තවමත් නොවිසදුනු නොයිඩා ද්විත්ව ඝාතනය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවමත් නොවිසදුනු නොයිඩා ද්විත්ව ඝාතනය

    2008 වසරේ ඉන්දියාවේ නොයිඩා ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනය නැවතත් ඉන්දියාව පුරා දැඩි කතාබහට ලක්වුයේ පසුගියදා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමගිනි. තවමත් අභිරහසක්ව පවතින මෙම ඝාතන පිළිබදව මේ ලිපියෙන් ඔබට දැනගැනීමට හැකි වනු ඇත.
    පසුබිම

    2008 වසරේ මැයි මස 16 වන දින උදෑසන රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් හට 14 වියේ සිටි ඔවුන්ගේ දියණිය වූ අරුශි තල්වාර් හමුවන්නේ ඇගේ ඇඳ මත ඝාතනය කර තිබියදී ය. හිසට මොට ආයුධයකින් පහර දී තියුණු ආයුධයකින් ගෙල කපා ඇයව ඝාතනය කොට තිබිණි. නිවාස සංකීර්ණයක ඉහළ මහලක තිබූ නිවාසයට කිසිදු පිටස්තර පුද්ගලයෙකු ඇතුල් වූ බවට සාක්‍ෂි නොවීය. ප්‍රාදේශීය පොලිසිය පැමිණ කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ අතර පළමුවෙන් ඔවුන්ගේ සැකය යොමුවූයේ නිවසේ ස්ථිර සේවකයා වූ හේමරාජ් වෙතය. මේ වන විට ඔහු අතුරුදන්ව සිටි නිසා පොලිස් සැකය වඩාත් තහවුරු කරමින් මිනීමැරුම සම්බන්ධයෙන් හේමරාජ් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් විය.
    Photo-1.png

    තල්වාර් නිවසේ සැලැස්ම හා එදින හමුවූ සාක්ෂි

    කෙසේ වුවද තත්ත්වය වඩාත් සංකීර්ණ කරමින් පසුදින හේමරාජ්ගේ හදුනාගත නොහැකි වන තරමට පහර දී ඝාතනය කරන ලද සිරුර හමුවන්නේ නිවස සංකීරණයේ ඉහළම මහලේ විවෘත සදළුතලයේ තිබියදීය. අරුශි තල්වාර් පරිදිම හේමරාජ් ඝාතනය කර තිබුනේ ද හිසට මොට ආයුධයකින් පහරදී තියුණු ආයුධයකින් ගෙල කපා දමාය. පොලිස් පරීක්ෂණ කණ්ඩායමට එම මහලේ බිත්තිය මත මිනීමරුවාගේ කියා සැක කළ හැකි අත්ලක සලකුණක් හා තවත් සාක්ෂි හමුවුවද ඒ පිළිබද ඔවුන්ගේ අවධානය හරිහැටි යොමු නොකරන්නේ ඔවුන්ගේ තිබූ නොසැලකිල්ල නිසාය.
    දෙමව්පියන් වෙත සැකය යොමු වීම

    තල්වාර් නිවසේ පදිංචිව සිටි හතරදෙනාගෙන් දෙදෙනෙකුම සහාසික ලෙස ඝාතනය වෙද්දී රාජේශ් හා නුපුර් තල්වාර් වෙත සැකය යොමු වන්නේ නිතැතිනි. තම දියණිය නිදා සිටි කාමරයට අනෙක් පස කාමරයේ සිටියදී තම දියණිය ඝාතනය වන තුරුත් අවදි නොවීම පිලිබදව සැකය තදින්ම ඔවුන් වෙත එල්ල විය. නමුත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසා සිටියේ ඔවුන්ගේ කාමරයේ වායු සමීකරණ යන්ත්‍ර අධික ශබ්දයෙන් ක්‍රියාත්මක වන බවත් එම නිසා පිටත කිසිදු ශබ්දයක් ඔවුන්ට නොඇසෙන්නට ඇතැයි කියාය. පොලිස් පරීක්ෂණ වලට අනුව ඝාතන දෙක සිදුවන්නේ රාත්‍රී 12 ත් 1 ත් අතරය. ඒ වන විට තමන් නිදා සිටි බවට රාජේශ් තල්වාර් සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේය. තවද, වෙනදා දියණියගේ කාමරයේ යතුර රාජේශ් තල්වාර් නිදා ගන්නා කාමරයේ තබා ගන්නා බවත් අරුශි තල්වාර් ඝාතනය වූ දින යතුර දියණියගේ කාමරයේ දොරේ තිබී ඇති බව පරීක්ෂන වලින් සොයා ගැනිනි. නමුත් එයටද නුපුර් තල්වාර් සාක්ෂි දෙමින් පවසා සිටියේ තම දියණියගේ කාමරයේ තිබූ අන්තර්ජාල රවුටරය ක්‍රියාත්මක කර එද්දී තමන්ට යතුර නැවත ලබා ගැනීමට අමතක වන්නට ඇති බවය. මේ අතර අරුශි හා හේමරාජ්ගේ ලේ සහිත ඇගිලි සලකුණු ඇති විස්කි බෝතලයක්ද හමුවන්නේ නිවසේ කැම කාමරයේ තිබියදීය.
    Photo-31.jpg

    රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් (www.indianexpress.com )

    තත්ත්වය මෙසේ තිබියදී පොලිස් කණ්ඩායම අවසන් නිගමනයකට එමින් පවසා සිටින්නේ මෙම ඝාතන සිදුකර ඇත්තේ රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් බවය. පොලිසියට අනුව අරුශි හා හේමරාජ් අතර තිබූ අයතා සම්බන්ධයක් එදින රාත්‍රියේදී රාජේශ් තල්වාර්ට හසුවී එයින් ක්ෂණික කෝපයට පත්ව මෙලෙස පහරදී දෙදෙනාවම ඝාතනය කරන්නට ඇතැයි කියාය. හේමරාජ්ගේ සිරුර ඉහළ මහලට ඇදගෙන ගොස් ගෙල කපා දමා නැවත දියණියගේ කාමරය පැමිණ ඇයගේද ගෙල කපා නුපුර් තල්වාර්ගේ උදව් ඇතිව කාමරය තිබූ පරිදිම සකස් කොට නැවත නිදා ගැනීමට යන්නට ඇති බවත්ය. එසේම ඔවුන් දෙදෙනාම දන්ත වෙද්‍යවරුන් නිසා ඔවුන් සතුව තිබූ ශල්‍ය පිහියකින් තියුණු ලෙස ගෙල කපා දැමීමට හැකි බවත් පොලිසිය ප්‍රකාශ කර සිටියේය. මෙලෙස තම පරීක්ෂණ අවසන් කරමින්, ගෞරවය වෙනුවෙන් (Honor Killing) හා ක්ෂණික කෝපය මත සිදු කරන ලද මිනීමැරුමක් බවට පොලිසිය ප්‍රකාශ කරමින් රාජේශ් හා නුපුර් තල්වාර් දෙදෙනාව අත්ඩංගුවට ගනී. නමුත් මෙම කල්පිතය තහවුරු කර ගැනීමට තරම් ප්‍රභල සාක්ෂි ඔවුන්ට හමුවන්නේ නැත.
    පළමු CIB කණ්ඩායම

    කෙසේ වුවද මෙම ඝාතන සිද්ධිය පිළිබද මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වීමත් සමග පොලිස් පරීක්ෂණ වලින් සැහීමකට පත් නොවූ පිරිස් විසින් එල්ල කරන ලද පීඩනයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියානු මධ්‍යම විමර්ශන අංශය CIB (Central Bureau of Investigation) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරයි. පෙර සාක්ෂි අනුව මෙන්ම ඝාතන වලට අදාල නව සාක්ෂි සොයා ඔවුන් පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.
    පළමුව රාජේශ් හා නුපුර් නිදා සිටි කාමරයේ වායු සමීකරණය පරික්ෂා කොට යන්ත්‍රයේ ශබ්දය සලකා බලා ඔවුන්ගේ ප්‍රකාශය සත්‍ය බවට තහවුරු කර ගනී. එමෙන්ම පොලිස් පරීෂණ වලට අනුව හේමරාජ් හට පහර දුන් බව සැක කෙරුණු අරුශිගේ කාමරයේ තිබී හේමරාජ් හට අයත් කිසිදු ලේ සලකුණක් නොමැති බවට සොයා ගනී. මෙහිදී ඔවුනට නිවසේ සේවක හේමරාජ්ගේ කාමරය වෙත අවධානය යොමුවේ. ඔහුගේ කාමරයේ තිබී හිස් වූ මත්පැන් බෝතල් කීපයක් හමුවීමෙන් ඝාතන සිදුවූ දින ඔහු හා තවත් පිරිසක් මත්පැන් බොමින් කාමරයේ සිට ඇති බව අනාවරණය කර ගැනීමට හැකිවේ. මෙමගින් පරීක්ෂණ කටයුතු නව මාවතකට යොමුවන අතර හේමරාජ් සමග කාලය ගත කරන අසල්වැසි නිවෙස් සේවකයින් වන රාජ්කුමාර්, විජය, හා රාජේශ් තල්වාර්ගේ දන්ත සයනයේ සේවක ක්‍රිෂ්ණා සැකපිට අත්ඩංගුවට ගනු ලබයි. ඔවුන් දැඩි ලෙස ප්‍රශ්න කිරීම් වලට භාජනය වන අතර කිසිදු තොරතුරක් ඔවුන්ගෙන් ලබා ගැනීමට නොහැකි වේ. මේ අතර ක්‍රිෂ්ණගේ කාමරය පරික්ෂා කිරීමේදී ලේ තැවරුණු කුක්රි නම් පිහියක් හා ලේ සහිත කොට්ට උරයක් හමුවේ. නමුත් තාක්ෂණික දෝෂයක් නිසා එයින් හරිහැටි DNA තොරතුරු ලබා ගැනීමට නොහැකි වී යයි.
    Photo-41.jpg

