අපේ රටේ ගොඩක් එවුන්ට ඕනේ කෙල්ලො/කොල්ලොන්ව පොන්නයෝ වගේ කරලා තියාගන්නයි.
ඉස්කෝලේ ලිංගික අධ්‍යාපනය මදි, පාරේ ජෝඩුවක් අත් අල්ලගෙන ගියොත් පොලිසියෙන් අල්ලනවා, ඉස්කෝලේ යන ගමන් යාළුවුනොත් එකට කවුරුත් කැමති නෑ, room ගියොත් 16+ වැඩි වුනත් අල්ලනවා (ලංකාවේ consent age එක 16) ඒ විතරක් නෙවෙයි 18ට වැඩි වුනත් අල්ලනවා බැදලා නැත්නම් මොන වයසේ වුනත් කේස් දාන්න බලන්නේ, porn site වහනවා, HIV/ලිංගික රෝග ගැන හරි දැනුවත් කිරිමක් නෑ, කොල්ලෙක් කෙල්ලෙක්ට එකට කථා කරන්න බෑ පාරේ මිනිස්සු වපර ඇහින් බලනවා, පොඩි කෙල්ලොන්ට අනවශ්‍යය ගැබ් ගැනීම් ගැන කියලා දෙන්නේ නෑ, පොඩි කොල්ලොන්ට කොණ්ඩම් ගැන කියලා දෙන්නේ නෑ. එහෙම් පිටින්ම 19/20 සියවසේ විකෝටෝරියානු මිෂනාරි ක්‍රමයක් තියෙන්නේ තායිලන්තයත් බෞද්ධ (ලංකාවට වඩා සෑහෙන) නමුත් තායිලන්තය මීට වඩා හොදයි එහේ transgenders පවා ඉන්න එකෙන් පේනවා රටේ මිනිස්සු කොච්චර සුභවාදි විදියට ලිංගිකත්වය දිහා බලන්නේ කියලා.