ඡන්ද එහෙට මෙහෙට යන එක බලල තමයි බං Predictions කරන්න වෙන්නෙ. මම ඕක ගැන ඊයෙ විස්තරයක් දැම්ම. ඔය වගේ දෙයක් හරියට කරන්න නම් මේ වගේ කරුණු සලකල බලන්න ඕන,එහෙම මේ කුට්ටි පිටින් එහෙට මෙහෙට මාරු කරල predictions කරන්න බෑ බන්. ඕවා හොඳයි 2000 ට කලින් වගේ නන්.
Prediction එකක් කරන්න නන් හොඳ සමාජ කියවීමක්, herd mentality එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ.
අර චන්ද එහෙට යනව මේ චන්ද මෙහෙට යනව මොන මෝඩ කතාද.
මේකෙ මට දාන්න අමතක උන එකක් තමයි උපත් මරණ අනුපාතය. ඒකත් මූ දාල තියෙනව,2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,
1. Social Media trend එක.
2. 2019 මැතිවරණයෙ ඡන්ද හැසිරීම
3. 2014 ඉඳල 2019ට එද්දි ඡන්ද වෙනස්කම්
4. 2020 පාර්ලිමේන්තු මැතිවරණය
5. ඒ අදාළ අදාළ පක්ෂ අතීතයේ ගත්ත ඡන්ද ප්රමාණය
6. මිනිස්සු ඒ පැති වල Randomly ගත්ත රිසාල්ට් වල තොරතුරු.
7. ඒ පැතිවල ඉන්න බලකණු සපෝට් කරන පක්ෂ(මෙන්න මේක නම් ගොඩක් වැදගත්, මම හිතන්නෙ නෑ ඔය සමීක්ෂණ කාරයො ගොඩක් ඕව හොයනව ඇති කියල. සමහර ඇමතිල ඉන්නව ඡන්ද අතේ තියාගෙන ඉන්නෙ උන් සපෝට් කරන පක්ෂයට ඒ ඡන්ද යනව)
8. එක එක ජනවර්ග වල ඡන්ද හැසිරීම.
මේකෙ ඡන්දදායකයො ඉන්නෙ ලංකාවෙ එදා ඉඳල පැවතගෙන එන මිනිස්සු නැතුව මේ ඔක්කොම අලුත ඉපදිලා නෑ නේ බං. ඒ ඡන්ද හැසිරෙන ට්රෙන්ඩ් එකක් තියෙනව. මම ඒකයි කිව්වෙ එදා ලක්ෂ 69ම කවදාවත් තව පැත්තකට හැරෙන්නෙ නෑ. ඒ ට්රෙන්ඩ් එක ඕන බලන්න. මම එහෙම හදල තමයි කිව්වෙ කාටවත් ලක්ෂ 52කට එහා ගන්න අමාරුයි කියල මේ ඉලෙක්ෂන් එකේ. හැබැයි 52කට එහා ගත්තොත් ඇත්තටම එක Miracle එකක්. මූ ඔය වීඩියෝ එක කරල තියෙන ලක්ෂ 45 කතාවට 100%ක් එකඟයි කිව්වෙ ඒකයි. මටත් හිතෙන්නෙ ලක්ෂ 42කට ආසන්න ගානක් ගන්න එකා දිනන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි. ඒ කියන්නෙ එකෙක් ලක්ෂ 42-45ත් අතර වගේ ගත්තොත් අනිත් දෙන්න අතරෙ තියුණු තරඟයක් තිබ්බොත් දිනන්න පුලුවන්, 50 ගණං ගත්තොත් අනිත් දෙන්න අතර මොනවගේ තරඟයක් තිබ්බත් දිනන්න පුලුවන්.
මෙතැන තුන්කොන් සටනක් කිව්වෙ ඒකයි, එකෙක්ට වැඩි වෙනව කියන්නෙ තව දෙන්නෙක්ගෙන් ඒක අඩු වෙලා එන්නෙ. හැබැයි ඔය කියනව වගේ කාටවත් ලක්ෂ 60 ගණං එන්නෙ නෑ බං. මම දැකපු සමීක්ෂණ වල තිබ්බෙම 48% වගේ ගහනව කියල එක අපේක්ෂකයෙක්, හැබැයි කවුරුවත් ඒව හදපු හැටි කියල නෑ. සමීක්ෂණයක් ඉදිරිපත් කරනව නම් අනිවා ඒක Detail පෙන්නන්න ඕන කොහොමද හැදුවෙ කියල. මම මේ කිව්ව ඕන දෙයක් හදපු විදිය පෙන්නන්න පුලුවන්.