    ඝාතනය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් ක්‍රිෂ්ණා,රාජ්කුමාර් හා විජය (www.outlookindia.com)

    තම පරීක්ෂන අත් නොහරින CIB කණ්ඩායම සියලුම ඝාතන සැකකරුවන් මත් පරීක්ෂණයකට (Narco Test) යොමු කරනු ලබයි. මෙහිදී සැකකරුවන් විවිධ රසායනික මගින් මත් තත්ත්වයක් පත් කොට ප්‍රශ්න කිරීම් කරනු
    ලබයි. රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් වැදගත් කිසිවක් හෙළි වන්නේ නැත. නමුත් ක්‍රිෂ්ණගෙන් ප්‍රශ්න කිරීමේදී තමා විසින් සිදු කල ඝාතන හෙළිකිරීමට පටන් ගනී. ඔහුගේ ප්‍රකාශයට අනුව
    එදින රාත්‍රියේ ක්‍රිෂ්ණා රාජ්කුමාර් විජය හා හේමරාජ්, ඔහුගේ කාමරයේ මත්පැන් පානය කරමින් සිටි අතරතුර මත්පැන් අවසන් වීම නිසා ඔවුන් තල්වාර් නිවසේ ඇතුලත තිබු විස්කි බෝතලයක් ගැනීමට ගොස් ඇත. හේමරාජ් විස්කි බෝතලය සොයන විට ක්‍රිෂ්ණා අරුශිගේ කාමරය වෙත ගොස් යතුර දොරේ තිබූ නිසා එය විවෘත කර අරුශි නිදා සිටි ඇද අසලට අනෙක් දෙදෙනා සමග ගොස් ඇත. නොනිදා සිටි අරුශි මෙය දැක කෑ ගසන්නට වූ අතර ක්‍රිෂ්ණා ඔහු අත තිබූ කුක්රි පිහියේ මිටෙන් හිසට කීපවරක් පහර දීමෙන් පසු අරුශි ඇඳ මතටම ඇද වැටෙන අතර හේමරාජ් එම කාමරයට පැමිණ තම ස්වාමියාගේ දියණියට සිදු කල අපරාධයට කෝපයට පත්වී කෝලාහල කිරීමට පටන් ගනී. ඔහුව අස්වැසීමට ක්‍රිෂ්ණා ඇතුළු අනෙක් දෙදෙනා හේමරාජ්ව නිවසේ ඉහළ මහලට කැදවාගෙන යන අතර එහිදී ඔහුටද කුක්රි ආයුධයෙන් හිසට පහරදී එයින්ම ගෙල තියුණු ලෙස කපා දමා මරා දමයි. නැවතත් අරුශිගේ කාමරයට පැමිණ ඇයගේද ගෙල තියුණු ලෙස කපා දමයි. පසුව නිවසින් හමුවූ විස්කි බෝතලයෙන් මදක් බී එය මේසය මත තබා නිවසෙන් පිටව යයි.
    කීප වරක් වෙනස් කරමින් ක්‍රිෂ්ණා සිදුකරන ලද මෙම ප්‍රකාශය දැඩි මතබේදයකට හා ආන්දෝලනයට තුඩු දෙන්නක් විය. මත් අවස්ථාවක මෙම ප්‍රකාශය සිදු කිරීම නිසා මෙහි නිරවද්‍ය භාවය ගැන සැක පල කළ අතර අධිකරණය මෙම ප්‍රකාශය ඉවත දමන ලදී. මෙය මානව අයිතීන් උලංගනයක් ලෙස සලකා සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් බලපෑම් කල අතර එයින් CIB කණ්ඩායමට සේවකයින් තිදෙනාම නිදහස් කිරීමට සිදුවිය.
    Photo-51.jpg

