තවමත් විකිණෙන සරාගී ගිණිසිළුව

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    තවමත් විකිණෙන සරාගී ගිණිසිළුව

    මැර්ලීන් මොන්රෝ කියන අසහාය හොලිවුඩ් තාරකාව මිය ගිහින් ලබන අගෝස්තු 5 වැනිදා ට වසර 39 ක් පිරෙනවා. ඇය පෙනී සිටි අතිශ්‍ය සරාගී දර්ශන ඇතුලත් දුර්ලභ කෙටි චිත්‍රපටයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට එක්තරා සමාගමක් සූදානම් වනවා.
    නිළියක්, නිරූපිකාවක් වගේම ගායිකාවක් ලෙසත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික සිත් වශී කරන්නට මැර්ලීන්ට හැකි වුණත් වයස අවුරුදු 36 දී ඇය සියදිවි නසාගෙන මිය යන මොහොත දක්වා ගත කළේ අනේක විධ දුක් කම්කටළු පිරි ජීවිතයක්.

    01.jpg


    මෙම අතිශ්‍ය සරාගී දර්ශන ඇතුලත් විනාඩි 6ක දුර්ලභ කළු සුදු කෙටි චිත්‍රපටය පිළිබද මුලින් ම තොරතුරු අනාවරණය වී ඇත්තේ 1997 වර්ශයේ දීයි. මෙම දර්ශන වල පෙනී සිටින්නේ මැර්ලීන්ම ද යන්න සනාථ කිරීම සදහා ඇමෙරිකානු ෆෙඩරල් පොලිසිය හෙවත් FBI ආයතනය විමර්ශනයක් ද සිදු කර තිබෙනවා. එහිදී සොයා ගෙන තිබෙන කරුණු වලට අනුව මෙය මැර්ලීන් විසින් පෙනී සිටි බවට තහවුරු වී ඇති අතර 1946 ත් 1947 ත් අතර කාලයේදී රූගත කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. හොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර නිරූපිකාවක් ලෙස සිටි අවධියේදී ඇය මෙම දර්ශන වල පෙනී සිටින්නට ඇති බවට සැළකෙනවා.

    02.jpg


    මෙම චිත්‍රපටයේ පිටපත් දෙකෙන් පළමු වැන්න 2001 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේදී බ්‍රිතාන්‍ය පවුම් හත් ලක්ෂ හතලිස් දහසකට එනම් රුපියල් දහතුන් කෝටි විසි එක් ලක්ෂයකට පමණ අලෙවි වුණා. එය මිලදී ගත්තේ මැර්ලීන් රසිකයෙක් වන ධන කුවේරයෙක්. ඔහු සතුව මැර්ලීන් පරිහරණය කළ තවත් බොහෝ දෑ තිබෙන බව එකළ වාර්තා වුණා.

    03.jpg


    next...
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙවර වෙන්දේසිය පවත්වන්නේ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයිරස් නුවර පිහිටි චිත්‍රපට භාණ්ඩ ප්‍රදර්ශන සැණකෙළියකදී යි. වෙන්දේසියේ මූලික ලංසුව බ්‍රිතාන්‍ය පවුම් තුන් ලක්ෂ දස දහසක් එනම් රුපියල් පන් කෝටි පනස් හතර ලක්ෂයක් පමණ වනවා.
    වෙන්දේසි සමාගම පවසන්නේ 2001 දී වෙන්දේසි වූ මුල් පිටපත හා සමානව මෙම පිටපතත් ආරම්භක ලංසුව මෙන් දෙගුණයක මිලක ට අලෙවි වනු ඇති බවයි.


    04.jpg


    1926 ජූනි 1 වැනිදා උපත ලබා 1962 අගෝස්තු 5 වැනිදා මිය ගිය මැර්ලීන් මොන්රෝ ලොව වඩාත් ප්‍රචලිත වුණේ "සරාගී ගිණිසිළුව" යන අන්වර්ථ නාමයෙන්. ඉතා කටුක ළමා වියක් ගෙවූ ඇය ඉතා ළාබාල වියේදීම නිරූපණ කේෂත්‍රයටත් එතැනින් සිනමාවටත් ගායන ලෝකයටත් පැමිණීමට තරම් භාග්‍යවන්ත වුවත් ‍පෞද්ගලික ජීවිතයේදී ඇය අප්‍රමාණ දුක් විදි කාන්තාවක් ලෙස ප්‍රකටයි.

    අමෙරිකාවේ හිටපු ප්‍රකට ජනාධිපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනෙඩි සමග මැර්ලීන් මොන්රෝට පැවති අසම්මත ප්‍රේමය ඇයට නිදි පෙති පානයෙන් ජීවිතයෙන් සමුගැනීමට තරම් වේදනාකාරී වූ බව පොදු පිළිගැනීමයි.


    05.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මමනම් මෙයාට ඇත්තටම කැමතියි,ඔක්කොම වගේ ච්ත්‍රපටි ටික බලලා තියනවා,මෙයා සවුත්තු උනා නම් සවුත්තු කරෙ වටේ හිටපු උදවිය
     
    • Like
    Reactions: nalinweer

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara


    Goodbye Norma Jean
    Though I never knew you at all
    You had the grace to hold yourself
    While those around you crawled
    They crawled out of the woodwork
    And they whispered into your brain
    They set you on the treadmill
    And they made you change your name

    chorus
    And it seems to me you lived your life
    Like a candle in the wind
    Never knowing who to cling to
    When the rain set in
    And I would have liked to have known you
    But I was just a kid
    Your candle burned out long before
    Your legend ever did

    Loneliness was tough
    The toughest role you ever played
    Hollywood created a superstar
    And pain was the price you paid
    Even when you died
    Oh the press still hounded you
    All the papers had to say
    Was that Marilyn was found in the nude

    [repeat chorus]
    Goodbye Norma Jean
    Though I never knew you at all
    You had the grace to hold yourself
    While those around you crawled

    Goodbye Norma Jean
    From the young man in the 22nd row
    Who sees you as something more than sexual
    More than just our Marilyn Monroe

    [repeat chorus]
     
    Last edited:

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83


    Goodbye Norma Jean
    Though I never knew you at all
    You had the grace to hold yourself
    While those around you crawled
    They crawled out of the woodwork
    And they whispered into your brain
    They set you on the treadmill
    And they made you change your name

    chorus
    And it seems to me you lived your life
    Like a candle in the wind
    Never knowing who to cling to
    When the rain set in
    And I would have liked to have known you
    But I was just a kid
    Your candle burned out long before
    Your legend ever did

    Loneliness was tough
    The toughest role you ever played
    Hollywood created a superstar
    And pain was the price you paid
    Even when you died
    Oh the press still hounded you
    All the papers had to say
    Was that Marilyn was found in the nude

    [repeat chorus]
    Goodbye Norma Jean
    Though I never knew you at all
    You had the grace to hold yourself
    While those around you crawled

    Goodbye Norma Jean
    From the young man in the 22nd row
    Who sees you as something more than sexual
    More than just our Marilyn Monroe

    [repeat chorus]

    Shaaa..... Thanx Machoooo
     
    • Like
    Reactions: 001flyD