තවත් බටහිර කුමන්ත‍්‍රණයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා රටට එරෙහි බටහිර කුමන්ත‍්‍රණයේ තවත් එක් පියවරක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. මන්තී‍්‍රවරයා එ් බව පැවසුවේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙරේදා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
ඉකුත් ආණ්ඩුව සමයේ සිදු වූ බොහෝ දුෂණයන් හි පළමු වගඋත්තරකරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අදහස වනවා. එ් අනුව අදාළ දුෂණ කි‍්‍රයා සඳහා අනිවාර්යයෙන්ම ඔහුට දඬුවම් දිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මෙම චෝදනාවට මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා ලබාදුන් පිළිතුරුයි මේ.
ඒ අයට ඕනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව පරාජය කරලා විතරක් නවතින්නේ නැතුව නැවත ඔහු දේශපාලන කරළියේ ඉන්න තියෙන අවස්ථාවත් නැති කරන්න. එකට චරිත ඝාතනය තමයි අද යොදාගෙන තිබෙන්නේ. මේක තමයි ලෝකයේ හැම ප්‍රගතිශීලි නායකයෙක්ම එලවන්න විදේශීය කල්ලි යොදාගෙන තිබෙන සටන් පාඨ. "දුෂිතයා දුෂිතයා දුෂිතයා". දුෂිතයා කියලා බටහිර රටවල් වලට එළවන්න ඕනි වෙන්නේ නැහැ උන්නැහේලගේ පදයට නැටුවනම්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කෙරෙන දුෂණ චෝදනා ජාතිය පාවාදීමක් බවද මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිස අද ක‍්‍රියා කරන්නේ කෑමට අවශ්‍ය විට කබරගොයාද තලගොයා කර ගැනීමේ න්‍යාය අනුව බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අද හොයල බලන්න ප්‍රභාකරන්ට එරෙහිව දෙමළ සමාජය විසින්වත් දුෂිතයා කියලා ඒ ආදී වශයෙන් චෝදනා එල්ල කරනවද කියලා ? සිංහල බෞද්ධකම ගැන මහා ලොකුවට කථා කරන මහත්තුරු අද දුටුගැමුණු රජ්ජුරුවෝ හිටියා ඒ කියන්නෙත් තවත් දුෂිතයෙක් කියලා. අර චෛත්‍ය හදනකොට දුෂිතයෙක් කියලා. මෙතන තියෙන්නේ කන්න අවශ්‍ය උනහම කබරගොයා තලගොයා කරන එක.
Source:33000lk