    ඝාතනයට යොදා ගන්නට ඇතැයි සැක කෙරෙන කුක්රි පිහිය

    දෙවන CIB කණ්ඩායම

    මෙම අභිරහස විසදීමට නොහැකි වීම නිසා එය ඉක්මනින් විසදා අවසන් කිරීමට තවත් CIB කණ්ඩායමක් පත්කරනු ලබයි. නව කණ්ඩායම පරීක්ෂණ මෙහෙයවුවත් කිසිදු අලුත් සාක්ෂියක් නොලැබෙන නිසා ඔවුන් පොලිසිය පරිදිම දෙමව්පියන් වෙත ඝාතන චෝදනා එල්ල කරයි. ඊට සාක්ෂියක් ලෙස රාජේශ් තල්වාර් සතු ගොල්ෆ් පිත්තක් මරණ සිදු කල ආයුධය බවට පෙන්වයි. කෙසේ වුවද මෙහි ඔවුන්ගේ මෙම උත්සාහය දැඩි ලෙස දෝෂාරෝපනයට ලක් කරන අධිකරණ රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් හට ඝාතන චෝදනා එල්ල කොට නඩු විභාග කටයුතු ආරම්භ කරයි. 2013 නොවැම්බර් මස 25 දින මිනීමරුම් චෝදනාවට රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් ජීවිතාන්තය දක්වා වරදකරුවන් කරනු ලබයි.
    අවසන් අධිකරණ තීන්දුව

    එම තීන්දුව අභියෝගය ලක් කරන රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් 2014 ජනවාරි මස අලහබාද් මහා අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරයි. මෙහිදී අධිකරණය සියලු සාක්ෂි නැවත විමසා බලන අතර එයින් කරුණු කීපයක් ගැන විශේෂ අවදානයක් යොමු කරයි. මාරායුධය ලෙස සැලකෙන ගොල්ෆ් පිත්තෙන් කිසිදු සාක්ෂියක් නොලැබෙන අතර රාජේශ් තල්වාර් ඇද සිටි ඇදුම් වලින් හේමරාජ් ඝාතනය කල බවට කිසිදු සාක්ෂියක් හමු නොවේ. එමෙන්ම තම 14 හැවිරිදි දියණිය හා සේවකයා කෲර ලෙස මර දැමීමට තරම් චේතනාවක් රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් හට තිබූ බවට සාක්ෂියක් නොලැබේ.
    අවසානයේ ඝාතනය සිදුවී වසර 9 කට පසු, 2017 ඔක්තෝබර් මස 12 වන දින සිද්ධිය පිලිබදව දීර්ඝ සමාලෝචනයක් සිදු කරන අධිකරණය ඝාතන චෝදනාවට අදාලව ප්‍රමාණයත් සාක්ෂි නොමැති නිසා රාජේශ් තල්වාර් හා නුපුර් තල්වාර් නිදොස් කොට නිදහස් කර මෙය නොවිසදුනු අභිරහසක් හැටියට නම් කොට නඩු විභාගය නිමා කරයි.



     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔය කෙල්ලවයි වැඩකාරයවයි මැරුවෙ වැඩකාරයා එක්ක බියර් බොන උගෙ යාලුවො . ඒත් ඔප්පු කරගන්න බැරි වුනා.
    කාල බීල වෙරි උනාම එවෙලෙට හිතෙන දේ කරනවා.
    රත්නපුරෙ ගාමන්ට් කෙල්ලෙක් මරල දැම්ම ඒකිගෙ ගෙවල් ගාව කොල්ලො දෙන්නෙක්. මුන් අඩියක් ගහ ගහ මැච් එක බලල ගෙදරින් පහලට බැහල එනකොට එහා ගෙදර අක්ක එනවලු වැඩ ඇරිලා. මුන් එවෙලෙට ආපු ෆන් එකට අක්කව රේප් කරල මරලා. ඒ වගෙ තමා කලින් කිසිම අදහසක් නොතිබුණත් බිව්වට පස්සෙ කරන දේවල් ගැන පසුතැවිලි වෙන්නෙ වෙරි හිදුනාම.
    Talvar මුවි එක බලපල්ල.
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පෝරිසාදයා;23442990 said:
    ඔය කෙල්ලවයි වැඩකාරයවයි මැරුවෙ වැඩකාරයා එක්ක බියර් බොන උගෙ යාලුවො . ඒත් ඔප්පු කරගන්න බැරි වුනා.
    කාල බීල වෙරි උනාම එවෙලෙට හිතෙන දේ කරනවා.
    රත්නපුරෙ ගාමන්ට් කෙල්ලෙක් මරල දැම්ම ඒකිගෙ ගෙවල් ගාව කොල්ලො දෙන්නෙක්. මුන් අඩියක් ගහ ගහ මැච් එක බලල ගෙදරින් පහලට බැහල එනකොට එහා ගෙදර අක්ක එනවලු වැඩ ඇරිලා. මුන් එවෙලෙට ආපු ෆන් එකට අක්කව රේප් කරල මරලා. ඒ වගෙ තමා කලින් කිසිම අදහසක් නොතිබුණත් බිව්වට පස්සෙ කරන දේවල් ගැන පසුතැවිලි වෙන්නෙ වෙරි හිදුනාම.
    Talvar මුවි එක බලපල්ල.


