තවමත් විකිණෙන ගාලු උරුමය
ක්‍රි. ව. 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි නාවිකයෝ පිරිසක් ලංකාවට ගාලු වරායෙන් ගොඩබෑහ. ටික කලකට පසු ගාල්ලේ බළකොටුව ඉදිකරන ලදී. ඔවුන් එය FORTALEZA ලෙස හඳුන්වා ඇත.
ගාල්ල වරායට මුහුණලා තුන් පැත්තකින් මුහුදින් වටවී ඇති රමණීය බිම් පෙදෙසක ඉදිකළ කොටුව ඔවුන්ගේ පාලන කටයුතු සඳහා කේන්ද්‍රස්‌ථානය විය. නාවික ගමන් සඳහා පහසු තැනකි.

වර්ෂ 1640 දී ලන්දේසීන් විසින් පෘතුගීසීන්ට අයත්ව තිබුණ ගාලු කොටුව යුදකොට අත්පත් කර ගන්නා අතර ඉන්පසු මුර අට්‌ටාල වලින් සහ සුවිශේෂී වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණවලින් යුක්‌ත ගාල්ල කොටුව නිර්මාණය කෙරේ.
1815 දී ලක්‌දිව යටත් කරගන්නා ඉංග්‍රීසීන් 1948 වනතෙක් ගාල්ල කොටුව පරිපාලන මූලස්‌ථානයක් වශයෙන් භාවිතයට ගන්නා ලදී.
ගාල්ල ඓතිහාසික මෙන්ම ස්‌වාභාවික සුන්දරත්වයෙන් යුත් නගරයකි. දකුණු පළාතේ අගනුවරයි. රූමස්‌සල කඳුවැටිය මෙන්ම පුළුල්ව පැතිරී ඇති දර්ශනීය වෙරළ තීරය, බොනවිස්‌ටා කොරල්පරය ස්‌වාභාවික වරාය ධීවර තොටුපළ මෙන්ම කොටුපවුරද ගාල්ලේ අගය ලෝක සත්වයාහට නෙත ගැටීමට හේතු විය.
ගාලු කොටුපවුර 1871 දී පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය විසින් 1988 දී ගාලු කොටුව ලෝක උරුම ස්‌ථානයක් බවට පත්කර ඇත. මුර අට්‌ටාල 14 කින් සමන්විත ගාලු කොටුපවුර ගණ්‌ඨාර කුලුන, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරැණි ලන්දේසි රෝහල, වර්ණවත් වීදුරු කවුළු කළු කොටුව, ඕලන්ද දේවස්‌ථානය ඇතුළු ආගමික ගොඩනැඟිලි, පල්දොaරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් දැකිය හැකිය.
ගාලු කොටුව අක්‌කර 90 කින් යුත් භූමියකි. කොටු පවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3 කට ආසන්නය. ගාලු කොටුවේ උසම ස්‌ථානය ලෙස සැලකෙන සඳමුර අට්‌ටාලයේ උස අඩි 50 - 70 ත් අතරය.
ශ්‍රී සුධර්මාරාම විහාරය බොදු බැතිමතුන්ගේද මුස්‌ලිම් පල්ලිය ඉස්‌ලාම් බැතිමතුන්ගේද ආගමික කටයුතුවලට යොමු වේ. සවුත්ලන්ඩ් විද්‍යාලයේ 5000 ක් පමණ සිසුවියන් අධ්‍යාපනය ලබන අතර සිසුහු 2000 ක් පමණ ගාල්ල කොටුවේ ඕල්සන්ස් විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරති. එදා මෙදාතුර මේ විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් ලක්‍ෂ ගණනකි. ශ්‍රී ලාංකිකයන්ගේ නිජ බිමක් වී තිබුණ ගාල්ල කොටුව දිනෙන් දින බටහිර ජාතිකයන්ගේ පාරාදීසයක් වන අයුරු දිවයින කළ සොයා බැලීමකදී කරුණු අනාවරණය විය.
