සීමාවකින් තොරව බැංකු ගිණුම් වල ඇති සියළු තැන්පතු වලින් බද්දක් ..! ජනතාවට තවත් බද්දක් ගෙවන්න වෙන ළකුණු...!
නව දේශීය ආදායම් බදු පනත ක්‍රියාත්මක වීමත් සමග බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ විශාල වෙනසක් ඇතිවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ කලා. මේ පිළිබඳ අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ මෙවැනි අදහසක්.
"රටේ බදු ගෙවීමේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කර ගැනීම තුළින් ක්‍රමවත් ආකාරයකට බදු ගෙවිය හැකි, එසේම ඇති හැකි අයට වැඩි වගකීමක් ලබා දෙමින්, නැති බැරි දුප්පත් ජනතාවට ඇතිවෙලා තියන බදු පීඩනය යම් දුරකට අවම කර ගෙන, අපි බලාපොරොත්තු වෙන්නේ රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යෑමයි,"
කෙසේ වෙතත් නව දේශීය ආදායම් පනත අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු ගිණුම් හැර අනෙකුත් සියලුම තැන්පතු ගිණුම්වලට සියයට 5 ක වාර්ෂික බද්ද අයකර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසන අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම රුපියල් ලක්‍ෂ 15 ක් දක්‌වා බද්දෙන් නිදහස් කරන බවද සඳහන්.
එසේම විදේශ සේවා නියුක්‌තිකයන්ගේ විදේශ ව්‍යවහාර ගිණුම්වල පොලී ආදායම මතද සීමාවකින් තොරව සියයට 5 ක බද්ද අය කිරීමට කටයුතු කිරීම තුල රටට විදේශ විනිමය විශාල වශයෙන් අහිමි වීමේ අවධානමක් පවතින බවද ආර්ථික විශේෂඥයින් සඳහන් කරනවා.
මීට අමතරව සාමාන්‍ය හා ස්‌ථාවර තැන්පතු ගිණුම්වල ඇති ශේෂයන් සඳහා හිමිවන පොලී ආදායම මතද සියයට 5 ක බද්දක් පනවන බව සඳහන් වනවා. බැංකුව ගෙවන පොලී ආදායම මත මෙම සියයට 5 ක පොලී ආදායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හැර සියලු දෙනාගෙන් බැංකුව විසින් අඩු කරගන්නා බවයි සඳහන් වෙන්නේ.
neth