තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    තවත් සුන්දර ගීයක නොදන්නාපැත්ත නොදන්නා අය

    16sindudiarydawasakpela.png


    සියුම් ස්වරයෙන් පටන්ගෙන විලාපයකින් අවසන් වන මේ ගීතයේ එසේ විලාප ගැසීමට හේතුවක් තියනවා.
    හේතුව තමා දැන් හැමදේම තේරුනත් කරන්න දෙයක් නෑ. මොකද සියලුම සිදුවීම් වෙලා ඉවරයි.
    සිහිවෙන විට දැනෙන වේදනාව පමණයි ඉතිරිවෙලා තියෙන්නේ..


    "දවසක් පැල නැතිහේනේ
    අකාල මහා වැහි වැටුනා"


    පැලක් නැති හේනක් කියන්නේ ඒ හේනට කිසිම ආරක්ෂාවක් නෑ (ඇත්තටම රන්බණ්ඩා සෙනෙවිරත්නගේ මව මේ හේන්වල තියන ගස්වල ඉතිරි වෙලා තියන එළවලු කඩල කන්න දීල තියනවලු) පියා නැති පව්ලකටත් ඒ වගේ තමා.
    වැහි අනවශ්ෂ කාලෙකට වැහි වැටෙනවා වගේ කිසිම හේතුවක් නැතිව අම්මට එතකොට නින්ද අවමාන, අඟහිගකම් එන්න පටන් ගත්තා
    .

    "තුරුලේ හංගගෙන මා ඔබ තෙමුනා අම්මේ"

    එහෙත් අම්මා ඒ සියලු දුක් කරදර තමා විඳ ගනිමින් තම දරුවාට ඒ බාධක දැනෙන්න දුන්නේ නෑ.


    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"

    මෙහි හිටිපියවර හිටියා යන්නෙන් අර්ථවත් කරන්නේ ළමය හරි තැනට ඇවිත් ජිවිතේ දිහා බලනකොට ළමය හිතනවා මම මේ තැනට එනකල් අම්මා දෙවන වරට විවාහයක් නොකර ජිවිතේ එකම අරමුණ සේ මව සලක නේද කියල.

    ඔන්න එහෙම හිටපු පුතා ලොක්කෙක් වෙලා නගරයට එනවා අම්මා එහෙ දාල. පුතා උස් මහත් වෙලා අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හඟවන්නේ, මොකද නුවර ඉන්නකොටනේ ගැහැණියෙක් සෙනෙහසක් ගැන කියන්නේ.



    "නුවර වීදී යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරියකගේ සෙනෙහෙ ගිය යෝධ අලේ නැම්මේ
    ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ"


    කසාද බැඳල අම්මටත් වඩා ගෑනිව ලොකුකරගෙන හිටියා.. හැබැයි ගෑනි කියන්නේ කව්ද කියල තේරුම් ගන්න, ගෑනිගේ ආදරේ අම්මගේ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා. හරියට යෝධ ඇලේ නැම්ම වගේ.. මොකද සැතපුමක් ගියාම තමා තේරෙන්නේ අඟලක
    බැස්මක් මේකේ තියනව කියල. යෝධ ඇල වතුර ගලනවා කියල පෙන්නේ නෑ. සැතපුමක් ගියාම තමා තේරෙන්නේ ගලනවා කියල. බිරිඳත් එහෙමයි වෙනස් වෙන්නේ තේරෙන්නෑ. කාලය ගෙවිලා ගියාමයි තේරෙන්නේ බිරිඳත් මවත් අතර වෙනස සහ ප්‍රශ්නවලදී අහහිඟකම් වලදී බිරිඳ
    තමාව තනිකරලා වෙනතක ගිහින් තියන හැටි.

    කොහොම හරි දැන් බිරිඳ මෙහෙම වෙනස් උනාම තමන්ට අර පරණ සෙනෙහස මතක් උන..අම්මව සිහි උනා. කසාදයක් කරගන්නේ නැතිව තමා ලොකුමහත් වෙනකම් දුකක් නොදී බලාගත් අම්මාලඟට..ඒ සෙනෙහස ආරක්ෂාව සොයාගෙන යන්න ඕන.. යන්න හිතෙනවා..