පැරැණි ලන්දේසි රෝහල් ගොඩනැඟිල්ලේ පිහිටුවා තිබෙන ගාලු උරුමය පදනමේ සභාපති ගාල්ල නාගරික මන්ත්‍රී පරාක්‍රම දහනායක මහතා "දිවයින"ට අදහස් දක්‌වමින් කොටුවේ වර්තමාන තත්ත්වය ගැන මෙසේ කියන්නට විය. ජාතික උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති ගාලු උරුමය පදනම 1994 අංක 7 දරන පාර්ලිමේන්තු පනතින් ස්‌ථාපිත කරන ලද්දක්. ගාල්ල කොටුපවුර මෙන්ම ගාල්ල කොටුව ප්‍රදේශයේ ඓතිහාසික උරුමයන් සුරැකීම අප ආයතනයේ ප්‍රධාන කාර්යයක්. ශ්‍රී ලංකා - නෙදර්ලන්ත සංස්‌කෘතික සහයෝගිතා වැඩසටහන යටතේ 2010 වනතෙක් ව්‍යාපෘති 4 ක් යටතේ කොටුව ප්‍රදේශයේ අවශ්‍යතා ඉටුකළා. රුපියල් මිලියන 300 කට වැඩියෙන් වියදම් කර තිබෙනවා. පෞද්ගලික නිවාස 55 ක් සංරක්‌ෂණය කළා.
ඒ සඳහා මිලියන 45 ක් වැය කළා. පෞරාණික වටිනාකමක් තියෙන අන්දමට විශේෂයෙන් පැරැණි ගෙවල්වල මුහුණත ප්‍රදේශය සකස් කරවන්නට පියවර ගත්තා. ඔහු මෙසේද කීවේය.
ශ්‍රී ලාංකිකයින් මේ ගෙවල් විදේශිකයන්ට විකුණා වැඩි මුදලක් ලබා ගන්නවා. මේ වන විට සියයකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා යුරෝපීය ජාතිකයන් ගෙවල් මිලදී ගෙන. ඒ අය මේ ගෙවල් යොදාගෙන සංචාරකයන්ට බදුදී හොඳ ආදායමක් ලබනවා. මිලියන ගණන් වියදම් කරලා නිවාස සංවර්ධනය කර තිබෙනවා. විදේශිකයන්ට ගෙවල් විකුණන එක අපට නවත්වන්න බැහැ. ඒක නිවාස හිමි අයගේ පෞද්ගලික වැඩක්. ඒ දවස්‌වල නම් නීති දැඩිව තිබුණා. ඒ විකුණ ගෙවල්වලින් 100% ක බද්දක් ගත්තා. පසුගිය අයවැයෙන් ඒ බදුත් ඉවත්කරලා දැන්නම් මුල් පදිංචිකාරයන් ඉන්නේ ටික දෙනයි. ඒ අයට මේ ගෙවල් නඩත්තුකර ගෙන යන්න බැහැ. අපේ පදනමට ඒ අයට උදව් කරන්නත් අමාරුයි.
ගාල්ලේ කොටුවේ පදිංචිව සිටි දැනට ගාල්ල කොටුවෙන් පිටත ගාලු නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටිනා කීප දෙනෙක්‌ම අපට මෙසේ කීහ. අපි දැන්ගොඩ. එදා කොටුවට කොටුවී හිටියා. දැන් නිදහසේ දෙයියනේ කියලා ජීවත් වෙනවා. ගෙවල් විකුණලා පොහොසත්වූ මේ අය කියන්නේ දැන් අපට කොටුවේ පදිංචි සහතික නැහැ. අපේ දරුවන්ගේ දරුවන්ට කොටුවේ සවුත්ලන්ඩ් වැනි පාසල්වලට ඉල්ලුම් පත්‍රයක් නම් දමාගන්නට බැරිවන බවකි.
දැන් ගාල්ල කොටුව පුංචි එංගලන්තයක් වැනිය. සංචාරකයන්ගෙන් පිරී ඇත. පසුගිය ජාත්‍යන්තර ක්‍රිකට් දිනයන්හි විදේශිකයන් ලෙසත් ගාල්ල කොටුවේ නිවාඩු නිකේතනවල තාවකාලිකව නැවතී සිටි අන්දම ගැන සිතන විට ඒ අයට උණවටුනට, හික්‌කඩුවට, බෙන්තොටට නොගොස් ගාල්ල කොටුවේම නතරව සිට ක්‍රිකට් තරග නැරඹීමට හැකිවිය. බොහෝ අය කොටුපවුර මත සිටම ක්‍රිකට් තරග දැකබලා ගත්හ.
