තවත් පුස්වේඩිල්ලක්!

monson

Well-known member
  • May 7, 2007
    25,587
    28,524
    113
    තවත් පුස්වේඩිල්ලක්!

    සිංහ ලේ සංවිධානය අද සවස තුනට හෝමාගම බස් නැවතුම්පොළ අසල ඇරැඹීමට නියමිතව තිබූ රැස්වීම පස්වරු 4.45ට පමණ ආරම්භ විය.

    හිමිවරු 20 නමක් පමණ සහ ගිහියෝ 200ක් පමණ ඊට සහභාගී වී සිටිති.

    ආරක්ෂාවට විශේෂ පොලිස් බළඇණිද යොදවා තිබේ.

    නගරයේ අනෙකුත් කටයුතුවලට බාධා වන ලෙස අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකර සාමකාමීව වැඩ කටයුතු කරගෙන යන ලෙස පොලිසිය උපදෙස් දුන්නේය. ඊට එරෙහිව පිරික් අදහස් දක්වනු දක්නට ලැබිණි.

    දේශපාලකයන් රට ජාතිය පරිහානියට ගෙන යතියි කියන සිංහ ලේ සංවිධානය විකෘති කළ ජාතික කොඩියක් ද ප්‍රදර්ශනය කරමින් හෝමාගම බස් නැවතුමේ රැලියක් පවත්වයි.


    20160204_163953.jpg

    20160204_164205.jpg

    20160204_164304.jpg

    20160204_164533.jpg

    20160204_1659021.jpg

    20160204_1702271.jpg


    - http://www.lankadeepa.lk/index.php/articles/382918