ක තමයි මේ කල්ලිය අසෝකා අංකල්ව මරන්න සැලසුම් කළේ.’’

    අසෝක දසනායකගේ ඝාතන කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඔවුන් කෝටි දෙකක් මිල නියම කර තිබුණි. ඝාතන කොන්ත්‍රාත්තුවට තෝරාගෙන තිබුණේ හමුදාවෙන් ඉවත් වූ දෙවැනි ලුතිනන්වරයෙකි. ඔහු දෙවතාවක් අසෝකාගේ අංක 06 ලිපිනයේ වූ කොල්ලුපිටියේ නිවස අසලට පැමිණ ගියේය. සේවකයන් දසදෙනකු පමණ සිටි නිසා ඔහුට ඉලක්කය අපහසු වී තිබුණි. ජාවාරමුන්ගේ බලාපොරොත්තු ඉටු නොවූ තැන බොරැල්ලේ කුඩු ගසන්නකු මේ සඳහා සහායට ගත්තේය. ඒ අනුව ඝාතනය සඳහා යාමට දිනය යොදාගෙන තිබුණේ ඉකුත් ජනවාරි 15දාය.

    ‘‘උදේ 6.00ට අංකල් නැගිට්ටට පස්සේ එකපාරටම වත්ත පිටිපස්සෙන් ගෙට ඇතුළු වුණු කණ්ඩායමක් සේවකයන්ගේ අතපය බැඳලා තිබුණා. එතැන ආපු තුන්දෙනාගෙන් එක්කෙනෙක් ෆෝන් එක කනේ ගහගෙනම ‘හාමු කෝ’ කියලා සේවකයන්ගෙන් අහලා තිබුණා. එතකොට අංකල් එකපාරටම එළියට ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ අංකල් ‘මෙහේ තියෙන ඔක්කොම අරන් යන්න’ කියලා ආපු අයට කිව්වලු. ආපු එක්කෙනෙක් අංකල්ට ගහන්න යද්දි අංකල් මිනිහව පොළොවේ ගහලා තිබුණා. ඒත් එක්කම තමයි උඩට වෙඩි තියලා අංකල්ට පිහියෙන් ඇනලා ගිහින් තිබුණේ. මම සිද්ධිය දැනගත්ත ගමන් දුවගෙන ඇවිත් අංකල්ව හොස්පිටල් එකට ගෙනිච්චා. එයාව ප්‍රතිකාරවලින් පස්සේ දැඩි සත්කාර ඒකකයට දැම්මේ බරපතළ නිසා.’’

    එම සිද්ධියෙන් දින තුනකට පසුව අසෝකා දසනායක කොළඹ ජාතික රෝහලේදී මිය යන්නේය.

    නැවත ජාවාරමුන් වැඩ පටන් ගත්තේ අසෝකා මියගොස් සතියකිනි. කොල්ලුපිටිය නගරයේ සිදුවීම වූ නිවස විකුණන්නට හොර ඔප්පු කල්ලියේ බ්‍රෝකර්වරුන්, රටේ නමගිය හාල් මෝල් හිමිකරුවකු හා හිටපු ඇමැතිවරයකුද රැගෙන ආහ. මේ වනවිට අසෝකාගේ මරණය සම්බන්ධයෙන් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා යටතේ විමර්ශන ඇරඹෙන්නේය. මාස ගණනක් තිස්සේ සාක්ෂි රැස් කරමින් ගිය රහස් පොලිසිය ඝාතනයට සම්බන්ධ කුඩ්ඩා හා හමුදා ලුතිනන්වරයා කොටු කරගත්හ. ඉන්පසු ඔවුන් මෙහෙයවූ ප්‍රබල චරිත සොයායෑමේ මෙහෙයුමක්ද ඇරඹිණි.

    ‘‘මට දේපොළවල අයිතිය පවරලා කියලා මේ අය දැනගෙන හිටියේ නැහැ. ඔස්ට්‍රේලියාවෙන් කෙනෙක් ඇවිත් ගෙදර ඉන්නවා කියලා හොර ඔප්පු හදපු මනුස්සයා කුරුඳුවත්ත පොලිසියටත් පැමිණිලි කරලා. පොලිසිය ඒ පැමිණිල්ලට කොළඹ 07 ගෙදරට ඇවිත් දේපොළ හිමි මගෙන් ප්‍රශ්න කළා. එදාට පහුවදා ඩිෆෙන්ඩර්වලින් අපේ වතු හතරටම මැර කණ්ඩායම් ආවා. ඊට පහුවදා රෑ ත්‍රීවීල් එකක් ඇවිත් අපේ කොළඹ ගෙදර කට්ටිය ඉඳිද්දීම ගේට්ටුවලට පැඩිල් ලොක් දැම්මා. මේ සියල්ල සීසීටීවී සාක්ෂිත් එක්ක තියෙනවා.’’

    ඇන්ඩෲ කියන්නේ ඔහුව මේ අයුරින් නිවසින් එළවන්නට හැදුවද ඔහුත් සමග පවුලේ ඥාතීන් දස දෙනකුට මේ දේපොළ නීත්‍යනුකූල ලෙස පැවරී ඇති බවය.

    තිස්ස රවින්ද්‍ර පෙරේරා

    ඡායාරූප – ප්‍රදීප් දඹරගේ

    අරුණ

     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුද බං මේ ඇමති ? කෙලින්ම නම එලියට දැම්ම නම් හරි... පුදුම සක්කිලි රටක් බං.. මිනිහෙක්ට පාඩුවේ ඉන්න නෑනේ. නාමලය 2015ට කලින් ඔය වැඩ කරල තිබ්බලු කුරුදුවත්තෙ...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මචන් ඔය ප්‍රශ්නේ විසඳන්න ඔච්චර අමාරු නෑ වර්තමාන අය්ති කාරයාගේ පින්තූරයක් , දුරකථන අංකයක්(පිටරට හරි),ලිපිනයක් database එකක තිබ්බනම්.
    අපිත් ලොකු වංචාවකට අහුවුණා හදපු හොර ඔප්පුවකට සහ හැඳුනුම්පත් දෙකකට.
    හැබැයි උසාවි ගියාම කෝටි ගණන්වල වංචා වලට අහුවෙච්ච අය හිටියා.
    ඕක සංවිධානාත්මක කල්ලියක්.සමහර ඒවාට අය්තිකාරයොත් හවුල්.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කවුද බං මේ ඇමති ? කෙලින්ම නම එලියට දැම්ම නම් හරි... පුදුම සක්කිලි රටක් බං.. මිනිහෙක්ට පාඩුවේ ඉන්න නෑනේ. නාමලය 2015ට කලින් ඔය වැඩ කරල තිබ්බලු කුරුදුවත්තෙ...

    😂😂😂ෂුවර් ඵකටම පොහොට්ටුවෙ ඵකෙක් වෙන්න අැති..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    😂😂😂ෂුවර් ඵකටම පොහොට්ටුවෙ ඵකෙක් වෙන්න අැති..
    එහෙම කියන්න බෑ ඉතින් දෙපැත්තෙම සක්කිලියො ඉන්නවනෙ...

    මෙවර මහ මැතිවරණයටත් පෙනී සිටින එජාප පළාත් සභා මන්ත්‍රීවරයකුට මෙම හොර ඔප්පු චෝදනාව නැගුණේය.
    මහ කොමසාරිස් කාර්යාලය අසල ඇති නිවසකට හිටපු කැබිනට් ඇමැතිවරයකුගේ ස්පා පෙම්වතියක් දමා අල්ලා ඇති නිවස එවැන්නකි.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    952
    1,568
    93
    කෙවියට් දාලා තිබ්බත් මේ වගේ වැඩ වෙනව ද? කෙවියට් එකෙන් රැකවරණයක් හම්බවෙන්නේ නැද්ද එතකොට..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් අර නිට්ටඹුවේ ඉඩම් කේස් එකක් ගෑන වීඩියෝ එකක් දාලා තිබ්බේ මේ ඉඩම් අල්ලපු එවුන් තමා. උන් අනුන්ගේ ඉඩම් අල්ලගෙන තමන්ගේ කියලා විඩියෝත් දානවා. ඌ කෑගෑහුවේ රත්වත්තේ කෙනෙක් ඈවිල්ලා කියලා නේද? රත්වත්තෙලා එහෙනම් ඈන්ඩෲ කියන එකාට සපෝට්ද දන්නේ නෑ. වීඩියෝ එකේ බෑනලා තිබ්බේ පොලිසියට. බලනකොට පොලිසිය හරි. මුන් තමා හොරු

     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ධනසිරි කියන එකා හොර පාටයි. යකො මෙහෙමත් අනුන්ගෙ දේවල් කඩාවඩාගන්න පුලුවන්ද? ඔක තමා දේපල බලාගන්න වෙන වෙන අඩු කුලේ කාලකන්නි දැම්මම වෙන්නෙ උන් හොර ඔප්පු හදලා දේපල බලෙන් අයිති කරගන්නවා එහෙමත් නැත්නන් පිට එවුන්ට විකුනනවා ඇත්ත එලිවුනු දවසට උලුගෙදර තමා
     