ගාල්ලේ කච්ෙච්රිය, අධ්‍යාපන කාර්යාලය, තැපැල් කාර්යාලය වැනි රජයේ ආයතනයන් ගාල්ල කොටුව ප්‍රදේශයෙන් පිටත ස්‌ථානවලට ගෙන ගොස් ඇත. උසාවි සංකීර්ණයද අමරසිරි දොඩංගොඩ ඇමැතිවරයාගේ කාලයේ සිටම නගරයෙන් පිටතට ගෙනයැමට කතිකා කෙරේ. සවුත්ලන්ඩ් විද්‍යාලයද වෙනත් තැනකට ගෙනයන්නට යෝජිතය. කොටුව ප්‍රදේශයේ තිබුණ රජයේ ආයතන මෙන්ම මුල් පදිංචිකරුවන්ගේ වාසභූමිද මේ අන්දමට හිස්‌කර දමන්ගේ ගාල්ල කොටුව ප්‍රදේශය විදේශිකයන්ට විකුණා දමන්නද, මේ වින්නැහිය ගැන ගාලු උරුමය පදනමේ අයට පමණක් තනිව කතා කළ නොහැකිය. රටේ ජාතික උරුමයන් ගැන සමස්‌ත රට වැසියාම එක්‌වී කතා කළ යුතු ප්‍රශ්නයකි.
මැතිවරණවලට පෙර වේදිකාවල උගුරේ ලේ රස වනතෙක් කතා කළ උදවිය බඩගෝස්‌තරවාදීන් ලෙස රටේ සම්පත් උරුමයන් විකුණාගෙන කන්නේ නම් කාට කරුණු කියන්නද? වැටත් නියරත් දෙකම ගොයම් කන්නේ නම් පඹයාට කළ හැකි දෙයක් නැත. සිංහරාජය විදේශිකයන්ට විකුණනවා. ගාල්ල කොටුවටත් වෙන්නේ ඒ ටික තමයි. එදා ජනතාවට කරුණු කියනලද අයුරු අපට අමතක නැත.
ගාල්ල කොටුව ගැන කොටු පවුර ගැන සොයා බලන්නට පුරාවිද්‍යා, නිලධාරීන් ඇත. නාගරික සංවර්ධන අධිකාරියක් තිබේ. මධ්‍යම පරිසර අධිකාරියක්‌ද මධ්‍යම සංස්‌කෘතික අරමුදල්ද තිබේ. වත්ත බද්දට දී ඇස්‌සට දත නියවන්නට සිදුව තිබෙන අන්දම ගැන කියන්නට සිදුව ඇත. කොටුව විකුණාගෙන කෑමෙන් අපේ උරුමය නැති වේ. විදේශිකයන්ට රටේ දේපළ විකිණීමේදී ඇතිකළ ලිහිල් ප්‍රතිපත්ති ගැන නැවත වතාවක් කල්පනා කළ යුතුව ඇත. මේ රටේ ඉපදී විදේශීය රටවලින් පුරවැසිභාවය ලබාගෙන රටින් පනින ඇත්තන්ට රට ගැන හැඟීමක් නොමැත. දේශප්‍රේමී රටවැසියනි ගාල්ල කොටුව ප්‍රදේශයේ පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් එදා කළ සංවර්ධන කටයුතු නිදහසින් පසු කොතරම් දුරට සංවර්ධනය කළේද? එහි පදිංචිව සිටි අයට කොටුවෙන් පිටතට ඉවත්ව යැමට සිදුවූයේ කාගේ වරදක් නිසාද? තවදුරටත් කල් නොදමා ගාල්ල කොටුව ප්‍රදේශය විදේශීය නතුවීමෙන් රැකගත යුතුව ඇත.
අක්‌මීමන - කේ. මතිලාල්