මසාජ් දුම්රියෙන් පාඩුයි.. පාඩුච අය කරගන්න නීති මගට..
පසුගිය 15 වෙනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියක සිදු කරන ලද සම්භාහන කටයුත්තක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කටයුත්ත සිදු කරන ලද්දේ සාමාන්‍ය මගී දුම්රියකු නොව පුද්ගලික ආයතනයක් විසින් මුදල් ගෙවා කුලියට ලබාගන්නා ලද දුම්රියක බවයි.
නමුත් එය දුම්රිය දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට පටහැනි බවට චෝදනා එල්ල වෙමින් ඇත.
මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.
සිදුවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ අලාභය අය කර ගැනීමටත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවටත් දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.