තවත්_නැවක්_අතුරැදන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    1


    නාවිකයින් 43 දෙනෙකු සහ ගවයින් 5,800 ක් සමග Gulf Livestock 1 නෞකාව පැසිපික් සාගරයේ අතුරුදහන් වී ඇති අතර එහි සිටි එක් නාවිකයෙකු මුහුදේ පාවෙමින් සිටිය දී ජපන් වෙරළාරක්ෂක බලකායේ යාත්‍රාවක් මගින් ඊයේ දිනයේදී බේරා ගැනුනා.

    මෙම සතුන් ප්‍රවාහනය කරන (Livestock Carrier) වර්ගයේ නෞකාව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදා නවසිලන්තයේ නේපීයර් වරායේ සිට චීනයේ ටැන්ගාෂන් වරාය බලා යාත්‍රා කරමින් තිබී ඇති අතර චීනයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ ඇති වූ 'Maysak' සුළි කුණාටුවට මෙම නෞකාව හසුවන්නට ඇති බවට සැක කෙරෙනවා.


    gulf-livestock-1_9262883_2004561_Large.jpg




    කෙසේ වෙතත් අතුරුදහන් වීමට පෙර ඊයේ දිනයේ දී එම නෞකාවෙන් ආපදා සංඥා ලැබී ඇති අතර අතුරුදහන් වූ කාර්ය මණ්ඩලයට පිලිපීන ජාතිකයන් 39ක් ඕස්ට්‍රේලියානු ජාතිකයන් 2ක් හා නවසීලන්ත ජාතිකයන් 2ක් අයත්ය වනවා




    මෙයින් දිවි බේරාගත් එකම පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර තිබෙනවා
    65aa68672b1b324ff9cd147a1b98d399



    Second-survivor-from-capsized-cattle-ship-dies-Japans-coast-guard.jpg