    • Wow
    Reactions: D_Mad

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,254
    5,115
    113
    Loading...
    ඕවා සාමාන්‍ය දේවල් බන් ලංකාවේ. පට්ට හොරුන්ට කතිරෙ ගහලා ඇවිල්ලා වෙනසක් ඉල්ලන මෝඩ හැත්තක් ඉන්න රටක් මේක. රාජ්‍ය බලයයි, මැර බලයයි තියෙනව නම් ප්‍රකෝටිපතියො වෙන්න පුලුවන්. මේ පාරවත් මොලේ පාවිච්චි කරපල්ලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    දෙල්කඳ ප්ලාසා එකේ කලුකෝටෙක් ඉන්නවාලු ඔය වගේ හොර ඔප්පු ගහන.
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ඔන්න ඔය scene වලට නේද මේක හදුන්වලා දුන්නේ . මේ certificate එක තියෙනවා නම් ගෙදර ඇවිත් පදිංචි වෙලා හිටියත් එලියට ඇදල දාන්න පුළුවන් (මම දන්නා තරමින්)
    http://www.rgd.gov.lk/web/index.php/en/2-uncategorised/36-e-title.html
    මම දන්නා විදිහට ගානක් ගෙවන්න ඕනේ ඊට පස්සේ එයාලම surveyors ල දාල හරියට මැනලා හිමිකම් සහතිකයක් හදල දෙනවා. එක තියෙනවනම් මොකෙක්ටවත් contest කරන්න බෑ අයිතියට
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ධනසිරි කියන එකා හොර පාටයි. යකො මෙහෙමත් අනුන්ගෙ දේවල් කඩාවඩාගන්න පුලුවන්ද? ඔක තමා දේපල බලාගන්න වෙන වෙන අඩු කුලේ කාලකන්නි දැම්මම වෙන්නෙ උන් හොර ඔප්පු හදලා දේපල බලෙන් අයිති කරගන්නවා එහෙමත් නැත්නන් පිට එවුන්ට විකුනනවා ඇත්ත එලිවුනු දවසට උලුගෙදර තමා

    Kula scene eka moda adahasak unath, adu kula wala un oua wage jara wada karanna thyena tendency eka wadiy monawa kiwwath
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,557
    67,903
    113
    ඔන්න ඔය scene වලට නේද මේක හදුන්වලා දුන්නේ . මේ certificate එක තියෙනවා නම් ගෙදර ඇවිත් පදිංචි වෙලා හිටියත් එලියට ඇදල දාන්න පුළුවන් (මම දන්නා තරමින්)
    http://www.rgd.gov.lk/web/index.php/en/2-uncategorised/36-e-title.html
    මම දන්නා විදිහට ගානක් ගෙවන්න ඕනේ ඊට පස්සේ එයාලම surveyors ල දාල හරියට මැනලා හිමිකම් සහතිකයක් හදල දෙනවා. එක තියෙනවනම් මොකෙක්ටවත් contest කරන්න බෑ අයිතියට

    Oya bim sawiya seal eka neda ara oya video eke dial eka pennane?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකො මගේත් ඉඩම් 4 තියෙනවා කෝටි
    5 විතර වටින..නෝනගේ ඒවා එක්ක කෝටි 9 පනිනවා ..
    මගේ බිජ්ජත් එක්ක හිරි වැටුණා
    මේක දැක්කම...

    හොර ඔප්පුවක් හදපු ගමන්
    සත්‍ය ඔප්පුවෙත් වලංගු තාවය බෙලහීන වෙනවා
    නේද එතකොට 🤔 🤔 🤔 :dull:
     
    Last edited:
    • Wow
    Reactions: Brandy2020

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    යකො මගේත් ඉඩම් 4 තියෙනවා කෝටි
    5 විතර වටින..නෝනගේ ඒවා එක්ක කෝටි 9 පනිනවා ..
    මගේ බිජ්ජත් එක්ක හිරි වැටුණා
    මේක දැක්කම... හොර ඔප්පුවක් හදපු ගමන්
    සත්‍ය ඔප්පුවෙත් වලංගු තාවය බෙලහීන වෙනවා
    නේද එතකොට 🤔 🤔 🤔 :dull:
    Ow yako. Eeeta passe usawi gaane badaganna wenawa nikan awrudu gaanan. Kohoma hari karala documents hama thaninma certify karaganin. Nikan adu kule sikko daanne nathuwa balaganna, hoda security/ cleaning firms walin hire karapan wadata waththe
     
    • Like
    Reactions: silentsahan