තව ගැසට්ටුවක් අවලංගුයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොකක් උනත් මේක නම් හොද ගැසට් rivers එකක්
    අපිටත් respect ස' කියන්න පුළුවන් :yes: :yes:




    පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

    දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

    මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය.

    දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බව ය.

    තම අමාත්‍යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්‍ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

    – අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    මොකක් උනත් මේක නම් හොද ගැසට් rivers එකක්
    අපිටත් respect ස' කියන්න පුළුවන් :yes: :yes:






    – අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    kalin gazzet eka nam parana ekakne. eeka me anduwenma gahapu ekak rivers kala neweyne. den gahapu eka thawa dawas deka thunakin rivers weyda?