    "මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවද අම්මේ"


    එත් නගරයේ ඉඳල එන මව බලන්න අම්මා ඉදිකඩ ළඟ වෙනද වගේ ඉන්නේ නෑනේ.. මොකද අම්මා මේ ලෝකේ ඇතහැරලා ගිහින්. එකයි ලොකු අන්දොනවකින් අවසන් කරන්නේ...

    Repost nam sorry.
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    "පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ"....බලපන් ව්‍යංගාර්ථයෙන් කියා දේ
    දැන් ඉන්න එක බල්ලෙක්ට පුලුවන්ද ඔහොම සින්දු ලියන්න .....
     

    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    mamath aasma song 1k...eath theruma hariyatama danagaththe adaaaa...
    thnx bro
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    සිංදුවක් පැති ගොඩකින් දකින්න පුලුවන් නම් ඒක උසස් එකක්. මම මේක අහනකොට මට හිතුනේ මේ කියන පුද්ගලයගෙ පියා පොඩිකාලෙ එයාව දාල ගිහින් ඒත් අම්මා දරුවව බොහොම අමාරුවෙන් ඇති දැඩි කලා කියන එක. මම හිතුවෙ
    "නුවර වීදී යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරියකගේ සෙනෙහෙ ගිය යෝධ අලේ නැම්මේ
    ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ"

    කියන එකෙන් කියන්නෙ ලෝකයෙන් ආපු සමාජ අපවාදය හා පියාගේ මව කෙරෙහි තිබුන ආදරය ටිකෙන් ටික අඩු වීම කියලා. කොහොම වුනත් මේ සිංදුව මගෙ ජීවිතයටත් අදාලයි. හොද පෝස්ට් එකක්. ස්තූතියි.
     
    • Like
    Reactions: pubudukl

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ අපේ සස්ලිට් සහෝ ලියපු විචාරයක් නේද...? සුන්දර ගීයක ඇරඹුම ත්‍රෙඩ් එකෙන් ගත්තේ කියවලත් දාන්න එපැයි අඩුම ගානේ....:rolleyes:
    This is the Original post
    Plz mention the source or the Author when u r copying the other users Articles!!!!
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මැක්සා බන්
    දැන් ඉන්න එකෙක් ලිව්වනම් මේ තියෙන තේරුමට සින්දුවක් මේ වගේ වෙයි


    අපේ හේනට NO GUARD
    ‍මේ දවස්වල HEAVY RAINING
    mOM ඔයා නෑවා වැස්සේ
    මං SHAPE
    mOM ඔයා WAITING වුනා වැස්ස පායනකන්


    :D:confused::confused:

    මට සින්දු ලියන්න බෑ
    ටයි කරලා ලිව්වේ දැන් එව්වො ලියන හැටි පෙන්වන්න
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මාරු මචන්. මම අසම ගායකයෙක් සහ සින්දුවක්. මේකේ අරුත පැහැදිලි කලාට ගොඩක් ඉස්තුති...:)
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මාරු මචන්. මම අසම ගායකයෙක් සහ සින්දුවක්. මේකේ අරුත පැහැදිලි කලාට ගොඩක් ඉස්තුති...:)

    බණ්ඩාර නිළමෙ;12983782 said:
    සිංදුවක් පැති ගොඩකින් දකින්න පුලුවන් නම් ඒක උසස් එකක්. මම මේක අහනකොට මට හිතුනේ මේ කියන පුද්ගලයගෙ පියා පොඩිකාලෙ එයාව දාල ගිහින් ඒත් අම්මා දරුවව බොහොම අමාරුවෙන් ඇති දැඩි කලා කියන එක. මම හිතුවෙ
    "නුවර වීදී යටකරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරියකගේ සෙනෙහෙ ගිය යෝධ අලේ නැම්මේ
    ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ"

    කියන එකෙන් කියන්නෙ ලෝකයෙන් ආපු සමාජ අපවාදය හා පියාගේ මව කෙරෙහි තිබුන ආදරය ටිකෙන් ටික අඩු වීම කියලා. කොහොම වුනත් මේ සිංදුව මගෙ ජීවිතයටත් අදාලයි. හොද පෝස්ට් එකක්. ස්තූතියි.

    patta machan

    niyama post eka bro.... Rep6++++++

    mamath aasma song 1k...eath theruma hariyatama danagaththe adaaaa...
    thnx bro

    ස්තුතියි හැමෝගෙම අදහස් වලට :yes::yes::yes: