තවමත් විකිණෙන සරාගී ගිණිසිළුව
මැර්ලීන් මොන්රෝ කියන අසහාය හොලිවුඩ් තාරකාව මිය ගිහින් ලබන අගෝස්තු 5 වැනිදා ට වසර 39 ක් පිරෙනවා. ඇය පෙනී සිටි අතිශ්‍ය සරාගී දර්ශන ඇතුලත් දුර්ලභ කෙටි චිත්‍රපටයක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට එක්තරා සමාගමක් සූදානම් වනවා.
නිළියක්, නිරූපිකාවක් වගේම ගායිකාවක් ලෙසත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික සිත් වශී කරන්නට මැර්ලීන්ට හැකි වුණත් වයස අවුරුදු 36 දී ඇය සියදිවි නසාගෙන මිය යන මොහොත දක්වා ගත කළේ අනේක විධ දුක් කම්කටළු පිරි ජීවිතයක්.
මෙම අතිශ්‍ය සරාගී දර්ශන ඇතුලත් විනාඩි 6ක දුර්ලභ කළු සුදු කෙටි චිත්‍රපටය පිළිබද මුලින් ම තොරතුරු අනාවරණය වී ඇත්තේ 1997 වර්ශයේ දීයි. මෙම දර්ශන වල පෙනී සිටින්නේ මැර්ලීන්ම ද යන්න සනාථ කිරීම සදහා ඇමෙරිකානු ෆෙඩරල් පොලිසිය හෙවත් FBI ආයතනය විමර්ශනයක් ද සිදු කර තිබෙනවා. එහිදී සොයා ගෙන තිබෙන කරුණු වලට අනුව මෙය මැර්ලීන් විසින් පෙනී සිටි බවට තහවුරු වී ඇති අතර 1946 ත් 1947 ත් අතර කාලයේදී රූගත කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. හොලිවුඩ් සිනමාවට පිවිසීමට පෙර නිරූපිකාවක් ලෙස සිටි අවධියේදී ඇය මෙම දර්ශන වල පෙනී සිටින්නට ඇති බවට සැළකෙනවා.
මෙම චිත්‍රපටයේ පිටපත් දෙකෙන් පළමු වැන්න 2001 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේදී බ්‍රිතාන්‍ය පවුම් හත් ලක්ෂ හතලිස් දහසකට එනම් රුපියල් දහතුන් කෝටි විසි එක් ලක්ෂයකට පමණ අලෙවි වුණා. එය මිලදී ගත්තේ මැර්ලීන් රසිකයෙක් වන ධන කුවේරයෙක්. ඔහු සතුව මැර්ලීන් පරිහරණය කළ තවත් බොහෝ දෑ තිබෙන බව එකළ වාර්තා වුණා.
next...