Whatsapp කියන්නෙ මේ වෙද්දි ලෝකෙ වැඩි වශයෙන්ම Masseging සඳහා භාවිත වන App එක. කෙටියෙන්ම 2020 වසරේ පෙබරවාරි වෙද්දි මාසිකව බිලියන දෙකකටත් වඩා වැඩී ප්‍රමාණයක් Whatsapp භාවිත කරන්න පටන් ගන්නව..
ඉතින් මේ වෙද්දි හැමෝටම තියෙන ප්‍රශ්න තමයි මොකක්ද මේ Whatsapp කරන්න යන්නෙ
මොකක්ද මේකෙන් වෙන්නෙ
කියන දේවල්
අපි හැමෝම දන්න Mark Zuckerberg තමයි මෙතන ප්‍රධානිය. Mark 2012 වසරෙදි ඩොලර් මිලියනයකට Instagram මිළදී ගන්නව.. එතනින් පස්සෙ 2014 දි Mark, ඩොලර් මිලියන 19කට Whatsapp සමාගමත් මිළදී ගන්නව. ඉතින් මේ Company කිහිපයේම හිමිකරුව වෙන්නෙ Mark Zuckerberg.
Mark Zuckerberg, Whatsapp මිළදී ගනිද්දි ප්‍රකාෂ කරේ Whatsapp භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වය කෙරෙහි වෙනසක් සිදු නොකරන බව. 2016 දි Whatsapp , Facebook සමග Data Share කරන්න පටන් ගන්නව. නමුත් Whatsapp භාවිත කරන අය අකමැති නම් මේ විදියට Data Share වෙන එක නවත්තන්න පහසුකම තිබුනා. නමුත් දැන් මේ පහසුකම ඉවත් කරල තියෙනව. එ කියන්නෙ අපේ Whatsapp Data Facebook එක්ක Share වෙනව.
දින කිහිපයකට කළින් තමයි Whatsapp වල මේ Terms And Conditions අලුත් වෙන්නෙ. එ වගේ ම Whatsapp භාවිත කරන හැමෝටම මේ Terms And Conditions වලට Agree වෙන්නම වෙනව. එහෙම නැති උනොත් මාසයක් වගේ ඇතුළත් ඔයාව Whatsapp වලින් Ban වෙනව. ගොඩක් අයට මේ වෙද්දි Terms And Conditions Massge එක ඇවිත් ඇති. එ මැසේජ් එකෙ දාල තියෙනව එයාලගෙ අලුත් නීති රීති/කොන්දේසි. එ තමයි අපේ Whatsapp Data Facebook සහ ඊට අදාල සමාගම් සමග Share වෙනව කියන එක. පෙබරවාරි මාසෙ 8 වෙනිද ඉඳන් තමයි සියල්ල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. ඊට කළින් හැමෝටම මේ Notification එක එයි. සරලව Whatsapp Open කරද්දි තමයි මෙ Notification එක පෙන්නන්නෙ.
Whatsapp අපෙන් උස්සන Data මොනවද
ඔයාගෙ Phone Model එක
Operating System එක (Os)
Battery Status
Signal Strength
Time Zone
IP Address
Whatsapp Usage (අපි වට්සැප් භාවිත කරන ආකාරය, කොච්චර වෙලා පාවිච්චි කරනවද, මොනවද කරන්නෙ, මොන මොන වෙලාවටද ඔන්ලයින් එන්නෙ.. මේ වගේ දේවල්)
Payment And Transitions (ගෙවීම් කටයුතු)
Status Updates
Group Details
Profile Pictures
About Info
මෙ වගේ දේවල් එයාල අපෙන් ගන්නව.
ඉතින් මේ විදියට අපෙන් ගන්න Data වලින් මෙයාල ගොඩක් දේවල් කරනව. උදාහරණයක් විදියට අපේ Data අලෙවි කරන්නත් පුලුවන්. (දැනටත් එහෙම වෙනව) මෙ විදියට Terms And Conditions වලින් බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි මුදල් උපයන එක. කෙටියෙන්ම අපි Whatsapp වල Chat කරන්නෙ මොනවද කියල Facebook සමාගමට නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉතින් මේ නිසා අපෙ Chat එකට අනුකූලව විවිධ Adds Fb හරහා ඉදිරිපත් කරන්න මෙයාලට පුලුවන්. Whatsapp විතරක් නෙමෙයි , Massenger වලදි ඔයා යාලුවෙක් එක්ක අලුත් Phone එකක් ගැන, අලුත් Monitor එකක් ගැන, Tv එකක් ගැන ටිකක් Chat කරල Facebook, Instagram ගිහින් බලන්න, එතකොට ඔයාට කළින් Chat එකට අදාලව Adds ගොඩක් පෙන්නයි.
ලෝකයෙ දැනට ධනවත්ම පුද්ගලය වෙන Elon Musk පවා මෙ වෙද්දි කියන්නෙ Whatsapp වලින් අයින් වෙලා Signal Massenger App එක භාවිත කරන්න කියල. එ වගේ ම twitter වල Mark Zuckerberg ව උපහාසයට ලක් කරල තිබුන(Meme). 2018 වෙනකම් Tesla, Space X සමාගම් වලට නිළ Facebook Page තිබුනත් Elon Musk මේ සියල්ලම ඉවත් කරන්න නියෝග කරා. එතනින් පස්සෙ Space X , Tesla වලට Facebook Pages තිබුනෙ නෑ. එ වගේ ම 2020 වසරෙ පෙබරවාරි මාසෙදිත් "සමාජ මාධ්‍ය දැවැන්තයා කොර" යනුවෙන් පවසමින් Musk විසින් Zuckerberg ව උපහාසයට ලක් කර තිබුනා.....
ඉතින් සරලව මේක තමයි අලුත්ම Whatsapp ක්‍රියාවලිය. ආයිත් එ ගැන කියනව නම් අපේ තොරතුරු Facebook හා ඊට අදාළ සමාගම් එක්ක Share වෙනව කියන එක. මේකෙන් ඔයාලට ලොකු අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව..
from : fb