    Talvar :yes::yes:
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Rep 8+
    Talvar movie eka balapnn tawa Aarushi (Avirook Sen) kiyna book ekath balpn eke thiyenawa complete kathawa :yes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Movies 2k thibba talvar ekai thawa ekakui



    anik eke nam thanikarama fiction ekak :yes::yes:



    Talvar nam True Story 99% ;);)
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අර බන් ටීවී එකේ මර්ඩර් එකක් ගැන කියනකොට හෙනට බර කරලා කියන්නේ "අපරාදයක් කරලා හැමදාම සැගවිලා ඉන්න බෑ" කියන කථාව බොරු නේ බන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අර බන් ටීවී එකේ මර්ඩර් එකක් ගැන කියනකොට හෙනට බර කරලා කියන්නේ "අපරාදයක් කරලා හැමදාම සැගවිලා ඉන්න බෑ" කියන කථාව බොරු නේ බන්

    සැගවිලා නෑ බන්. වැඩකාරයගෙ යාලුවො සෙට් එක ගේම දුන්න කියල පොලිසියත් දන්නවා.
    ඒත් මුලින්ම අපරාදෙ වෙච්ච තැනට එන පොලිස් කාරයන්ගෙ නූගත්කම /නොසැලකිල්ල නිසා වැදගත් සාක්කි විනාස වෙනවා.
    Crime scene එකට වටේම මිනිස්සු ඇවිත් පොරකනව බලන්න. ඇගිලි සලකුණු , ලේ තැවරුණු අල්ල සටහන් කාගෙද කියල හියාගන්න බැරි වෙන්නම බලන්න එන crowd එක නිසා සාක්කි විනාස වෙනවා.
    Indian CIB එකෙ ලොක්කො අතරෙ ක්ඹ ඇදිල්ල නිසා පරික්ශ්ණ හරියට කරගෙන නිලදාරියව කේස් එකෙන් අයින් කරනව.
    පස්සෙ පොලිසියත් උන් ශෙප් වෙන්න වැරැද්ද දෙමව්පියෝ පිට පටවනව. ඇත්ත මිනිමරුවො නිදහස් වෙනවා. Talvar මුවි එක බලපන්.
    Noida double murder case කියල Documentary එකකුත් තියෙනවා ඒකත් බලපන්

    මිනිමරුවන්ට drugs දිල සාක්කි ගන්න එකේ වීඩියෝ තියෙනවා youtube බලපන්.
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow oya film eka nan hayyooo,, karima upset ban eke antima tika :/





    ekko a gedara un hadda gon ohoma wada karayo gewal athul wala thiyan nidiyanawada ban.. habay a gedara eka unta pattama adarey.. ekay kellata gahuwama u adala mala huttk krna yanawa..

    ekay uwa maranne..






    oka karanne ara eha gedara inna hukanna..

    u tama amba dasaya..











    anika otana isselama pariksha karanna apu moda hukana
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Indian polisiye noselakilla ha nohekiyawa thamai meken penne. E athin ape polisiya idiriyen innawa balawathekge balapemak nethnam.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    Drug ටෙස්ට් එකේදී ඇත්ත කිව්ව එකයි අනිත් උනුයි පස්සේ හොඳ සිහියෙන් ඉද්දි පාපොච්චාරණයක් ගන්න තිබ්බනෙ වෙච්ච දේ දන්නව, මේකයි වුණේ, තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කිව්වොත් රජයේ සාක්කිකාරයෙක් කරගෙන ලිහිල් දඬුවමක් දෙනව කියල :nerd: